ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
සෞඛ්‍ය රක්ෂණ
ආවරණ කාල සීමාව
ලබාගත හැකි වයස් සීමාව
මෙම සැලසුම ලබාගත හැකි ආකාරය
ඔබ කිසිවිටෙකත් රෝගී වන්න්ට අපේක්ෂා කරන්නේ නැති වූවත්, අනපේක්ෂිතව ඇති වන රෝගී තත්ත්වයන්ට හොඳම වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍යමය වශයෙන් සූදානම්ව සිටීම ඉතා වැදගත් වේ. කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින සෞඛ්‍ය වියදම් හමුවේ හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ගැටලුවක් විය හැකියි. දැනට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී, ඕනෑම හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවයකට කල්තියා සූදානම්ව සිටීම නුවණට හුරුයි.
AIA හෙල්ත් පාස්පෝට් යනු ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඉඩ සලසන පරිපූර්ණ ජාත්‍යන්තර රෝහල් වියදම් ආවරණයක්.
මෙමඟින් කෑෂ්ලස් සේවාව (Cashless Service) මඟින් හෝ ප්‍රතිපූර්ණය යන ක්‍රම හරහා ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් රෝහල් වියදම් ආවරණය කරගන්නට ඔබට පුළුවන්.
ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන සෞඛ්‍ය රක්ෂණයක්
රෝහල්ගතවීමේ වියදම් සඳහා ආවරණය පමණක් නොව, ජීවිත රක්ෂණයෙන් ඔබ්බට ගිය විශිෂ්ට සෞඛ්‍ය හා සුවතා ප්රතිලාභ රැසක් AIA වෙතින් ඔබට පිරිනැමෙයි. එමඟින් ඔබේ ජීවිතය පහසු කරන අතරම, ඔබට සහ ඔබේ ආදරණීයයන්ට වඩාත් සුවපත්, සැපවත්, දිගුකල් දිවියක් ගත කරන්නට අවශ්‍ය සහය සැලසෙනු ඇත.
ඔබේ AIA හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකම රු. 250,000 සිට රු. 50,000,000 දක්වා ඔබ කැමති පරිදි තෝරාගැනීමේ හැකියාව.
කෑෂ්ලස් සේවාව සමග ශ්‍රී ලංකාවේ හෝ ලොව පුරා ( ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව හැර) රෝහල් වියදම් සඳහා ආවරණය.
හොදම සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔබේ කලත්‍රයා, දරුවන් සහ මව්පියන් ඇතුළත් කරගැනීමේ හැකියාව.
ඔබේ අවශ්‍යතාව පරිදි මාතෘ ප්‍රතිලාභය තෝරාගැනීමේ හැකියාව ඇත.
රෝහල්ගත කරන දිනයට පෙර දින 30ක් දක්වා සහ රෝහලෙන් පිටව යාමෙන් දින 30ක් ඇතුළත දැරීමට සිදු වන වියදම් සඳහා හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකමෙන් 5%ක් දක්වා හිමිකම් ලබාගත හැකිය.
ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකම සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති විටෙක, එම ඔප්පු වර්ෂය සඳහා 100%ක අමතර ප්රතිලාභ වටිනාකමක් අමතර වාරිකයකින් තොරව ලබාගත හැකිය.මෙම ප්‍රතිලාභය සෑම ඔප්පු වසරකදීම ලබාගත හැකිය.
(එම ඔප්පු වර්ෂයේ රෝහල්ගත වූ හේතුවකට වෙනස් වූ හේතුවක් නිසා ඔබ රෝහල්ගත වන්නේ නම්)
රක්ෂණ ඔප්පුවේ දක්වා ඇති එක් දින සැත්කම් 136ක් මෙමඟින් ආවරණය කෙරෙනු ඇත.
(පැය 24කට අඩු කාලයක් සඳහා අභ්‍යන්තර රෝගියෙකු ලෙස කෙරෙන රෝහල්ගත කිරීම හෝ බාහිර රෝගී පදනම මත කෙරෙන එක් දින සැත්කම් ඇතුළත්ව)
සෑම වසරකම ඔබේ හිමිකම් ඉල්ලා සිටීමේදී පළමු රු. 50,000 හෝ රු. 100,000 ඔබ විසින් දැරීම මඟින් වාරික සඳහා ඔබට වට්ටම් ලබාගත හැකිය.
ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකමෙන් 2% ක් දක්වා බලපත්‍රලාභී ගිලන්රථ සේවා ගාස්තු ආවරණය කෙරේ.
ගෙවීම් කරනු නොලබන වාට්ටුවක (රජයේ රෝහලක) ඔබ රෝහල්ගත වුවහොත් රු. 25,000 ක දෛනික උපරිමයක් දක්වා ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකමෙන් 1% ක් දෛනිකව ඔබට ගෙවනු ඇත.
ඉන්ද්‍රියක් බද්ධකිරීමක් සිදු කිරීමේදී, ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකම මඟින් ඉන්ද්රිය ප්රදායකයාගේ රෝහල්ගතවීමේ වියදම් ආවරණය කළ හැකිය.
රෝහල්ගතවීමක් සදහා රු. 5000 ක උපරිමයක් දක්වා රෝහල් ඇතුළත්වීමේ ගාස්තු ආවරණය කෙරෙනු ඇත.
බාහිර හෝ අභ්‍යන්තර කෘත්‍රීම ශරීර කොටස් රෝපණය / බද්ධකිරීම් සඳහා ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකමෙන් 20% ක් ලබාගත හැකිය.
වෛද්‍යමය වශයෙන් ඔබට අවශ්‍ය වන දන්ත ප්‍රතිකාර සඳහා
රු. 50,000 ක් දක්වා ආවරණයක් ලබාගත හැකිය.
රජයේ ලියාපදිංචි ආයුර්වේද රොහල් තුළ රෝහල්ගතවීම් සඳහා ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකමෙන් 5% ක් ආපසු පියවාගත හැකිය.
හිමිකම් ඉල්ලා නොසිටින සෑම රක්ෂණ ඔප්පු වර්ෂ 2 කට වරක් AIA විසින් නම් කරනු ලබන රෝහල්වලදී සිදුකෙරෙන සෞඛ්‍ය පරික්ෂාවන් සඳහා ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකමෙන් 1% ක් ලබගත හැකිය.
හිමිකම් ඉල්ලා නොසිටින සෑම රක්ෂණ ඔප්පු වර්ෂයක් සඳහාම ඔබේ හෙල්ත් පාස්පෝට් ප්රතිලාභ වටිනාකම 25% කින් ඉහළ නැංවෙනු ඇත (100% ක උපරිමයකට යටත්ව).
* නියමයන් සහ කොන්දේසි ඇතුළත් ය.
හෙල්ත් පාස්පෝට් යනු AIA සුපර් ප්‍රොටෙක්ටර් සැලසුම යටතේ ඔබට ලබාගත හැකි අමතර සෞඛ්‍ය ප්රතිලාභයකි.
වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ AIA වෙල්ත් ප්ලෑනර්වරයා හෝ බෑන්ක් ඇෂුවරන්ස් විධායක වරයා සම්බන්ධ කරගන්න.
ජීවිත රක්ෂිතයා, රක්ෂණවරහිමියා නොවන අවස්ථාවකදී මෙම රක්ෂණ සැලසුමේ ප්රතිලාභ රක්ෂණවරහිමියාට අදාළ වන අතර, ආවරණයන් ජීවිත රක්ෂිතයා සඳහා අදාළ වේ.
මෙම වෙබ් පිටුව රක්ෂණවරය පිළිබද සංක්ෂිප්තයකි. මෙම සැලසුම සම්බන්ධ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර රක්ෂණ ඔප්පුව බලන්න.
මෙම රක්ෂණ සැලසුම ඔබ වෙත ලැබුණු දිනයේ සිට දින දාහතරක් (14) ඇතුළත අප වෙත දැනුම් දීම මගින් ඔබට එය අවලංගු කළ හැකිය. එවිට ඔබේ රක්ෂණ සැලසුමට අදාළ වියදම් අඩු කරගැනීමෙන් පසුව අප විසින් ඔබේ වාරික ආපසු ගෙවනු ලැබේ.
සැලසුමෙහි ප්‍රථම වසර තුළදී හෝ නැවත අලූත් කිරීමෙන් පසු වසරක් තුළ ජීවිත රක්ෂිතයා සිය දිවි හානි කරගනු ලැබුවහොත් (මනා සිහි කල්පනාවෙන් යුතුව හෝ එසේ නොමැතිව);
යුද්ධ, ආක්‍රමණ, විදෙස් සතුරු කි‍්‍රයාකාරකම්, ගැටුම් හෝ යුදමය ආකාරයේ මෙහෙයුම්, සිවිල් යුද්ධ, කැරළි, කලකෝලාහල, වැඩ වර්ජන, යුද විප්ලව, විරෝධතා, කැරළි, යුදමය හෝ සිවිල් ආකාරයෙන් බලය අල්ලාගැනීම් හෝ ත්‍රස්තවාදය හෝ භීෂණය මගින් කිසියම් රජයක් බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කිසියම් සංවිධානයක් වෙනුවෙන් කි‍්‍රයා කරන කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් කි‍්‍රයාවකට සම්බන්ධව සිටීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ සම්බන්ධ වීමට තැත් කරමින් සිටියදී ජීවිත රක්ෂිතයා සෘජුව හෝ අනියම් ආකාරයෙන් මරණයට පත් වුවහොත් පවාරණ අගය පමණක් ගෙවනු ලැබේ.
ජීවිත රක්ෂිතයාගේ මරණයට අදාළ හිමිකම් සඳහා හේතුව ප්‍රතිශක්ති ඌනතා සංකූලතාව හෙවත් ඒඞ්ස් (AIDS) හෝ මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) වූයේ නම් මරණය පිළිබඳ දැනුම්දීම අප වෙත ලැබෙන දිනයේදී ආයෝජන ගිණුමේ ශේෂය පමණක් අප විසින් ගෙවනු ලැබේ.
රක්ෂණය යටතේ කිසියම් ගෙවීමක් කිරීමට අප වගකීමෙන් බැඳි සිටින්නේ ප්‍රථම සැලසුම් වසර තුන තුළදී නියමිත වාරික ඔබ විසින් ගෙවා ඇත්නම් පමණි. ඔබ විසින් එම නියමිත කලට වාරික ගෙවා නැත්නම් එම ගෙවීම් කිරීම සඳහා අමතර දින තිහක් (30) ඔබට ලබාදෙනු ලැබේ.
සැලසුම ආරම්භ වූ පසු අමතර සෞඛ්‍ය ප්රතිලාභ අත්විඳීමට මාස 3ක පොරොත්තු කාලසීමාවක් ලැබෙනු ඇත. ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිලාභය සඳහා මෙම කාලසීමාව මාස 12ක් වනු ඇත.
සමාගම විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අනුපාතයක් වන මෙය ආයෝජන ගිණුමට ලාභාංශ බැරකිරීම සඳහා පදනම ලෙස සැලකේ. පෙර වසර සඳහා අදාළ වාර්ෂික ලාභාංශ අනුපාතය, පවතින (Current) වර්ෂයේ පළමු හය (06) මස ඇතුළත ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඊළඟ වසර සඳහා සමාගම විසින් වාර්ෂික ලාභාංශ අනුපාතය ප්‍රකාශයට පත් කරන තුරු, ආයෝජන ගිණුමෙහි ශේෂය මත ගණනය කරන ඕනෑම ප්‍රතිලාභයක් සඳහා පදනම වශයෙන් යොදාගනු ලබන අනුපාතයයි. ඊළඟ වසර සඳහා සහතික කරන ලද ලාභාංශ අනුපාතය පවතින වසරේ අවසාන මාස (03) ඇතුළත ප්‍රකාශ කරනු ලැබේ.
පවාරණ අගයක් ලැබීමෙන් පසු ආයෝජන ගිණුමේ ශේෂයෙන් 15% දක්වා එක් වර ආපසුගැනීමක් සිදුකිරීමට ඔබ සුදුසුකම් ලබයි.