ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 13/09/2019
අප දෛනිකව ලබාගන්නා ආහාරයෙහි අඩංගු ප්‍රයෝජනවත් කොටස් වන “පෝෂ්‍ය පදාර්ථ” මත මිනිසාගේ වර්ධනය හා පැවැත්ම රඳා පවතී. ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන පහත සඳහන් ද්‍රව්‍ය පෝෂ්‍ය පදාර්ථ යනුවෙන් හැඳින්වේ.
ඉහත ආහාර ද්‍රව්‍යවල අඩංගු කෙඳි හෙවත් තන්තු (fiber) ආහාර වේලක අඩංගු විය යුතු වැදගත්ම අංගයක් වන බව අද වන විට හඳුනාගෙන ඇති අතර ඊට ගැළපෙන ජලය ප්‍රමාණයක් ද අඩංගු වීම ඉතා වැදගත් ය.
පෝෂණ අවශ්‍යතාව සපුරාලන ආහාර තෝරාගැනීම
ශරීරයට අවශ්‍ය ශක්තිය, විටමින් හා ඛනිජ ලවණ ලබාදෙන විවිධ ආහාර බහුල ලෙස ඇත. ආහාර හා ආහාරමය නිෂ්පාදන සුලභ රටවල ප්‍රධාන ප්රශ්නය වී ඇත්තේ සුදුසු ආහාර ඥාණාන්විත ව තෝරාගැනීමයි. ප්‍රධාන ආහාරය වශයෙන් බත් අනුභව කරන ශ්‍රී ලංකාව වැනි රටවල ශරීරයට අත්‍යාවශ්‍ය ශක්තිය ලබාදීමට ප්‍රමාණවත් බත් ප්‍රමාණයක් භෝජනයට ඇතුලත් නම් අපට දිනකට අවශ්‍ය වන ප්‍රේටීන් ප්‍රමාණය ද එහි ඇතුළත් බව පිළිගත් මතයකි. එවිට ශරීරයට අත්‍යාවශ්‍ය අනිකුත් පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට මූලික ආහාර ප්රභේදයන් වර්ග 4ක් කොට සාකච්ඡා කිරීම, අවබෝධ කරගැනීමට ඉතා වැදගත්ය.
මූලික ආහාර කාණ්ඩ -
වැරදි ලෙස ආහාර තේරීම
වැරදි සහගත ලෙස ආහාර තේරීමට හේතුවන ප්‍රධාන කරුණු දෙකක් වේ.
පෝෂ්‍ය පදාර්ථවලින් හීන වූ මිල අධික ආහාර සුලභ එමෙන්ම දේශීය ආහාරවලට වඩා උසස් යැයි සිතීම.
මිලදී ගත් සැනින්ම ආහාරයට ගතහැකි වීම හා ප්‍රියමනාප ලෙස ඇසුරුම් හෝ ටින් කළ ආහාරවලට මිනිසුන්ගේ ඇති රුචිකත්වය. මෙහිදී ගුණාත්මක භාවයට වඩා බොහෝදෙනා සිත් යොමු කරනුයේ තම කාර්යබහුල ජීවිතයේ වෙලාව ඉතිරි කරගැනීමටයි.
ප්‍රමාණවත් ආහාර වේලකට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය
නිසි ආහාර වේලක පහත සඳහන් දෑ අන්තර්ගත විය යුතුය.
එසේම දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර ප්‍රධාන ආහාර වේල් සමගින් තන්තු බහුල ආහාර ද ගතයුතුය. ඒ සමගින් සැලකිය යුතු ජල පරිමාවක් පානය කළ යුතු අතර ඉහත සාධකයන් එක් එක් අයගේ අවශ්‍යතාව, රෝගී - නිරෝගීකම මත රඳා පවතී.
ඉහත ආකාරයට සැදුම් ලත් ආහාරය ප්‍රධාන වශයෙන් අප උදේ, දවල්, රාත්‍රී ලෙස ප්‍රධාන ආහාර වේල් 3කින් ආවරණය කරගන්නා අතර පෝෂණ අවශ්‍යතාවය අනුව අප උදෑසන දී කුමාරයකු ලෙස සරල සාමාන්‍ය ආහාරයක් ගතයුතුය. මෙහිදී රාත්‍රී ආහාරය ගෙන පැය 10-12 පමණ ඉක්ම ගොස් ඇති නිසා ආමාශයේ ආම්ලික ගතිය වහා අඩු කරගැනීමට සමත් සාමාන්‍ය ආහාරයකින් සෑහීමට පත්වීම දවස ආරම්භ කිරීමට මහත් රුකුලකි. එසේම දිවා ආහාරය රජකු සේ ගැනීම ජන වහරේ සඳහන් වන ආකාරයට ම මහත් අර්ථයක් ඇත්තකි. දිවා කාලයේ දී අප සිතින්, ගතින් මහන්සි වන නිසා වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර දිවා කාලයේ වැඩි කැලරි (ශක්ති) ප්‍රමාණයක් සහිත වැඩි ආහාර ප්‍රමාණයක් ගත්තාට වරදක් නැත.
නමුත් රාත්‍රී කාලයේ දී ජන වහරේ සඳහන් වන්නේ සිඟන්නෙකු ලෙස සරල ආහාර වේලක් ගත යුතු බවයි. සැබැවින්ම එය ඉතා අර්ථවත් අදහසක් වන අතර වෛද්‍ය විද්‍යාත්මකව රාත්‍රී කාලයේ දී එනම් නින්දේ දී පසුවන ශරීරයේ විවේක කාලයේ දී විවිධ ජෛව රසායනික ක්‍රියාවලීන්ට අවශ්‍ය අවම ශක්තිය සැපයීම ප්‍රමාණවත් ය. එහෙයින් එලවලු, සුප් කැඳ වැනි සරල ආහාරයක් ගෙන නින්දට යාම සෞඛ්‍ය සම්පන්න බවට ඉවහල් වේ.
සුවබර නින්ද හා ඔබ නිදන මෙට්ටයේ ප්‍රමිතිය
හොඳ පෝෂ්‍යදායී රාත්‍රී ආහාර වෙලක් ලබාගත්ත ද රාත්‍රීයේ දී සුවදායී නින්දක් නොලැබුනොත් ලබාගත් පෝෂණයෙන් ද ඵලක් නැතිවෙනවා. රාත්‍රීයේ දී සුවදායී නින්දක් සඳහා විවිධ කරුණු බලපානු ලැබේ. එසේ වුවත් ඒ සඳහා බොහෝ කරුණු කාරණා අතර ඔබ සැතපෙන මෙට්ටය එයට සෘජුවම බලපාන වැදගත්ම සාධකය බව ඔබ මොහොතකට හෝ අවධාරණය යොමු කළා ද? වෙහෙසකාරී දෛනික දිවිපෙවෙත නිමාකර පසුදා උදෑසන ප්‍රබෝධමත්ව දවස ඇරඹීමට රාත්‍රීයේ ලබන සුවබර නින්ද, ශරීරික මෙන්ම මානසික විඩාව සංසිඳුවන දිව ඔසුවක් බඳුය.
නින්දේ දී ඔබ යහනේ ඒ මේ අතට පෙරළෙන අයකු නම් හෝ උදෑසන අවදි වනවිට ඔබගේ ගෙලෙහි හෝ කොන්දේ වේදනාවක් ඇති වී තිබේ නම් ඉන් පිළිබිඹු වන්නේ ඔබ නිදන මෙට්ටය ඔබගේ නින්දට පමණක් නොව ඔබගේ සෞඛ්‍යයට ද අහිතකර තත්ත්වයක් පවතින බවයි. එසේනම් දවස අවසානයේ සහනයක් ලබාගැනීම සඳහා සුවදායී නින්දක් පතන ඔබ ඒ සඳහා සැතපෙන මෙට්ටයේ යෝග්‍යතාවය පිළිබඳව වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු ය.
එදිනෙදා දහසකුත් එකක් කාර්යයන්හි ප්‍රබෝධමත්ව යෙදීම සඳහා රාත්‍රීයේ ලබන සුවබර නින්ද අමිල සම්පතක් වනබව නොරහසකි. ඇත්ත වශයෙන්ම රාත්‍රීයේ සුව නින්දක් ලැබීම යනු මිල කළ නොහැකි ශාරීරික, මානසික විවේකයක් මෙන්ම සහනයක් ද ලැබීමකි.
මෙතෙක් ඔබ වෙහෙසට පත්කළ පීඩාකාරී නින්දක් තවදුරටත් පවත්වාගෙන, ඔබගේ සෞඛ්‍යයට සහ සුවයට අතිශය වැදගත් වන නිදිසුවයට බාධා පමුණුවාගැනීමෙන් මිදීමට කාලය සහ හැකියාව දැන් එළඹ තිබේ. හොඳ මෙට්ටයක් මත ලබන සුවබර නින්දකින් පසුව සෞඛ්‍ය සම්පන්නව සුවදායී ලෙස පිබිදී ඔබේ දෛනික කටයුතු සාර්ථක කරගන්න.
විද්‍යාකීර්ති දේශාභිමානී වෛද්‍ය අනුර අරඹගේ
MD (Russia), Dip in PT
කළමනාකාර අධ්යක්ෂ
රාජකීය සෞඛ්‍ය සහන සේවය - මහනුවර