ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
ඉතුරුම් සහ රැකවරණය
කල්පිරීමේදී උපරිම වයස
ලබාගත හැකි වයස් සීමාව
ලබාගත හැකි ආකාරය
අපි සියලු දෙනාම අපගේ පවුලේ ආදරණීයයන්ගේ පැතුම් ඉටු කරලන්නට වෙහෙසෙන්නෙමු. එහෙත් එම සිහින සැබෑ කරන්නට නිවැරදි විසඳුම් සොයාගන්නට අප සියලු දෙනාටම හැකි වී නැත. AIA SavingsPlus යනු ඔබේ පවුලේ ආදරණීයයන්ට රැකවරණය සලසන අතරම, ඔවුන්ගේ පැතුම් සැබෑ කරන්නට ඔබට ඉඩ සලසන ඉතුරුම් විසඳුමකි. ඔබේ දරුවාගේ විවාහ මංගල්‍යය, සිහිනය නිවෙසක් ඉදිකිරීම මෙන්ම ඔබේ පුතුගේ හෝ දියණියගේ අනාගත අවශ්‍යතා සපුරාලීම යන මේ කවර කරුණකදී වුවද, සියල්ල මනාව සැලසුම් කරගන්නට AIA SavingsPlus ඔබට සහාය වනු ඇත.
ඔබේ අවශ්‍යතාවට ගැලපෙන ජීවිත ආවරණයක් | උද්ධමනයෙන් ආරක්ෂාව
අදාළ සැලසුම් කාලසීමාව පුරාම ඔබේ අරමුදලට ලාභාංශ හිමි වන අතර, එමගින් කල්පිරීමේදී සැලකිය යුතු තරම් විශාල අරමුදලක් ගොඩනැගෙනු ඇත.
ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන් සඳහා ඔබට අවශ්‍ය වන රැකවරණය අනුව ඔබ වෙනුවෙන් විශේෂයෙන් සැකසිය හැකි ජීවිත රක්ෂණ ආවරණයක් අපි ඔබට පිරිනමන්නෙමු. මෙය ඔබේ වාර්ෂික මූලික වාරිකයේ වටිනාකම මෙන් 5 සිට 15 ගුණයක් අතර වටිනාකමින් යුතු විය හැකිය.
උද්ධමන ආරක්ෂණය සැලසුම් කර ඇත්තේ ඔබේ ඉතුරුම් අරමුදලට උද්ධමනයෙන් ආරක්ෂාව සැලසෙන අයුරින් වන නිසා අනාගතයේදී ඔබේ අරමුදලේ අගය පහත නොවැටෙයි.
ඔබේ වාරිකය ගෙවිය යුත්තේ මාසිකවද, ත්‍රෛමාසිකවද, අර්ධ වාර්ෂිකවද හෝ වාර්ෂිකවද යන්න ඔබටම තීරණය කළ හැකිය. අවම මූලික වාර්ෂික වාරිකය රුපියල් 18,000කි.
රුපියල් 10,000ක අවමයකට යටත්ව ඔබේ ගිණුම ටොප්-අප් කරගැනීමටද ඔබට හැකිය.
ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඔබේ ආවරණය ඔබ වෙනුවෙන්ම සකසාගැනීම සඳහා තෝරාගත හැකි අමතර ප්‍රතිලාභ ඇත.
ඔබ හදිසි අනතුරකින් මිය ගියහොත් හෝ හදිසි අනතුරක් හේතු කොටගෙන තවදුරටත් වැඩ කළ නොහැකි තත්ත්වයකට පත් වුවහොත්, ඔබේ පවුලේ ආදරණීයයන්ගේ ජීවන රටාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍ය රැකවරණය අපි සලසන්නෙමු.
ඔබ දින 3කට වැඩි කාලයක් රෝහල්ගතව සිටින්නේ නම් මෙම ප්‍රතිලාභය මගින් රුපියල් 10,000ක් දක්වා වන දෛනික මුදල් ගෙවීමක් (පළමු දිනයේ සිටම) හිමි වෙයි. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවහොත් ඔබට ලැබෙන මුදල දෙගුණ වනු ඇත. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සහ දරුවන් සඳහාද ලබාගත හැකිය.
බරපතල රෝගාබාධ තත්ත්වයක් මගින් ඔබේ කායික සෞඛ්‍යයට පමණක් නොව, මූල්‍ය සෞඛ්‍යයටද බලපෑම් එල්ල වෙයි. බරපතල රෝගාබාධ ආවරණය මගින්, අප ඔබට ලැයිස්තුගත රෝගාබාධ 22ක් සඳහා මූල්‍ය සහාය සලසන බැවින් ඉක්මන් සුවය ලබාගැනීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ඔබට හැකි වෙයි.
ඔබ පූර්ණ සහ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුවහොත්, ඔබේ පවුලේ ආදරණීයයන්ට අඛණ්ඩව රැුකවරණය සැලසෙන අයුරින් ඔබ වෙනුවෙන් අපි ඔබේ වාරික ගෙවීම් කරන්නෙමු.
මෙම ආවරණය යටතේ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කෙරෙන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ලබා දෙන්නෙමු. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ලබාගත හැකිය.
ඔබ හදිසියේ වියෝ වුවහොත් හෝ් පූර්ණ ආබාධිතව වැඩ කළ නොහැකි තත්ත්වයට පත් වුවහොත් අපි ඔබේ පවුලේ ආදරණීයයන් හට මාසික ආදායමක් (සැලසුම් කාලය තුළදී වසර 10ක උපරිමයක් දක්වා) ලබාදෙන්නෙමු.
ඔබේ සැලසුම මගින් ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ජීවිත රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය
මෙම ආවරණය මගින්, ඔබේ දරුවා සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කරනු ලබන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබේ දරුවාගේ වයස අවුරුදු 12ට අඩු නම්, ඔබටද දරුවා සමඟ රැඳී සිටිය හැකි වන පරිදි අපි ඔබට දෛනික දීමනාවක් ලබා දෙන්නෙමු.
ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.
මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.
මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.
සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);
යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.
ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.
රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ.
සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප‍්‍රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.
සමාගම විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම සඳහා පදනම ලෙස සැලකේ. පෙර වසර සඳහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළඟ වසර සඳහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප‍්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන ඕනෑම ප‍්‍රතිලාභයක් සඳහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළඟ වසර සඳහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප‍්‍රකාශ කරනු ලැබේ.
පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වර ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.