ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
ආයෝජනය සහ රැකවරණය
කල්පිරීමේදී උපරිම වයස
ලබාගත හැකි වයස් සීමාව
ලබාගත හැකි ආකාරය
අපට සිහින ඇති අතර, ඒවා සැබෑ කරගැනීමට අපි ඉතුරු කරන්නෙමු. ඒ සදහා සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ ප‍්‍රථම තේරීම් වන්නේ ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු වැනි සාම්ප‍්‍රදායික ඉතුරුම් ක‍්‍රම වේ. ඒවා මගින් ඔබ ආයෝජනය කරන මුදල සදහා හොදම ප‍්‍රතිලාභ හිමි නොවනවා විය හැකිය. AIA Savings Plan මගින් රක්ෂණ සැලසුමක් සමග ඔබේ ආයෝජන අවස්ථා තෝරාගැනීමේ හැකියාවද සහිත දෙආකාරයකින් විශිෂ්ට අවස්ථාවන් හිමි කරගැනීමට ඔබට ඉඩ සලසයි. ඔබට අවශ්‍ය ආකාරයේ ලාභ ඉපැයීමට වඩාත්ම ගැලපෙන ආයෝජන ක‍්‍රමෝපාය තෝරාගෙන ඔබේ සැලසුම් කාලසීමාව අතරතුර නිබද රැකවරණය සලසාගන්න.
මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව | උද්ධමන ආරක්ෂාව
Cautious, Moderate, Aggressive සහ Advanced යනුවෙන් ඔබ කැමති පරිදි තෝරාගත හැකි ආයෝජන ක්‍රමෝපායන් හතරක් ඇති අතර, එමගින් ඔබේ ඉතුරුම් අරමුදල භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් වෙළෙඳපොළ ඇතුළු විවිධ ආයෝජන ක්‍රම අතරින් එකක ආයෝජනය කිරීමට ඉඩ ලැබෙයි.
ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයයන් සඳහා ඔබට අවශ්‍ය වන රැකවරණය අනුව විශේෂයෙන් සැකසිය හැකි ජීවිත රක්ෂණ ආවරණයක් අපි ඔබට පිරිනමන්නෙමු. මෙය ඔබේ වාර්ෂික මූලික වාරිකයේ වටිනාකම මෙන් 2 සිට 15 ගුණයක් අතර වටිනාකමින් යුතු විය හැකිය.
ඔබේ වාරිකය මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව ගෙවන්නේද යන්න ඔබටම තීරණය කළ හැකිය. අවම මූලික වාර්ෂික වාරිකය රුපියල් 60,000ක් වන අතර, අවම ටොප්-අප් වාරිකය රුපියල් 60,000කි.
ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඔබේ ආවරණය ඔබ වෙනුවෙන්ම සකසාගැනීම සඳහා තෝරාගත හැකි අමතර ප්‍රතිලාභ ඇත.
ඔබ හදිසි අනතුරකින් මිය ගියහොත් හෝ හදිසි අනතුරක් හේතු කොටගෙන තවදුරටත් වැඩ කළ නොහැකි තත්ත්වයකට පත් වුවහොත්, ඔබේ පවුලේ ආදරණීයයන්ගේ ජීවන රටාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍ය රැකවරණය අපි සලසන්නෙමු.
ඔබ දින 3කට වැඩි කාලයක් රෝහල්ගතව සිටින්නේ නම් මෙම ප්‍රතිලාභය මගින් රුපියල් 10,000ක් දක්වා වන දෛනික මුදල් ගෙවීමක් (පළමු දිනයේ සිටම) හිමි වෙයි. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවහොත් ඔබට ලැබෙන මුදල දෙගුණ වනු ඇත. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සහ දරුවන් සඳහාද ලබාගත හැකිය.
බරපතල රෝගාබාධ තත්ත්වයක් මගින් ඔබේ කායික සෞඛ්‍යයට පමණක් නොව, මූල්‍ය සෞඛ්‍යයටද බලපෑම් එල්ල වෙයි. බරපතල රෝගාබාධ ආවරණය මගින්, අප ඔබට ලැයිස්තුගත රෝගාබාධ 22ක් සඳහා මූල්‍ය සහාය සලසන බැවින් ඉක්මන් සුවය ලබාගැනීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ඔබට හැකි වෙයි.
ඔබ පූර්ණ සහ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුවහොත්, ඔබේ පවුලේ ආදරණීයයන්ට අඛණ්ඩව රැුකවරණය සැලසෙන අයුරින් ඔබ වෙනුවෙන් අපි ඔබේ වාරික ගෙවීම් කරන්නෙමු.
මෙම ආවරණය යටතේ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කෙරෙන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ලබා දෙන්නෙමු. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ලබාගත හැකිය.
ඔබ හදිසියේ වියෝ වුවහොත් හෝ් පූර්ණ ආබාධිතව වැඩ කළ නොහැකි තත්ත්වයට පත් වුවහොත් අපි ඔබේ පවුලේ ආදරණීයයන් හට මාසික ආදායමක් (සැලසුම් කාලය තුළදී වසර 10ක උපරිමයක් දක්වා) ලබාදෙන්නෙමු.
ඔබේ සැලසුම මගින් ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ජීවිත රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය
මෙම ආවරණය මගින්, ඔබේ දරුවා සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කරනු ලබන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබේ දරුවාගේ වයස අවුරුදු 12ට අඩු නම්, ඔබටද දරුවා සමඟ රැඳී සිටිය හැකි වන පරිදි අපි ඔබට දෛනික දීමනාවක් ලබා දෙන්නෙමු.
ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.
මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.
මෙම රක්ෂණ සැලසුමෙහි අරමුදල/ල් හෝ ඉතුරුම් ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් සමාගම වග නොකියන අතර, අරමුදලෙහි/අරමුදල්වල එවැනි හිමිකම් ආයෝජන අවදානමට යටත් වන අතරම ආයෝජනයට පාත‍්‍ර වන වත්කම්වල මිල උච්චාවචනයක් සිදු වුවහොත් එවැනි ආයෝජන අවදානම් රක්ෂණවරහිමියා විසින් දැරිය යුතුය.
මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.
සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);
යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.
ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.
රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ.
සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප‍්‍රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.