ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
විශ්‍රාම දිවිය | බරපතල රෝගාබාධ රැකවරණය
කල්පිරීමේදී උපරිම වයස
ලබාගත හැකි වයස් සීමාව
ලබාගත හැකි ආකාරය
විශ‍්‍ර‍්‍රාමය පිළිබඳ අපගේ සිහින සහ බලාපොරොත්තු විවිධාකාරයි. අප කවුරුත් කැමති අද දින භුක්ති විඳින්නාවූ සුන්දර ජීවිතය එ ආකාරයෙන්ම අනාගතයේදීත් පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ අත්දකින්නට සිදුවන අනපේක්ෂිත තත්ත්වයන් ඉදිරියේ දී කිසිවකුටත් බරක් නොවී ඒවාට මුහුණදීමටයි. මේ නිසාම තමයි අපට අද වගේම විශ‍්‍ර‍්‍රාමයේදීත් මාසික ආදායමක් අතිශය වැදගත් වන්නේ.
AIA Smart Pensions ඔබගේ විශ‍්‍ර‍්‍රාමය සඳහා ආදායමක් තහවුරු කරනවා. එපමණක් නොව ඉහළ යන ජීවන වියදම් මධ්‍යයේ පවා ඔබට සුපුරුදු ජීවන රටාව එලෙසින්ම පවත්වා ගැනීම සඳහා ඔබට අත්වැලක් වෙමින් ඒ ආදායම වසරක් පාසා වර්ධනය කරනවා. AIA Smart Pensions විශ්‍රාමයෙන් පසුත් සැමදාමත් සිත්සේ ඔබට ජීවිතය ගත කිරීමට අවශ්‍ය මග පාදා දෙයි.
විශ්‍රාමය සඳහා අරමුදලක් | වර්ධනය වන මාසික විශ්‍රාම ආදායමක්
සෑම වසරකම ඔබේ විශ්‍රාම අරමුදලට වර්ධනයක් අත්කර දීමට අපගේ විශේෂඥ අරමුදල් කළමණාකරුවන් ක්‍රියා කරයි. එපමණක් නොව ඔබේ විශ්‍රාම අරමුදලට අමතර වර්ධනයක් ලබා දීම සඳහා ඔබේ මූලික වාරිකය මෙන් 1750% ක් දක්වා ලෝයල්ටි ප්‍රතිලාභයක්ද අරමුදලට එකතු කරනු ලැබේ. මේ සඳහා ඔබට කළ යුත්තේ නියමිත කාලය තුළ, නිසි පරිදි වාරික ගෙවීම පමණි.
වාරික ගෙවීම් කාලසීමාව |
වාරික ගෙවීම් කරනා ආකාරය |
|||
වාර්ශික |
අර්ධ වාර්ශික |
ත්‍රයි මාසික |
මාසික |
|
15 – 19 |
825% |
700% |
650% |
625% |
20 – 24 |
1,225% |
1,050% |
1,000% |
975% |
25 සහ ඉහලට |
1,750% |
1,500% |
1,450% |
1,425% |
උද්ධමනයෙන් ඇති විය හැකි බලපෑම් අවම කරලමින් ඔබේ විශ්‍රාම අරමුදල සඳහා වසරක් පාසා වර්ධනය ලබා දෙන ලාභාංශ හිමි වනු ඇත.
Pensions Booster (විශ්‍රාම වර්ධකය) යනු AIA SMART PENSIONS වෙතින් හඳුන්වාදෙන ලද සුවිශේෂි අංගයකි. මේ තුළින් සමාගම ප්‍රකාශිත වාර්ෂික ලාභාංශ ප්‍රතිශතයට වඩා 30% ක අමතර ලාභාංශ වටිනාකමකින් ඔබේ මාසික විශ්‍රාම මුදල ඉහළ නංවයි.
ඔබ පුර්ණ හා ස්ථිර වශයෙන් ආබාධිත තත්ත්වයකට හෝ මරණයට පත්වුවහොත්, අප විසින් ඔබේ සැලසුම සඳහා ගෙවීමට ඇති ඉතිරි වාරික මුදල් ගෙවීම් සම්පූරණ කරමින් ඔබේ ආදරණියන් වෙනුවෙන් ඔබ සැලසුම් කරන ලද විශ්‍රාම අරමුදල ලබා දීමට කටයතු කරන්නෙමු.
යම් අනපේක්ෂිත වියෝවිමකදී ඔබේ ආදරණියන් හට එකවර මුදලක් හෝ ඔබ සැලසුම් කරන ලද විශ්‍රාම දිනය තෙක් මාසික ආදායමක් ලෙස ලබා ගැනීම සඳහා ජිවිත රක්ෂණ ප්‍රතිලාභයක් හිමිවේ.
වියෝවීමකදී, ඔබගේ වාර්ෂික මූලික වාරිකය මෙන් 5 ගුණයක් හෝ රු.500,000 ක උපරිමයක් දක්වා අවමංගල්‍ය වියදම් ආවරණය කර ගැනීම සඳහා ප‍්‍ර‍්‍රතිලාභයක් නොමිලේම AIA විසින් පිරිනමනු ලැබේ.
සැලසුමේ තුන්වන වසරට පසුව, ඔබට විශ‍්‍ර‍්‍රාම අරමුදලෙන් 15% ක් දක්වා මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව හිමි වන අතර මෙය වාරික ගෙවීමේ කාලසීමාව අතරවාරයේදී එක් වරක් පමණක් ලබාගත හැකි ප‍්‍ර‍්‍රතිලාභයකි.
‘‘පූර්ණ සදාකාලික ආබාධිත තත්ත්වය’’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
පූර්ණ සදාකාලික ආබාධිත තත්ත්වය යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔබ ආබාධිතව, ඔබේ ඉදිරි ජීවිත කාලය තුළදී වැඩ කිරීමට හෝ මුදල් ඉපැයීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බවය.
‘‘බරපතල රෝගාබාධ රැකවරණය’’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
බරපතල රෝගාබාධ ආවරණයෙහි ලැයිස්තුගත රෝග අතුරින් පිළිකාව සහ හෘදයාබාධ වැනි ඕනෑම බරපතල රෝගයකට මුහුණ දීමට ඔබට සිදු වු විටෙකදී ඔබට දැරීමට සිදු වන අධික වෛද්‍ය වියදම් වෙනුවෙන් AIA වෙතින් වන්දි මුදල් පිරිනැමෙයි.
ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඔබේ ආවරණය ඔබ වෙනුවෙන්ම සකසාගැනීම සඳහා තෝරාගත හැකි අමතර ප්‍රතිලාභ ඇත.
හදිසි අනතුරකින් සිදුවන වියෝවීමකදී ඔබේ යැපෙන්නන්ට මෙයින් වැඩි රැකවරණයක් හිමි වේ. එයට අමතරව ඔබට හදිසි අනතුරක් හේතුවෙන් නිත්‍ය අකර්මණ්‍යතාවයකට මුහුණ දීමට සිදුවුවහොත් මූල්‍යමය රැකවරණය මෙයින් සැලසෙනු ඇත (සැලසෙන මූල්‍ය ප‍්‍ර‍්‍රතිලාභයේ වටිනාකම අකර්මණ්‍යතාවයේ ස්වභාවය මත රඳා පවතී*).
ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයන් වෙත ශ‍්‍ර‍්‍රී ලංකාව තුළ වැය වන වෛද්‍යමය වියදම් නැවත පියවාගත හැකි සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි. (මෙම ප‍්‍ර‍්‍රතිලාභය වාරික ආරක්ෂණ ප‍්‍ර‍්‍රතිලාභය මගින් ආවරණය නොවේ*).
ඔබ දින තුනකට වඩා රෝහල්ගතව සිටියේනම්, සෑම දිනකටම (ඇතුළත් කළ දිනයේ සිට* රු.10,000 ක උපරිමයක් දක්වා මුදල් ලබා දෙයි). දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළහොත් ලැබෙන එම මුදල දෙගුණ වේ. මෙම ප‍්‍ර‍්‍රතිලාභය ඔබේ සහකරු හෝ සහකාරිය හා දරුවන් වෙනුවෙන්ද ලබාගත හැක.
බරපතල රෝගාබාධ 22 කදී ඔබට හා ඔබගේ සහකරු හෝ සහකාරියට මූල්‍ය ආධාර ලබාදෙයි. රුපියල් මිලියන 3 ක උපරිමයක් දක්වා වූ ආවරණයක් ඔබට තෝරාගත හැකියි.
ඔබ හා ඔබේ සහකරු හෝ සහකාරිය වෙත ශ‍්‍ර‍්‍රී ලංකාවේදී, ඉන්දියාවේදී, සිංගප්පූරුවේදී, තායිලන්තයේදී හෝ මැලේසියාවේදී ලැයිස්තුගත සැත්කම් 250 ක් සිදුකිරීම සඳහා මෙමගින් මූල්‍ය සහය හිමිවේ. සහකරු හෝ සහකාරිය සඳහා වන ජීවිත ආවරණය මෙම සැලසුම තුළින් ඔබේ සහකරු හෝ සහකාරියට ද ජීවිත රැකවරණයක් සැපයේ.
මෙම සැලසුම තුලින් ඔබේ සහකරු හෝ සහකරියටද ජීවිත රැකවරණයක් සැපයේ.
ඔබේ දරුවාට ශ‍්‍ර‍්‍රී ලංකාවේදී, ඉන්දියාවේදී, සිංගප්පූරුවේදී, තායිලන්තයේදී හෝ මැලේසියාවේදී ලැයිස්තුගත සැත්කම් 250 ක් සිදුකිරීම සඳහා මෙමගින් මූල්‍ය සහය හිමි වේ. එයට අමතරව මෙමගින් රෝහල් ගතවීම සඳහා මුදල්ද වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු සමග මවුපියන්ගෙන් අයෙකුට රෝහලේ නැවතීමට සිදුවුවහොත් ඒ සඳහා විශේෂ දීමනාවක්ද පරිනැමේ.
ඔබේ දරුවාට ශ‍්‍ර‍්‍රී ලංකාවේදී, ඉන්දියාවේදී, සිංගප්පූරුවේදී, තායිලන්තයේදී හෝ මැලේසියාවේදී ලැයිස්තුගත සැත්කම් 250 ක් සිදුකිරීම සඳහා මෙමගින් මූල්‍ය සහය හිමි වේ. එයට අමතරව මෙමගින් රෝහල් ගතවීම සඳහා මුදල්ද වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු සමග මවුපියන්ගෙන් අයෙකුට රෝහලේ නැවතීමට සිදුවුවහොත් ඒ සඳහා විශේෂ දීමනාවක්ද පරිනැමේ.
ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.
මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.
මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.
සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);
යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.
ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.
රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ.
සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප‍්‍රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.
සමාගම විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම සඳහා පදනම ලෙස සැලකේ. පෙර වසර සඳහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළඟ වසර සඳහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප‍්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන ඕනෑම ප‍්‍රතිලාභයක් සඳහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළඟ වසර සඳහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප‍්‍රකාශ කරනු ලැබේ.
පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වර ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.