ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
ඉතුරුම් සහ රැකවරණය
කල්පිරීමේදී උපරිම වයස
ලබාගත හැකි වයස් සීමාව
ලබාගත හැකි ආකාරය
අපට ඇති ඉහළම සිහිනය අපගේ ආදරණීයයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. AIA Protected Savings මගින් ඔබේ වඩාත්ම වටිනා සම්පත වන ඔබේ පවුලේ ආදරණීයයන් සඳහා උපරිම රැකවරණය පිරිනමන්නට දැන් ඔබට පුළුවන්. ඔබේ දරුවාගේ සිහින විවාහ මංගල්‍යය, නිවෙසක් ඉදිකිරීම හෝ ඔබේ පුතුගේ හෝ දියණියගේ අනාගත අවශ්‍යතා සුපරාලීම යන මේ සෑම අවස්ථාවක් සඳහාම අප පිරිනමන විසඳුම් මගින් ඔබේ ලෝකය වඩාත් සුන්දර කෙරෙනු ඇත.
ඔබේ අවශ්‍යතාවට ගැලපෙන ජීවිත ආවරණයක් | කල්පිරීම දක්වාම අඛණ්ඩ අරමුදල් වර්ධනය
සැලසුම් කාලසීමාව තුළදී ඔබ මිය ගියහොත් හෝ පූර්ණ අකර්මණ්‍ය ආබාධිත තත්ත්වයකට පත් වුවහොත්, ඔබ නැති දිනෙක ඔබේ පවුලේ ආදරණීයයන් වෙනුවෙන් සැලසුම් කළ අරමුදල ඔවුන්ට හිමි වන සේ ඔබ වෙනුවෙන් ඔබේ වාරික ගෙවීමට අපි කටයුතු කරන්නෙමු.
අදාළ සැලසුම් කාලසීමාව පුරාම ඔබේ අරමුදලට ලාභාංශ හිමි වන අතර, එමගින් කල්පිරීමේදී සැලකිය යුතු තරම් විශාල අරමුදලක් ගොඩනැගෙනු ඇත.
ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන සේ ඔබ වෙනුවෙන්ම සකසා ගත හැකි ජීවිත රක්ෂණ ආවරණයක් AIA Protected Savngs මගින් ඔබට පිරිනැමෙයි.
ජීවිතයේ මූල්‍ය වගකීම් ඉටුකිරීම සැමවිටම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. ඔබ සියලූ වාරික නියමිත පරිදි ගෙවමින් එම වගකීම නිසි පරිදි ඉටු කර ඇති විට, සැලසුමෙහි 10 වැනි සංවත්සරයේදී ඔබේ වාර්ෂික මූලික වාරිකයෙන් 200%ක් ලෝයල්ටි රිවෝඞ් දීමනාව ලෙස ඔබට හිමි වනු ඇත.
වසරකට රුපියල් 15,000ක වටිනාකමකට ඔබට මෙම සැලසුම ලබාගත හැකිය. රුපියල් 25,000ක අවමයකින් ඔබේ ගිණුම ටොප්-අප් කරගැනීමටද ඔබට හැකි වනු ඇත.
ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඔබේ ආවරණය ඔබ වෙනුවෙන්ම සකසාගැනීම සඳහා තෝරාගත හැකි අමතර ප්රතිලාභ ඇත.
ඔබ හදිසි අනතුරකින් මිය ගියහොත් හෝ හදිසි අනතුරක් හේතු කොටගෙන තවදුරටත් වැඩ කළ නොහැකි තත්ත්වයකට පත් වුවහොත්, ඔබේ පවුලේ ආදරණීයයන්ගේ ජීවන රටාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍ය රැකවරණය අපි සලසන්නෙමු.
ඔබ දින 3කට වැඩි කාලයක් රෝහල්ගතව සිටින්නේ නම් මෙම ප්‍රතිලාභය මගින් රුපියල් 10,000ක් දක්වා වන දෛනික මුදල් ගෙවීමක් (පළමු දිනයේ සිටම) හිමි වෙයි. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවහොත් ඔබට ලැබෙන මුදල දෙගුණ වනු ඇත. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සහ දරුවන් සඳහාද ලබාගත හැකිය.
බරපතල රෝගාබාධ තත්ත්වයක් මගින් ඔබේ කායික සෞඛ්‍යයට පමණක් නොව, මූල්‍ය සෞඛ්‍යයටද බලපෑම් එල්ල වෙයි. බරපතල රෝගාබාධ ආවරණය මගින්, අප ඔබට ලැයිස්තුගත රෝගාබාධ 22ක් සඳහා මූල්‍ය සහාය සලසන බැවින් ඉක්මන් සුවය ලබාගැනීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ඔබට හැකි වෙයි.
මෙම ආවරණය යටතේ, ඔබට සහ ඔබේ ආදරණීයයන්ට ශී‍්‍ර ලංකාව තුළ රෝහල්ගතවීම්, සැත්කම් සහ එක් දින සැත්කම් කි‍්‍රයාවලීන් යනාදිය සඳහා වෛද්‍ය වියදම් පියවාගත හැකිය.
මෙම ආවරණය යටතේ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කෙරෙන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ලබා දෙන්නෙමු. එසේම, ඔබට මෙම ආවරණය ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ලබාගත හැකිය.
ඔබ හදිසියේ වියෝ වුවහොත් හෝ් පූර්ණ ආබාධිතව වැඩ කළ නොහැකි තත්ත්වයට පත් වුවහොත් අපි ඔබේ පවුලේ ආදරණීයයන් හට මාසික ආදායමක් (සැලසුම් කාලය තුළදී වසර 10ක උපරිමයක් දක්වා) ලබාදෙන්නෙමු.
ඔබේ සැලසුම මගින් ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සඳහාද ජීවිත රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය
මෙම ආවරණය මගින්, ඔබේ දරුවා සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හෝ සිංගප්පූරුව යන රටවලදී සිදු කරනු ලබන ලැයිස්තුගත සැත්කම් 250ක් සඳහා මූල්‍ය සහාය අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබේ දරුවාගේ වයස අවුරුදු 12ට අඩු නම්, ඔබටද දරුවා සමඟ රැඳී සිටිය හැකි වන පරිදි අපි ඔබට දෛනික දීමනාවක් ලබා දෙන්නෙමු.
ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා ස`දහා අදාළ වේ.
මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබ`ද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර ස`දහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.
මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත එය අප වෙත ආපසු ලබාදීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.
සැලසුමෙහි ප්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව)
ඔබේ රක්ෂණ සැලසුම සම්බන්ධ වියදම් අඩු කිරීමෙන් අනතුරුව, ඔබ විසින් ගෙවනු ලැබ ඇති වාරික අප විසින් ආපසු ගෙවනු ලැබේත නැතහොත්
සැලසුම තෙවන පාර්ශ්වයකට පවරනු ලැබ ඇති විටෙක, එම සැලසුම පැවරීම ස`දහා ගෙවන ලද මුදල ආපසු ලබාගැනීමට වෙනත් කිසිදු ම`ගක් නැතැයි එම තෙවන පාර්ශ්වය විසින් තහවුරු කරනු ලබන්නේ නම්, ඒ ස`දහා කරන ලද එම ගෙවීම අප විසින් පියවනු ලැබේ (එහෙත් එය ඔබේ මරණය සිදුවූ අවස්ථාවේදී ගෙවන වටිනාකමට වඩා වැඩි නොවනු ඇත*).
යුද්ධ, ආක්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් සාධාරණ අගය පමණක් ගෙවනු ලැබේ.
ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් ස`දහා හේතුව ප්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබද දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.
රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැ`දී සිටින්නේ ප්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම ස`දහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ.
සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප්රතිලාභ අත්වි`දීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිලාභය ස`දහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.
සමාගම විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම ස`දහා පදනම ලෙස සැලකේ. පෙර වසර ස`දහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළ`ග වසර ස`දහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන ඕනෑම ප්‍රතිලාභයක් ස`දහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළ`ග වසර ස`දහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප්‍රකාශ කරනු ලැබේ.
පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වර ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.