ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
රැකවරණය
ආවරණය නතර වීමේ උපරිම වයස
ලබා ගත හැකි වයස් සීමාව
මෙම සැලසුම ලබාගත හැකි ආකාරය
අප ජීවිතය ලෙස හඳුන්වන මෙම ගමනට විවිධ සන්ධිස්ථාන ඇති අතර කාන්තාවන් වශයෙන් අප සෑම කෙනෙකුම එම ගමනේ විවිධ අවධිවල සිටින්නෙමු. නමුත් අප කුමන අවධියක සිටියත්, සෑම කෙනෙකුටම වගේ පොදු හා නිරතුරුවම නොවෙනස්ව පවතින එක් දෙයක් තිබෙනවා. ඒ අපේ පවුල. අපට හැකි පමණින් හොඳම දේ ලබා දෙන, වඩාත් ආදරයෙන් රැකබලා ගන්නා අපගේ ආදරණීයයන්. ඒ අප ඔවුන්ව රැකබලා ගනීවි යැයි අපේක්ෂාවෙන් සිටින අපගේ දෙමව්පියන්, ජීවිත සහකරු සහ අපේ දරුවන් විය හැකියි. අප නොමැති විට පවා ඔවුන් පුරුදු වී සිටින ජීවන රටාව දිගටම පවත්වාගෙන යාමට ඔවුන්ට මූල්‍යමය වශයෙන් සුරක්ෂිතභාවයක් ලබා දීම අපගේ අපේක්ෂාවයි.
ඒ නිසා, AIA She Protect ජීවිත රක්ෂණ සැලසුම, ඔබට සහ ඔබගේ ආදරණීයයන් හට රැකවරණය සැලසීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇත.
AIA She Protect යනු දැරිය හැකි වාරික සහිතව කාන්තාවන්ගේ රැකවරණ අවශ්‍යතා අනුව සකසා ඇති පරිපූර්ණ ජීවිත රක්ෂණ විසඳුමකි. AIA She Protect සමඟ අමතර ප්රතිලාභ 6ක් ඔබට තෝරාගත හැකි අතර එමඟින් ඔබේ පුද්ගලික අවශ්‍යතා සහ අපේක්ෂාවන් අනුව ඔබට අවශ්‍ය රැකවරණය සැලසුම් කල හැකියි. ඔබ ජීවිතයේ කුමන අවධියක සිටියත් අපි ඔබට සහ ඔබගේ ආදරණීයයන් හට හොඳම මූල්‍ය රැකවරණය ලබා දෙන්නෙමු.
වෙනස් වන ජීවන රටාව සහ උද්ධමනය සමඟ ගැලපෙන අයුරින්, වැඩි වන ජීවිත ප්‍රතිලාභය | ඔබට ගැලපෙන අයුරින් රක්ෂණය සැලසුම් කර ගැනීමේ හැකියාව
රක්ෂණ ඔප්පු කාල සීමාව අවසන් වන තුරු හෝ ජීවිත ප්රතිලාභ හිමිකම් පෑමක් කරන තෙක්, සෑම රක්ෂණ ඔප්පු සංවත්සරයකදීම සරළ රේඛීය පදනම මත 5% කින් වැඩි වන ජීවිත ප්‍රතිලාභයක්.
ඔබට රු. මිලියන 1 ත් රු. මිලියන 500 ත් අතර ජීවිත ප්රතිලාභ වටිනාකමක් තෝරා ගත හැකි අතර එය ඔබ වියෝවුවහොත් ඔබගේ ප්රතිලාභීන්හට ලැබෙනු ඇත.
ඔබ අවාසනාවන්ත ලෙස වියෝවීමකට හෝ හදිසි අනතුරක් හෝ අසනීපයක් හේතුවෙන් නිත්‍ය පූර්ණ අකර්මන්‍යතාවයකට පත් වුවහොත්, ඔබේ ප්‍රතිලාභීන්ට ඉදිරි වසර 5 සඳහා මාසික ආදායමක් ලැබෙනු ඇත.
ඔබේ රක්ෂණ ඔප්පුව ආරම්භයේදී ඇති පවුල් ආදායම් ප්රතිලාභ වටිනාකම, මෙම ප්‍රතිලාභයේ හිමිකම් පෑමක් සිදු කරන තෙක් සෑම රක්ෂණ ඔප්පු සංවත්සරයකදීම (සරළ රේඛීය පදනමකින්) 5% කින් ඉහළ යනු ඇත.
ඔබ රක්ෂණ ඔප්පු කාල සීමාව තුළ අවාසනාවන්ත ලෙස වියෝවීමකට පත් නොවුනහොත්, AIA ඔබ විසින් ගෙවන ලද වාරික සියල්ල රක්ෂණ ඔප්පු කාල සීමාව අවසානයේදී ඔබට ආපසු ලබා දෙනු ඇත.
රක්ෂණ ඔප්පු කාල සීමාව තුළ ඔබ ජීවිත ප්‍රතිලාභය හැර ඕනෑම හිමිකම් පෑමක් කර තිබුණද, මෙම ප්‍රතිලාභය ඔබට ගෙවනු ලැබේ.
හදිසි අනතුරක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස වියෝවුවහොත්, ප්රතිලාභීන්හට ජීවිත ප්‍රතිලාභයට අමතරව හදිසි මරණ ප්රතිලාභ මුදලද ලැබෙනු ඇත.
ඔබ හදිසි අනතුරක් හෝ අසනීපයක් හේතුවෙන් නිත්‍ය පූර්ණ අකර්මන්‍යතාවයකට පත් වුවහොත්, ඔබ තෝරාගත් නිත්‍ය අකර්මන්‍යතා ප්‍රතිලාභය ඔබට ලැබෙනු ඇත.
ඔබ හදිසි අනතුරක් හේතුවෙන් නිත්‍ය අර්ධ අකර්මන්‍යතාවයකට පත් වුවහොත්, ඔබේ රක්ෂණ ඔප්පුවේ ප්රතිලාභ වගුවේ සඳහන් කර ඇති ආකාරයට එකී ප්රතිලාභ මුදල ඔබට ලැබෙනු ඇත.
ඔබ හදිසි අනතුරක් හෝ අසනීපයක් හේතුවෙන් නිත්‍ය පූර්ණ අකර්මන්‍යතාවයකට පත් වුවහොත්, රක්ෂණ ඔප්පු කාල සීමාව අවසන් වන තෙක් ඔබගේ රැකවරණය තහවුරු කරමින්, AIA විසින් ඔබ වෙනුවෙන් වාරික ගෙවනු ඇත.
ලැයිස්තු ගත කර ඇති අසාධ්‍ය රෝග හා ශල්‍යකර්ම 37න් එක් රෝගයක් වැළඳුනහොත් හෝ ඉන් එක ශල්‍යකර්මයකට බඳුන් වුවහොත්, මෙම ප්රතිලාභ මුදල ඔබට ලැබෙනු ඇත.
* නියමයන් සහ කොන්දේසි ඇතුළත්ය. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ AIA වෙල්ත් ප්ලෑනර්වරයා හෝ මුල්‍ය සැලසුම් විධායකවරයා සම්බන්ධ කර ගන්න.
රක්ෂිතයා රක්ෂණවර හිමියා නොවන අවස්ථාවකදී, මෙම රක්ෂණ සැලසුමේ ප්රතිලාභ රක්ෂණවර හිමියාට අදාළ වන අතර ආවරණයන් රක්ෂිතයා සඳහා අදාළ වේ. මෙය රක්ෂණ වරය පිළිබඳ සංක්ෂිප්තයකි. කොන්දේසි සහ වගන්ති අදාළ වේ.
මෙම රක්ෂණය සම්බන්ධ වැඩි විස්තර, කොන්දේසි සහ වගන්ති සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න. ඉහත සඳහන් යම් ප්රතිලාභ ඔබට තෝරා ගත හැකි අමතර ප්රතිලාභ වේ.
රක්ෂණ ඔප්පුව ලැබුණු දින සිට දින විසි එකක් (21) ඇතුළත එය අප වෙත ආපසු භාරදීමෙන් ඔබට එය අවලංගු කල හැකිය. එවිට රක්ෂණය සම්බන්ධයෙන් දරන ලද වියදම් අඩු කිරීමෙන් පසුව ඒ දක්වා ගෙවන ලද මුළු වාරික අප විසින් ආපසු ගෙවනු ඇත.
යම් හෙයකින් නියමිත දිනට වාරික ගෙවීමට ඔබ අපොහොසත් වුවහොත්, අදාළ ගෙවීම සිදු කිරීම සඳහා ඔබට දින 30ක සහන කාලයක් හිමි වනු ඇත.