Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • AIA Family Protector
    • සේවාලාභී පැමිණිලි
    • Covid-19 form
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      විශ්‍රාම කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA Family Protector

      රැකවරණ කැල්ක්යුලේටරය

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • Covid-19 form

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

ඉතුරුම්
පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA SAVINGS PLUS GOLD

    ඉතුරුම් | බරපතල රෝගාබාධ සඳහා ආවරණය 

    කල්පිරීමේදී උපරිම වයස

    අවුරුදු 70 දක්වා

    ලබාගත හැකි වයස් සීමාව

    අවුරුදු 18 - 54

    ලබාගත හැකි ආකාරය

    AIA වෙල්ත් ප්ලෑනර්වරයකුගෙන්


    මේ සැලසුම කුමක් සඳහාද

     

     

    ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන් වෙනුවෙන් ඔබට බොහෝ සිහින ඇති බව අපි දනිමු. එහෙත් ඒවා සැබෑ කරගත හැකි මඟක් ඔබට හමුවී තිබෙනවාද? හඳුන්වාදෙන AIA Savings Plus Gold යනු හුදෙක් ඉතුරුම් සැලසුමක් පමණක් නොව බරපතල රෝගාබාධ, රෝහල් ගාස්තු, සැත්කම් සහ තවත් බොහෝ දේ සඳහා රැකවරණය සැලසීමට ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන් වෙනුවෙන් පිරිනැමෙන රක්ෂණ ප‍්‍රතිලාභ රැසක් සහිත සැලසුමකි.

     

    aඋද්ධමනයෙන් ආරක්ෂාව | ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන් සඳහා ජීවිත ආවරණයක් 

    • අප සමග සම්බන්ධ වන්න අප සමග සම්බන්ධ වන්න
    • දැන්ම අපට කතා කරන්න දැන්ම අපට කතා කරන්න
      දැන්ම අපට කතාකරන්න
    • මිතුරෙකු සමග share කරන්න මිතුරෙකු සමග share කරන්න
    • මෙය ඩවුන්ලෝඩ් කරගන්න මෙය ඩවුන්ලෝඩ් කරගන්න

    ඔබේ සිහින සැබෑ කරන අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන රක්ෂණ විසඳුම්.

    මෙමගින් පිරිනැමෙන ප්‍රතිලාභ මොනවාද?

    • ඔබටම ගැලපෙන ජීවිත රක්ෂණ ආවරණයක්
      ඔබටම ගැලපෙන ජීවිත රක්ෂණ ආවරණයක්

      ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන් සඳහා ඔබට අවශ්‍ය වන රැකවරණය තෝරාගැනීමේ හැකියාව AIA Savings Plus Gold වෙතින් ඔබට පිරිනැමෙයි.

    • අමතරව ලබාගත හැකි බරපතල රෝගාබාධ ආවරණය
      අමතරව ලබාගත හැකි බරපතල රෝගාබාධ ආවරණය

      ඔබේ දිවිය අමිහිරි එකක් කරන්නට බරපතල රෝගාබාධයකට ඉඩ නොදෙන්න. ලැයිස්තුගත බරපතල රෝගාබාධ 22ක් සඳහා අපි ඔබට මූල්‍ය සහාය සලසන්නෙමු. එසේම ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ද අපි මෙම ආවරණය පිරිනමන්නෙමු

    • ලෝයල්ටි රිවෝඞ් දීමනාව
      ලෝයල්ටි රිවෝඞ් දීමනාව

      ජීවිතයේ මූල්‍ය වගකීම් ඉටුකිරීම සැමවිටම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. ඔබ සියලූ වාරික නියමිත පරිදි ගෙවමින් එම වගකීම නිසි පරිදි ඉටු කර ඇති විට, සැලසුමෙහි 10 වැනි සංවත්සරයේදී ඔබේ වාර්ෂික මූලික වාරිකයෙන් 150%ක් ලෝයල්ටි රිවෝඞ් දීමනාව ලෙස ඔබට හිමි වනු ඇත. 

    • ඔබටම සරිලන වාර්ෂික වාරිකයක්
      ඔබටම සරිලන වාර්ෂික වාරිකයක්

      වසරකට රුපියල් 24,000ක දැරිය හැකි වටිනාකමකට ඔබට මෙම සැලසුම ලබාගත හැකිය. රුපියල් 10,000ක අවමයකින් ඔබේ ගිණුම ටොප්-අප් කරගැනීමටද ඔබට හැකි වනු ඇත.

    රක්ෂණ යෙදුම් පැහැදිලි කර දීම

    ‘‘බරපතල රෝගාබාධ ආවරණය’’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    බරපතල රෝගාබාධ ආවරණයෙහි ලැයිස්තුගත රෝග අතුරින්  පිළිකාව සහ හෘදයාබාධ වැනි  ඕනෑම බරපතල රෝගයකට මුහුණ දීමට ඔබට සිදු වු විටෙකදී ඔබට දැරීමට සිදු වන අධික වෛද්‍ය වියදම් වෙනුවෙන් AIA වෙතින් වන්දි මුදල් පිරිනැමෙයි..


    ඔබට තවදුරටත් සිතේ සැනසුම අවශ්‍යද?

    ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඔබේ ආවරණය ඔබ වෙනුවෙන්ම සකසාගැනීම සඳහා තෝරාගත හැකි අමතර ප්‍රතිලාභ ඇත.

    • ඔබ හදිසි අනතුරකින් මිය ගියහොත් හෝ හදිසි අනතුරක් හේතු කොටගෙන තවදුරටත් වැඩ කළ නොහැකි තත්ත්වයකට පත් වුවහොත්, ඔබේ පවුලේ ආදරණීයයන්ගේ ජීවන රටාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍ය රැකවරණය අපි සලසන්නෙමු.

    • ඔබ දින 3කට වැඩි කාලයක් රෝහල්ගතව සිටින්නේ නම් මෙම ප්‍රතිලාභය මගින් රුපියල් 10,000ක් දක්වා වන දෛනික මුදල් ගෙවීමක් (පළමු දිනයේ සිටම) හිමි වෙයි. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවහොත් ඔබට ලැබෙන මුදල දෙගුණ වනු ඇත. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සහ දරුවන් සඳහාද ලබාගත හැකිය.

    • මෙම ආවරණය යටතේ, ඔබට සහ ඔබේ ආදරණීයයන්ට ශී‍්‍ර ලංකාව තුළ රෝහල්ගතවීම්, සැත්කම් සහ එක් දින සැත්කම් කි‍්‍රයාවලීන් යනාදිය සඳහා වෛද්‍ය වියදම් පියවාගත හැකිය.

    • ඔබ පූර්ණ සහ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුවහොත්, ඔබේ පවුලේ ආදරණීයයන්ට අඛණ්ඩව රැුකවරණය සැලසෙන අයුරින් ඔබ වෙනුවෙන් අපි ඔබේ වාරික ගෙවීම් කරන්නෙමු.

    • මෙම ආවරණය යටතේ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කෙරෙන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ලබා දෙන්නෙමු. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ලබාගත හැකිය.

    • ඔබ හදිසියේ වියෝ වුවහොත් හෝ් පූර්ණ ආබාධිතව වැඩ කළ නොහැකි තත්ත්වයට පත් වුවහොත් අපි ඔබේ පවුලේ ආදරණීයයන් හට මාසික ආදායමක් (සැලසුම් කාලය තුළදී වසර 10ක උපරිමයක් දක්වා) ලබාදෙන්නෙමු.

    • ඔබේ සැලසුම මගින් ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ජීවිත රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය

    • මෙම ආවරණය මගින්, ඔබේ දරුවා සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කරනු ලබන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබේ දරුවාගේ වයස අවුරුදු 12ට අඩු නම්, ඔබටද දරුවා සමඟ රැඳී සිටිය හැකි වන පරිදි අපි ඔබට දෛනික දීමනාවක් ලබා දෙන්නෙමු.

    View more add-ons


    the fine print

    වගන්ති සහ කොන්දේසි පිළිබඳව සැකෙවින්

    ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.

    මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.

    මෙම රක්ෂණ සැලසුමෙහි අරමුදල/අරමුදල් හෝ ඉතුරුම් ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් සමාගම වග නොකියන අතර, අරමුදලෙහි/අරමුදල්වල එවැනි හිමිකම් ආයෝජන අවදානමට යටත් වන අතරම ආයෝජනයට පාත‍්‍ර වන වත්කම්වල මිල උච්චාවචනයක් සිදු වුවහොත් එවැනි ආයෝජන අවදානම් රක්ෂණවරහිමියා විසින් දැරිය යුතුය.


    වගන්ති සහ කොන්දේසි

    වගන්ති සහ කොන්දේසි
    - COLLAPSE + EXPAND

    බැහැරවීමේ කාලසීමාව

    මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.

    මෙම සැලසුම යටතේ හිමි වන සියලු ප‍්‍රතිලාභ සඳහා අදාළ පොදු බැහැරකිරීම්

    සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);

    • ඔබේ රක්ෂණ සැලසුම සම්බන්ධ වියදම් අඩු කිරීමෙන් අනතුරුව, ඔබ විසින් ගෙවනු ලැබ ඇති වාරික අප විසින් ආපසු ගෙවනු ලැබේ; නැතහොත්
    • සැලසුම තෙවන පාර්ශ්වයකට පවරනු ලැබ ඇති විටෙක, එම සැලසුම පැවරීම සඳහා ගෙවන ලද මුදල ආපසු ලබාගැනීමට වෙනත් කිසිදු මඟක් නැතැයි එම තෙවන පාර්ශ්වය විසින් තහවුරු කරනු ලබන්නේ නම්, ඒ සඳහා කරන ලද එම ගෙවීම අප විසින් පියවනු ලැබේ (එහෙත් එය ඔබේ මරණය සිදුවූ අවස්ථාවේදී ගෙවන වටිනාකමට වඩා වැඩි නොවනු ඇත).  

    යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.    

    ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.  

    සහන කාලසීමාව

    රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ. 

     

    පොරොත්තු කාලසීමාව

    සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප‍්‍රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.

    වාර්ෂික ලාභාංශ අනුපාතය

    සමාගම විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම සඳහා පදනම ලෙස සැලකේ. පෙර වසර සඳහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළඟ වසර සඳහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප‍්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන  ඕනෑම ප‍්‍රතිලාභයක් සඳහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළඟ වසර සඳහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප‍්‍රකාශ කරනු ලැබේ.

    හදිසි අවස්ථා ආපසුගැනීම්

    පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වර ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.

    ඔබට තෝරාගත හැකි වෙනත් සැලසුම්

    AIA smartbuilder 

    ඉතුරුම්

    අද කාර්යබහුල ලෝකයේ ඇති වගකීම් හේතු කොටගෙන අපේ රැකවරණය සලසාගන්නට අපට බොහෝවිට අමතක වේ. ඔබේම මූල්‍ය අනාගතය සුරක්ෂිත කරගෙන ඔබ විශ්වාසයෙන් හසරැල්ලක් මුවට නගාගත් මොහොතක් ගැන ඔබට සිහිපත් කරගත හැකිද?

    AIA  savings plan  

    ඉතුරුම්

    AIA Savings Plan මගින් රක්ෂණ සැලසුමක් සමඟ ඔබේ ආයෝජන අවස්ථා තෝරාගැනීමේ හැකියාවද සහිත දෙආකාරයකින් විශිෂ්ට අවස්ථාවන් හිමි කරගැනීමට ඔබට ඉඩ සලසයි

    AIA savings plus 

    ඉතුරුම්

    අපි සියලූ දෙනාම අපගේ පවුලේ ආදරණීයයන්ගේ පැතුම් ඉටු කරලන්නට වෙහෙසෙන්නෙමු. එහෙත් එම සිහින සැබෑ කරන්නට නිවැරදි විසදුම් සොයාගන්නට අප සියලූ දෙනාටම හැකි වී නැත.

    AIA education plan

    ඉතුරුම්

    වඩා පැහැබර අනාගතයකට පිවිසීම සඳහා ඔබේ දරුවාට  සහාය වන ගමන් බලපත්‍රය වන AIA Education Plan මගින් දැන් ඔබට ඔබේ දරුවාගේ අනාගතය කල්තියා සැලසුම් කළ හැක.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .