Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

විශ්‍රාම දිවිය
පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • AIA ඊසි පෙන්ෂන්ස් ප්ලස්

    ටක් ටික් ටුක් තරමටම ලේසියි 

    කල්පිරීමේදී උපරිම වයස

    අවුරුදු 76 දක්වා (මීළඟ උපන්දිනය වනවිට)

    ලබාගත හැකි වයස් සීමාව
     

    අවුරුදු 19 - 61 අතර (මීළඟ උපන්දිනය වනවිට)

    ලබාගත හැකි ආකාරය

    AIA වෙල්ත් ප්ලෑනර්වරයකු වෙතින් /AIA මූල්‍ය සැලසුම් විධායකවරයෙකු

    රක්ෂණවර කාල සීමාව

    වසර 15, 20, 25 හෝ 30

    වාරික ගෙවීමේ කාල සීමාව

    රක්ෂණවර කාල සීමාව පරිදිම වේ


    ඉතාම පහසුවෙන් විශ්‍රාමයක්

    අප සෑමදෙනෙකුටම පාහේ විශ‍්‍රාම දිවියට මුහුණදීමට සිදුවන අතර, බොහෝ දෙනා අතින් වයස් ගත වන තුරුම ඒ පිළිබදව සිතීම අතපසු වේ. සැබෑ තත්ත්වය වන්නේ විශ‍්‍රාමය සඳහා සැලසුම් සකස් කිරීම කල්තබා සිදුකල තරමට එය යෝග්‍ය වීමයි. 

    ඔබ විසින් සිහින මැවූ විදෙස් සංචාර හෝ විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව මාසික ආදායමක් හිමිකර ගැනීම, ඔබට සුපුරුදු ජීවන රටාව පවත්වාගෙන යාම වැනි දේ සඳහා ඉතිරි කිරීමට මේ හොදම කාලයයි. මාසිකව සුළු මුදලක් ඉතිරි කරමින් ඔබ විසින් කල්තබා ඉතුරුම් සිදුකිරීම අරඹන තරමට, ඔබගේ විශ‍්‍රාම දිවිය වඩාත් සුරක්ෂිත වනු ඇත. 

    AIA ඊසි පෙන්ෂන්ස් ප්ලස් සමඟින්  සමගින් සරල පියවර 3ක් ඔස්සේ ඔබගේ විශ‍්‍රාමය සැලසුම් කල හැකියි. ඇත්තෙන්ම එය ටක් ටික් ටුක් තරමට ලේසියි.

    • අප සමග සම්බන්ධ වන්න අප සමග සම්බන්ධ වන්න
    • දැන්ම අපට කතා කරන්න දැන්ම අපට කතා කරන්න
      Talk to us now
    • මිතුරෙකු සමග Share කරන්න මිතුරෙකු සමග Share කරන්න
    • මෙය ඩවුන්ලෝඩ් කරන්න මෙය ඩවුන්ලෝඩ් කරන්න
    AIA Easy Pensions

    මෙමඟින් මා හට හිමිවන්නේ කුමක්ද?

    • කල්පිරීමේදී එකවර මුළු මුදලක් හෝ මාසික ආදයමක්: තේරීම ඔබ සතුයි
      කල්පිරීමේදී එකවර මුළු මුදලක් හෝ මාසික ආදයමක්: තේරීම ඔබ සතුයි

      එකවර මුළු මුදලක් වශයෙන් ඔබේ රක්ෂණවරය කල්පිරීමේ ප‍්‍රතිලාභය ලබාගැනීමට ඔබට හැකි වේ. නැතිනම් වසර 05 -30ක  කාල සීමාවක් සඳහා මාසික අදායමක් වශයෙන් එය ලබාගැනීමේ අවස්ථාව ඔබ සතු වේ.

    • ඔබගේ ඉතුරුම් සඳහා ආකර්ෂණීය වර්ධනයක් - අපගේ ලෝයල්ටි දීමනා
      ඔබගේ ඉතුරුම් සඳහා ආකර්ෂණීය වර්ධනයක් - අපගේ ලෝයල්ටි දීමනා

      ඔබ විසින් නිසි කලට වාරික ගෙවීම සිදුකරනු ලබන්නේ නම් 1වසර 15 ක ඔප්පු කාල සීමාව සඳහා 15 වන වසරේදී සහ වසර 20, 25 සහ 30 ඔප්පු කාල සීමාවන් සඳහා 20 වන වසරේදී ඔබේ මූලික වාර්ෂික වාරිකය මෙන් 8 ගුණයක් (800%) ක් දක්වා වන ලෝයල්ටි දීමනා ඔබ වෙත හිමි වේ. (ඔබ විසින් තෝරාගනු ලබන ඔප්පු  කාල සීමාව සහ වාරික මාදිලිය අනුව) ඔබගේ විශ්‍රාම අරමුදල සෑම වසරකම ඔබ වෙනුවෙන් ලාභාංශ උපයන අතර කාලයත් සමග උද්ධමනයෙන් වන බලපෑමට මුහුණදීමට සරිලන පරිදි වර්ධනය වේ. 

    • ඔබේ පවුල වෙත ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභයක්
      ඔබේ පවුල වෙත ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභයක්

      ඔබ අවාසනාවන්ත ලෙස වියෝ වුව වුවහොත් සඳහා යැපෙන්නන් වෙත අසීරුතා වලින් තොර දිවිපෙවෙතක් සඳහා ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභය හිමි වේ.  

    • ඔබ සහ ඔබේ පවුල සඳහා හදිසි අනතුරු ප‍්‍රතිලාභයක්
      ඔබ සහ ඔබේ පවුල සඳහා හදිසි අනතුරු ප‍්‍රතිලාභයක්

      හදිසි අනතුරකින් ඔබ වියෝ වුවහොත් හෝ නිත්‍ය අකර්මන්‍යතාවයකට පත් වුවහොත් හදිසි අනතුරු ප‍්‍රතිලාභය මගින් ඔබ සහ ඔබේ පවුල වෙත රැකවරණය සැලසේ.

    • ඔබට තවදුරටත් වාරික ගෙවීමේ හැකියාවක් නොමැති වුවහොත් AIA විසින් ඔබේ පෙන්ෂන්ස් අරමුදල ගොඩනංවනු ලැබේ.
      ඔබට තවදුරටත් වාරික ගෙවීමේ හැකියාවක් නොමැති වුවහොත් AIA විසින් ඔබේ පෙන්ෂන්ස් අරමුදල ගොඩනංවනු ලැබේ.

      වාරික ගෙවීමේ කාල සීමාව තුළ ඔබ අවාසනාවන්ත ලෙස  වියෝ වුවහොත් හෝ නිත්‍ය පූර්ණ අකර්මන්‍යතාවයකට පත් වුවහොත් AIA විසින් ඔබ වෙනුවෙන් ඔබේ වාරික ගෙවමින් ඔබේ රක්ෂණවරය අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. එමනිසා ඔබ විසින් ගොඩනංවන ලද පෙන්ෂන්ස් අරමුදලෙහි ප‍්‍රතිලාභ අත්විදීමේ අවස්ථාව ඔබේ ආදරණීයයන් වෙත හිමි වේ.

    • හදිසි අවස්ථාවකදී මුදල් ආපසු ගැනීමේ හැකියාව
      හදිසි අවස්ථාවකදී මුදල් ආපසු ගැනීමේ හැකියාව

      ඔබේ රක්ෂණවර කාල සීමාව ඇතුළත එක්වරක් පමණක් ඔබේ අරමුදලෙන් 15% ක් දක්වා මුදලක් ආපසු ලබාගැනීමේ අවස්ථාව ඔබ සතු වේ.

    • ඔබගේ පහසුව සඳහා පැකේජයන් ලෙස
      ඔබගේ පහසුව සඳහා පැකේජයන් ලෙස

      AIA ඊසි පෙන්ෂන්ස් ප්ලස් මඟින් පෙන්ෂන් පැකේජ 6 ක් ඉදිරිපත් කෙරේ. ඔබ විසින් තෝරාගනු ලබන පැකේජය ජීවිත හා හදිසි අනතුරු ‍ප්‍රතිලාභ වලින්  සමන්විත වන අතර එමඟින් ඔබේ පවුලේ මූල්‍යමය සුරක්ෂිතතාවය පිළිබද ඔබට සිතේ නිිදහස උරුම කෙරේ.

       

      ප්‍රතිලාභ

      පැකේජය 1

      පැකේජය 2

      පැකේජය 3

      පැකේජය 4

      පැකේජය 5

      පැකේජය 6

      ජීවිත ප්‍රතිලාභය (රු.)

      450,000

      600,000

      750,000

      900,000

      1,050,000

      1,200,000

      හදිසි අනතුරු ප්‍රතිලාභය (රු.)

      675,000

      900,000

      1,125,000

      1,350,000

      1,575,000

      1,800,000

      වාරික ආරක්ෂණ ප්‍රතිලාභය

      ඔව් 

      ඔව්

      ඔව් 

      ඔව්

      ඔව් 

      ඔව්

      අසාධ්‍ය රෝග ප්‍රතිලාභය* (රු.)

      100,000

      200,000

      300,000

      400,000

      500,000

      600,000

      රෝහල් ප්‍රතිලාභය* (රු.) 

      1,000

      2,000

      3,000

      4,000

      5,000

      6,000

      හෙල්ත් ලයිට් ප්‍රතිලාභය* (රු.)

      300,000 දක්වා

      500,000 දක්වා

      750,000 දක්වා

      750,000 දක්වා

      1,000,000 දක්වා

      1,000,000 දක්වා

      *මෙම ප්‍රතිලාභ අමතර ප්‍රතිලාභ වේ

      හෙල්ත් ලයිට් ප්‍රතිලාභය ලෙස පෙර සැලසුම් කරන ලද පැකේජ 5න් එකක් ඔබට තෝරා ගත හැකිය.

    • පෙන්ෂන්ස් BOOSTER (විශ්‍රාම වර්ධකය) - අමතර අයකිරීමකින් තොරව ඔබට ඉහළ මාසික ආදායමක්
      පෙන්ෂන්ස් BOOSTER (විශ්‍රාම වර්ධකය) - අමතර අයකිරීමකින් තොරව ඔබට ඉහළ මාසික ආදායමක්

      පෙන්ෂන්ස් Booster (පෙන්ෂන්ස් වර්ධකය) යනු AIA ඊසි පෙන්ෂන්ස් ප්ලස් වෙතින් හඳුන්වාදෙන ලද සුවිශේෂි අංගයකි.  මේ තුළින් සමාගම ප්‍රකාශිත වාර්ෂික ලාභාංශ ප්‍රතිශතයට වඩා 30% ක අමතර ලාභාංශ වටිනාකමකින් ඔබේ මාසික විශ්‍රාම මුදල ඉහළ නංවයි.

    • හෙල්ත් ලයිට් ප්‍රතිලාභය
      හෙල්ත් ලයිට් ප්‍රතිලාභය

      ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ වෛද්‍ය වියදම් රුපියල් 1,000,000 දක්වා ආවරණය කිරීම සඳහා පෙර සැලසුම් කළ රෝහල් වියදම් ප්‍රතිලාභයක් ද ඔබට තෝරා ගත හැක.

    • රෝහල්ගත වීමේ ප්‍රතිලාහය
      රෝහල්ගත වීමේ ප්‍රතිලාහය

      ඔබ දින තුනකට වඩා රෝහල්ගතව සිටියේනම්, සැම දිනකටම (ඇතුළත් කළ දිනයේ සිට) රු. 6,000 ක උපරිමයක් දක්වා මුදල් ලබා දෙයි.

    • අසාධ්‍ය රෝග ප්‍රතිලාභය
      අසාධ්‍ය රෝග ප්‍රතිලාභය

      පිළිකා, හෘදයාබාධ, ආඝාත, වකුගඩු ආබාධ වැනි අසාධ්‍ය රෝග 22ක් සදහා මුල්‍යමය රැකවරණයක් ඔබට ලබා දීම සදහා රු. 600,000 දක්වා ප්‍රතිලාභයක්.

    රක්ෂණ යෙදුම් පැහැදිලි කර දීම

    ‘‘පූර්ණ සදාකාලික ආබාධිත තත්ත්වය’’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    “නිත්‍ය පූර්ණ අකර්මන්‍යතාවය” යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔබ ආබාධිතව, ඔබේ ඉදිරි ජීවිත කාලය තුළදී වැඩ කිරීමට හෝ මුදල් ඉපැයීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බවය.


    ‘‘අසාධ්‍ය රෝගාබාධ රැකවරණය’’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

    අසාධ්‍ය රෝගාබාධ ආවරණයෙහි ලැයිස්තුගත රෝග අතුරින්  පිළිකාව සහ හෘදයාබාධ වැනි  ඕනෑම බරපතල රෝගයකට මුහුණ දීමට ඔබට සිදු වු විටෙකදී ඔබට දැරීමට සිදු වන අධික වෛද්‍ය වියදම් වෙනුවෙන් AIA වෙතින් වන්දි මුදල් පිරිනැමෙයි.



    the fine print

    වගන්ති සහ කොන්දේසි පිළිබඳව සැකෙවින්

    ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්‍රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.

    මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.


    වගන්ති සහ කොන්දේසි

    වගන්ති සහ කොන්දේසි
    - COLLAPSE + EXPAND

    බැහැරවීමේ කාලසීමාව

    මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට විසි එකක් (21) අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.

    මෙම සැලසුම යටතේ හිමි වන සියලු ප‍්‍රතිලාභ සඳහා අදාළ පොදු බැහැරකිරීම්

    සැලසුමෙහි ප‍්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);

    • ඔබේ රක්ෂණ සැලසුම සම්බන්ධ වියදම් අඩු කිරීමෙන් අනතුරුව, ඔබ විසින් ගෙවනු ලැබ ඇති වාරික අප විසින් ආපසු ගෙවනු ලැබේ; නැතහොත්
    • සැලසුම තෙවන පාර්ශ්වයකට පවරනු ලැබ ඇති විටෙක, එම සැලසුම පැවරීම සඳහා ගෙවන ලද මුදල ආපසු ලබාගැනීමට වෙනත් කිසිදු මඟක් නැතැයි එම තෙවන පාර්ශ්වය විසින් තහවුරු කරනු ලබන්නේ නම්, ඒ සඳහා කරන ලද එම ගෙවීම අප විසින් පියවනු ලැබේ (එහෙත් එය ඔබේ මරණය සිදුවූ අවස්ථාවේදී ගෙවන වටිනාකමට වඩා වැඩි නොවනු ඇත).  

    යුද්ධ, ආක‍්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත‍්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.    

    ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප‍්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප‍්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.  

    සහන කාලසීමාව

    රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප‍්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ. 

     

    පොරොත්තු කාලසීමාව

    සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප‍්‍රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප‍්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.

    වාර්ෂික ලාභාංශ අනුපාතය

    සමාගම විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම සඳහා පදනම ලෙස සැලකේ. පෙර වසර සඳහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළඟ වසර සඳහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප‍්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන  ඕනෑම ප‍්‍රතිලාභයක් සඳහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළඟ වසර සඳහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප‍්‍රකාශ කරනු ලැබේ.

    හදිසි අවස්ථා ආපසුගැනීම්

    පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වරක් පමණක් ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.

    ඔබට තෝරාගත හැකි වෙනත් සැලසුම්

    Product link missing

    Product link missing

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .