Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Retirement & Investment
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • ණය බරින් නිදහස් විශ්‍රාම දිවියක් අත්විඳීමට උපදෙස්

    Colombo, 28/10/2019

    විශ්‍රාමය, ජීවිතයේ සුන්දර මෙන් නිදහස් ලෙස ගත කරන කාලයක් විය යුතුයි. අවාසනාවකට බොහෝ දෙනෙකුට, රැකියාවේ යෙදෙන කාලය තුළ තමන්ගේ විශ්‍රාම දිවිය පිළිබඳ නිසි සැලසුමක් නො තිබීම නිසාත්, අහිතකර මූල්‍ය කළමනාකරණ සහ ණය ලබාගැනීමේ පුරුදු නිසාත්, විශ්‍රාම සමයේ පවා ණය බරින් මිදීමට නොහැකිව පෙරටත් වඩා වෙහෙසින් හා සිතේ බරින් ගත කිරීමට සිදු වී තිබේ.

    නිසි විශ්‍රාම සැලසුම් කරණය තුළ තමාගේ ආදායම් මාර්ග හඳුනා ගැනීම, වියදම් නිසි ලෙස ඇස්තමේන්තු කිරීම නිත්‍ය ඉතිරුම් වැඩසටහනක් පිළිපැදීම සහ තමාගේ වත්කම් සහ අවදානම් කළමනාකරණය කිරීම යන අංග ඇතුළත් විය යුතුයි. එමෙන්ම අනාගතයේ ඔබට ලැබිය හැකි ආදායම් නිසි ලෙස ඇස්තමේන්තු කිරීමෙන් ඔබගේ විශ්‍රාම ආදායම් ඉලක්ක ළඟා කර ගැනීමේ හැකියාව නිර්ණය කළ හැක.

    විශ්‍රාම දිවියේ ප්‍රමුඛතම ඉලක්කය විය යුත්තේ මූල්‍යමය නිදහසයි. එම නිදහස ලබා ගැනීමට නම් ඔබ ඒ වන විට කර තිබෙන සියලු ඉතුරුම් සහ ආයෝජනයන් මගින් හිමි වන පොළී  ආදායම, ඔබේ විශ්‍රාම සමයේ දෛනික වියදම් ගෙවා නිමි කිරීමට සෑහෙන ආදායමක් විය යුතුයි. සැලකිය යුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම් මෙම විශ්‍රාම ආදායම ඔබගේ අනෙකුත් වගකීම් සහ ණය ගෙවා දැමීමෙන් අවසන් නොවිය යුතුයි.

    ඕනෑම පුද්ගලයෙකුගේ රැකියා කාලයේ මුල් අවධි තුළ යම් ණය, උකස්  අවදානමක්,  ලබා ගැනීමට යොමු වීම සාමාන්‍ය කාරණාවකි. නමුත් ඔබේ ඉලක්කය විය යුත්තේ මෙම ණය මුදල් සියල්ල විශ්‍රාම වයසට පෙර ගෙවා නිම කිරීම ය

    ඔබ සැලකිලිමත් විය යුතු ණය ක්‍රම කිහිපයක් පහත දැක්වේ

    උකස් ණය

    රැකියාවක් අරඹන බොහෝ දෙනාගේ මුල් ඉලක්කයක් වන්නේ තමාගේ ම කියා නිවසක් ගොඩ නගා ගැනීමයි.  නිවසක් හෝ භූමියක් ඔබගේ ම උරුමයක් ලෙස ඔබට තිබේ නම්  ඔබ වාසනාවන්තයි! එසේ නොමැති බොහෝ දෙනෙකුට තමා ගේම නිවසක් තනා ගැනීමට උපකාරී වන සුලබ ණය ක්‍රමයක් වන්නේ උකස් ණයයි. උකස් ණය සාමාන්‍යයෙන් ඉහළ අගයක් ගන්නා බැවින්  එය හැකි ඉක්මනින් (අවම වශයෙන් ඔබගේ විශ්‍රාමයට ප්‍රථමයෙන්) ගෙවා අවසන් කිරීමට ඔබ වෙහෙසිය යුතුයි. ඔබේ රැකියාවේ ආදායම වර්ධනයත් සමඟ, ඔබට  ගත හැකි තවත් ඥානවන්ත තීරණයක් වන්නේ ණය ගෙවීමේ කාල සීමාව හැකි තාක් කෙටි කර නැවත සකස් කර ගැනීමයි.

    වාහන ණය

    මෙය විශ්‍රාම දිවිය තුළ අනවශ්‍ය වගකීමක් හා බරක් විය හැකියි. ඔබේ විශ්‍රාමය අත ළඟ තිබිය දී  ඔබේ රැකියාවේ සාර්ථකත්වය පදනම් කර ගනිමින්, ඔබේ සිහින මවන වාහනයක් මිල දී ගැනීමට ඔබට පෙලඹීමක් පැමිණිය හැක. නමුත් මතක තියා ගත යුතු වැදගත් කාරණාවක් වන්නේ සුඛෝපභෝගී වාහන මිල දී ගැනීම සඳහා ලබා ගන්නා අධික ණය මුදල් ගෙවා නිම කිරීමට යන්නා වූ කාලසීමාව ඔබේ විශ්‍රාම කාලය තුළටත් ගලා යන්නේ නම් එය විශාල මූල්‍යමය බරක් විය හැකි බවයි. මෙමගින් ඔබගේ මාසික විශ්‍රාම වියදම් උවමනාවට වඩා ඉහළ යවමින්, ඔබට දැරීමට අපහසු මූල්‍ය පීඩනයක් එල්ල විය හැක.  සමහර විට ඔබට සමාගමේ වාහනයක් තිබුණේ නම්, විශ්‍රාමයට ආසන්නව ඔබේ ම කියා වාහනයක් මිල දී ගැනීමට ඔබ යොමු විය හැක. නමුත්  මෙයත් ඔබේ විශ්‍රාම දිවිය තුළ මූල්‍යමය වෙහෙසක් ගෙන දෙන වියදමක් බවට පරිවර්තනය විය හැකි බව සිතේ තබා ගන්න.

     

    Air Pollution

    ණයපත් (credit cards)

    බොහෝ දෙනා තමාගේ වගකීම් සපුරා ගැනීමට තමාගේ credit card තුළින් ණය ලබා ගැනීම  රහසක් නොවේ. ඔවුන්ට තමාගේ මාසික ආදායම, තමාගේ මාසික වියදම් කළමනාකරණයට සෑහෙන්නේ නැතැයි හැඟේ. එබැවින් ඔවුන් credit card මත හෝ තාවකාලික ණය මත යැපීමට පුරුදු වේ.  විශ්‍රාමයට ප්‍රථම ව, මූල්‍ය කළමනාකරණය ආශ්‍රිත යහ පුරුදු අනුගමනය කිරීම මගින්, ඔබ මෙම අහිතකර පුරුද්දෙන් මිදීම ඉතාමත් වැදගත් වේ.

    ව්‍යාපාරික ණය සහ වගකීම්

    ඔබ ව්‍යාපාරයක් අයිති පුද්ගලයෙක් හෝ ව්‍යවසායකයෙක් නම් ඔබේ ව්‍යාපාරය ගොඩනැගීමට ණය මුදල් යොදා ගෙන තිබෙන්නට ඇත. නමුත් ලබා ගත් එම ව්‍යාපාරික ණය සියල්ල ගෙවීමට ඔබ පුද්ගලිකව වගකීමෙන් බැඳී සිටී. එබැවින් ව්‍යවසායකයෙක් ලෙස විශ්‍රාමයට  පෙර මෙම ණය මුදල් ගෙවා නිම කිරීමට කටයුතු කිරීම ඥානවන්තයි.

    රක්ෂණය

    ඔබේ ජීවිතයේ මුහුණ දිය හැකි අවිනිශ්චිතතාවයන් සඳහා බියක්, සැකයක්  නැතිව මුහුණ දීමට කදිම මාර්ගයක් වන්නේ රක්ෂණයයි. මුලදී රක්ෂණ වාරික මාසික වියදමක් වුවත්, රක්ෂණය අවසානයේ, විශ්‍රාමයට විශාල උපකාරයක් වන අරමුදලක් හෝ ආදායමක් එය හිමි කර දෙයි. මේ සඳහා ඔබගේ රක්ෂණය පරිණත වන කාල, ඔබේ විශ්‍රාම යන කාලයට අනුරූප වන සේ සකසා ගත හැක. එවිට විශ්‍රාමයේ දී එය ඔබ සඳහා අතිරේක ආදායමක් වනු ඇත.

    ප්‍රඥාවන්ත ව සිතන්න, ප්‍රඥාවන්ත ව ආයෝජනය කරන්න, ප්‍රඥාවන්ත ව විශ්‍රාම යන්න

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .