Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Retirement & Investment
පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • ඔබ වයස අවුරුදු 30 පසු කරන විට හා ඔබ වයස අවුරුදු 40 ලඟා වූ විට

    Colombo, 01/08/2018

    වයස 30 ගණන්  පසු කරන විට/ ඔබ වයස 40 ලඟා වූ විට, ඒ හා සමඟ බොහෝ විට ඔබේ වගකීම් වැඩිවීමත් සමඟින් මුල්‍ය ගනුදෙනු පෙරට වඩා සංකීර්ණ වීම  සාමාන්‍ය දෙයකි.

    ඔබේ 30 ගණන්වලදී, බොහෝ විට ඔබ, ඔබේ වෘත්තීය ජීවිතය තුළ වඩාත් ස්ථිරභාවයක් ළඟා කර ගන්නා අතර , ශිෂ්‍ය ණය සහ බිල් ස්වල්පයක් ගෙවීම පමණක් නොව ඊට  වඩා සංකීර්ණ අභියෝගයන්ටද මුහුණ දීමට සිදු වනු ඇත. තවද ඔබ මේවන විට විවාහ වී දරුවෙක් හෝ  දෙදෙනක් ඇති මවක් හෝ පියෙක්ද  විය හැක.

    ඔබ මේ  වයසේදී ඔබගේ මුදල් හා සම්පත් සම්බන්ධයෙන් නුවණැති තීරණ ගන්නේ නම් ඒවායේ සාර්ථක ප්‍රතිපල  ඔබේ 40 අවරුදු තුළද භුක්ති විඳිය හැක. විශේෂයෙන්ම  ඒ 40 වයස් ලඟා වන විට ඔබගේ විශ්‍රාමය, පවුලේ සුරැකීම වැනි ප්‍රමුඛතාවයන්  පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් දක්වනු ඇත. එමනිසා, සාර්ථක අනාගතයකට මුල් ගල් තැබීමට ඔබේ 30 වයස් තුළ කල හැකි කාරණා 8ක් පහත විස්තර කර ඇත.

    රැකියාව තුල උසස්වීම් ලැබීම හෝ වෘත්තීය වෙනස්කම් සමඟ ඔබගේ ආදායමේ වර්ධනයක් ඇති වීම  ස්වාභාවික සිදුවීමක් වනු ඇත. ඔබේ ආදායම වැඩිවීමත් සමඟම, ඔබේ වියදම් වැඩි කරගැනීමද ස්වභාවික සිදුවීමකි - ඉහල  බදු, ජීවන රටාවෙහි ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීම වැනි ... ආදායමේ හදිසි ඉහල යෑම් මධ්‍යයේ  ඔබේ වත්කම් ගොඩනැගීමේ සැලසුමට බාධා නොවන ලෙස ජීවිතය කළමනාකරණය කිරීම අතිශයින් වැදගත් වනු ඇත. ඒ සඳහා ඔබේ ආදායමේ වෙනස් කම් සිදු වූ විට පළමුව ඔබේ අයවැය සැලැස්ම  නැවත ඇගයීමට ලක් කරන්න ඉන් පසුව ඔබේ ඉලක්කයන් ළඟා කර ගැනීමට ඔබේ සැලැස්ම ක්‍රියාවට දමන්න. මේ ක්‍රියාව තුල ඔබට වඩා වැදගත් වන්නාවූ ප්‍රමුඛතාවයන් වන -  වත්කම් ගොඩනැගීම, පවුලේ රැකවරණය සැම විටම සිහියේ තබාගන්න.

    විශ්‍රාමය සඳහා වැඩි වැඩියෙන් ඉතිරි කරන්න

    වශ්‍රාමය සඳහා ඔබේ ආදායමෙන් 15% ක් ඉතිරිකිරීම ඔබගේ ඉහලම ඉලක්කය විය යුතුය. පහත ක්‍රියාකාරකම ඒ සඳහා ඔබට උපකාරී වනු ඇත:

    • විශ්‍රාමයෙන් පසු ඔබේ වියදම් කෙසේ වනු ඇත්දැයි සිතන්න
     
    • ඒ වියදම් පිරිමැහීමට ඔබට කෙතරම් ආදායමක් අවශ්‍ය වනු ඇත්ද?
     
    • එම අදායම ලබාගැනීමට අවශ්‍ය ඉතුරුම් කිරීම දැන් සිටම අරඹන්න
     

     මෙම ඉලක්කය ළඟා කර ගැනීමට ඔබට ආධාරකයක් ලෙස  රජය විසින් EPF අරමුදල ස්ථාපනය කර තිබුනද, එයට අමතරව අනෙකුත් ඉතුරුම් විකල්පයන් සලකා බැලීම අත්‍යාවශ්‍ය වනුයේ එය පමණක් නොසැහෙන බැවිනි.

    ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ණය පිළබඳව අවධානයෙන් සිටින්න

    ඔබගේ ක්‍රෙඩිට් කාඞ් වියදම් පිළිබඳව අවධානය යොමු කර නිතිපතා ඒවායේ ශේෂයන් ගෙවන්න. බොහෝ කාඩ්පත් හරහා පැතිර ඇති කුඩා ශේෂය ඔබේ සමස්ත ණය මට්ටමට හානි කළ හැකි බව මතක තබා ගන්න. විවිධ ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් මිලදී ගැනීම් දෙකඩ කිරීම බෙහෙවින් සුදුසු නොවේ. ක්‍රෙඩිට් කාඩ් පත් බොහොමයක් භාවිතා නොකර  නිතිපතා භාවිතා කළ හැකි කාඩ්පත් එකක් හෝ දෙකක්  පමණක් ළඟ තබා ගන්න.

    ණය ගෙවීම් කලට වෙලාවට සිදුකරන්න.

    ණය ආපසු නියමිත කලට ගෙවීම ඔබේ ඉහල ප්‍රමුඛතාවයක් විය යුතුය. අනාගත අවශ්‍යතාවයන් සඳහා ණය ලබා ගැනීමට බලපාන හොඳ ණය ශ්‍රේණිගත කිරීමක් ඒ තුලින් ඔබට පවත්වාගෙන යා හැක.

    ක්‍රෙඩිට් කාඩ් ණය වෙලාවට නොගෙවීම,  පුද්ගලික ණයක් හෝ නිවාස ණයක් ලබා ගැනීමේ ඔබේ  හැකියාවට අහිතකර ලෙස බලපායි. ඔබගේ මුල්‍ය ගමන තුළ අනවශ්‍ය  මාර්ග බාධක වළක්වා ගැනීම සඳහා නියමිත වේලාවට හෝ  නියමිත වේලාවට කලින් ගෙවනු ලබන ණය ප්‍රයෝජනවත් වනු ඇත.

    ඔබගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන වියදම් සඳහා අරමුදලක් පිහිටුවන්න.

    ඔබගේ වයස අවුරුදු 30 ක් නම්  ඔබට බොහෝ විට දරුවෙකු සිටිනවා ඇත. ඔවුන්ගේ අනාගත අවශ්‍යතාවයන් සඳහා සැලසුම් කිරීම ආරම්භ කිරීමට යෝග්‍ය කාලය මෙයයි. ඔවුන්ගේ අනාගත අධ්‍යාපන වියදම් සඳහා ගෙවීමට ඔබගේ විශ්‍රාම ඉතුරුම් භාවිතයට ගැනීම  දිගුකාලීනව  දුර්වල තේරීමක් වනු ඇත. බොහෝ මූල්‍ය  ආයතන විවිධ අධ්‍යාපනික  ඉතුරුම් සැලසුම් සඳහා විකල්ප ලබා දෙයි, ඉන් සුදුසුම සැලසුම කුමක්ද කියා දන ගැනීමට  තවද ඔබට මූල්‍ය  සැලසුම්කරුවෙකුගේ උපකාරය ලබා ගත හැකිය. ඔබේ අවශ්‍යතාවයන්ට  ගැලපෙන දේ කුමක්දැයි සොයා බැලීමට වෙහෙස වන්න, හැකි ඉක්මනින් ආරම්භ කරන්න!

    හදිසි අවශ්‍යතාවයන්ට යොදා ගත හැකි අරමුදලක් ගොඩනගාගන්න

    මෙය ඔබේ 20 වයස් තුල ආරම්භ කිරීමට යුතු පුරුද්දකි. ඔබේ 30 වයස්  තුල, ඔබට වඩා වැඩි පුද්ගලයින් සඳහා මූල්‍ය  වගකීම් භාර ගැනීමට සිදු වනු ඇත උදා - ඔබගේ කලත්‍රයා, දරුවන් හෝ දෙමාපියන්.

    ඒ නිසාම හදිසි අවශ්‍යතාවයකදී යොදා ගත හැකි අරමුදල තවත් වැඩි කර ගැනීම ඉතා වැදගත් ය. එම අරමුදල අවම වශයෙන් මාස 6 ක ආදායමකට සමාන කර ගෙන තිබිය යුතු වන්නේ, අනපේක්ෂිත රැකියා අහිමිවීමකදී පවා ඔබගේ පවුලට සහාය වීමට ඔබට  එමගින් හැකි වනු නිසාය.

    ඔබේ රක්ෂණාවරණය සකසාගන්න, ජීවිත රක්ෂණය ලබා ගන්න.

    ඔබේ රක්ෂණ ආවරණය යාවත්කාලීන කිරීමේ අරමුණ විය යුත්තේ  ඔබ මත යැපෙන ඔබගේ ආදරණීයයන් සුරක්ෂිත කිරීම සඳහාය. අනපේක්ෂිත සිද්ධියක් සිදුවන්නේ නම් ඔබගේ යැපෙන්නන්ට ඔබගේ පවතින ජීවිත රක්ෂණ  සැලසුම ප්‍රමාණවත් බව තහවුරු කර ගන්න. ජීවිත රක්ෂණ සැලැස්මක් තරුණ වියේදී ලබා ගැනීමේ ප්‍රයෝජනය වන්නේ ඒ වයස් තුල ගෙවිය යුතු වාරික වටිනාකම අඩු නිසාය. ඔබගේ අවශ්‍යතා හා ජීවිත අවධීන් අනුව වෙනස්වන රක්ෂණ සැලසුමක් සොයා ගන්න: https://www.aialife.com.lk/en/our-products/retirement.html

    ණය වගකීම් ගෙවා අවසන් කරන්න

    ඔබ විශ්‍රාම යන අවස්ථාව වන විට සියලු ණය ගෙවා අවසන් කර ගැනීමට උත්සාහ කරන්න. මෙය විශේෂයෙන්ම ඉහල පොලී අනුපාත ඇති ක්‍රෙඩිට් කාඩ් ණය සඳහා අදාළ වේ. වෙනත් පුද්ගලික ණයක් හෝ ඉතිරිව ඇති උකස් ණය ගෙවා අවසන් කිරීමටද පියවර ගන්න. මේ  සඳහා  තාවකාලිකව ඔබගේ ඉතුරුම් සඳහා දෙන ප්‍රමුඛතාවය පසක දමා ණය ගෙවා අවසන් කිරීමට යොමු වන්න.

    ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන ඉතුරුම් සහ විශ්‍රාමික ඉතුරුම් වෙන් වෙන්ව පවත්වාගෙන යන්න

    ඔබේ 30 වයස් වලදී ගොඩනගාගත්  ඉතිරි කිරීමට ඇති පුරුදු  ඉදිරියටත්  පවත්වා ගෙන යාම ඔබේ මුළු ජිවිතයටම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. ඔබේ දරුවන්ගේ  අධ්‍යාපන අරමුදල් සහ ඔබේ පෞද්ගලික ඉතිරි කිරීම් වෙන් වෙන්ව තබාගන්න. දිගු කාලීනව ඔබේ දරුවාගේ අධ්‍යාපනයට අරමුදල් සැපයීමට ඔබේ විශ්‍රාම ඉතිරිය භාවිතා නොකළ යුතුය. අනපේක්ෂිත පෞද්ගලික හෝ පවුලේ අවශ්‍යතා  සඳහා ඔබගේ හදිසි අරමුදල දිගුකාලීනව පවත්වාගෙන යාමට උත්සාහ කරන්න.

    ඉපැයිමේ හැකියාවන් හැකිතාක් ගොඩනගාගන්න

    මෙය ඔබේ දිගුකාලීන ඉපැයීම් සඳහා ප්‍රබලව බලාපානු ඇත. ඔබ අත්දැකීම් බහුල වෘත්තිකයෙක් වන විට ඔබේ ඔබේ සේවය සඳහා වැඩි වේතන ඉල්ලා සිටීමට බිය නොවන්න. ඔබගේ ක්ෂේත්‍රයේ අපේක්ෂිත ප්‍රමිතීන්ට සාපේක්ෂව ඔබේ වැටුප අධීක්ෂණය කරන්න. වෙළඳපොළේ ජ්‍යෙෂ්ට නායකත්ව අවස්තාවන්  හෝ උපදේශක තනතුරු බලන්න.

    ඔබ වයස යන විට හා ඉහල වැටුප්  ලබනා විට නව රැකියා අවස්ථා ලබා ගැනීම පහසු නොවන බවත් වඩා වැඩි කාලයක් ගතවන බවත් සැලකිල්ලට ගන්න. නව තාක්ෂණික ක්‍රමවේදයන් සහ නව හැකියාවන් සැම විටම හඹා යන්න, පුහුණු වෙන්න.

    Heading into 30s or 40s

    Reference - AIA Malaysia

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .