ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
කොළඹ, 27/01/2022
අප ජීවත් වන්නේ ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙන්ම නිරන්තරයෙන් වෙනස් වන පරිසරයකය. අනාගතය සඳහා සැලසුම් කිරීම සෑම කෙනෙකුටම අත්‍යවශය කරුණක් වන අතර එය ඔබ කලින්ම ආරම්භ කලවිට දිගු කාලීන ප්රතිලාභ සමගින් සිතේ සැනසුම උදා කරගත හැකිවනු ඇත.
මුල්‍යමය වශයෙන් සුරක්ෂිතවීම ආරම්භ කලයුත්තේ ඔබගේ විශ්‍රාම දිවිය සැලසුම් කිරීම තුලින් බව මතක තබා ගත යුතුවේ. ශ්‍රී ලංකාවේ ජනගහනය වයසට යමින් පවතින බව හඳුනාගෙන ඇත, එබැවින් ඔබ විශ්‍රාම සමය සැලසුම් කිරීම ප්‍රමාද නොකළ යුතුය.
විශ්‍රාම දිවියට එළඹීම අප සිතා ගැනීමට පෙර සිදුවිය හැකිය . ඒ සඳහා වැදගත්ම පියවර වනුයේ ඔබ ක්‍රියාශීලීව රැකියාවේ යෙදී සිටින විටම ඒ සඳහා ආයෝජනය කිරීමයි.
මුල්‍යම වශයෙන් සුරක්ෂිත පුද්ගලයන් විශ්‍රාම දිවියට අවශ්‍ය මුල්‍ය ස්ථාවරත්වය සහ ආරක්ෂාව පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඒ සඳහා අවශ්‍ය නිවැරදි පියවර ගනිති. ඒ අනුව ඔවුන් අවශ්‍ය කාලයට ඉහළ ප්රතිලාභ ලැබෙන වඩාත් සුරක්ෂිත විශ්‍රාම සැලැසුම් සඳහා ආයෝජනය කර එකඟ වූ කාල සීමාව දක්වාම එය පවත්වා ගෙන යනු ලබයි. මෙලස විශ්‍රාම දිවිය සැලසුම් කිරීම තුලින්, සංචාරය කිරීම, විනෝදාංශවල යෙදීම වැනි විශ්‍රාම දිවියට වටිනාකමක් එක් කරන ක්‍රියාවල නිරත වෙමින් ඔබගේ සැඳෑ සමය විවේකයෙන් මෙන්ම මානසික සුවයෙන් යුතුව ගත කිරීමට හැකිවනු ඇත.
ඔබ තවමත් මුල්‍යම වශයෙන් සුරක්ෂිත විශ්‍රාම දිවියක් සැලසුම් කිරීම පිළිබඳව සිතා නොමැති නම්, ඔබට ඒ සඳහා දැන්ම යොමු විය හැකිය. ඔබ ඒ සඳහා තවමත් ප්‍රමාද නොමැති බව තේරුම් ගෙන විශ්‍රාම ගැනීමේ වයසට ආසන්න වන විට ආයෝජන ගැන සිතමින් ආතතියට පත් නොවී අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීම වඩා වැදගත්වේ.
ඔබගේ විශ්‍රාම දිවිය මුල්‍ය ස්ථාවරත්වයකින් සුරක්ෂිත කර ගැනීම සඳහා ඔබට අනුගමනය කල හැකි පියවර කිහිපයක්-
විශ්‍රාමය සඳහා සැලසුම් කිරීම පමා නොකළ යුතුයි. සමහරෙක් එලෙස කල්තියා සැලසුම් කරන්නේ නැති අතර විශ්‍රාම යනතෙක්ම ඒ සඳහා අවධානය යොමු නොකරයි. අපි වයසට යනවිට ඉපැයීමට තිබෙන හැකියාව අවම වෙනවා. එමනිසා විශ්‍රාමය හොදින් සැලසුම් කිරීමට අවශ්‍ය විකල්ප ක්‍රම පිළිබඳව කල්තියා සොයාබලා කටයුතු කිරීම අප සැමගේ වගකීමක්. එලෙස තරුණ කාලයේ සිටම හරියාකාරව අපගේ අනාගතය සැලසුම් කළහොත් සැඳෑ සමය කිසිවෙකුට කරදයක් නොමැතිව සතුටින්, සිතේ සැනසීමෙන් ගත කරන්න හැකියාව ලැබෙනු ඇති.