Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • දුම් පානයෙන් වැළකීමට මේ ‍හොඳම අවස්ථාවද?

    01/06/2021

    is it time to quit smoking?

    දුම් පානය කරන සෑම අයෙකුම අවම වශයෙන් එක් වරක්වත් ඔවුන්ගේ ජීවිතයේ එක්තරා තැනකදී මේ ප්‍රශ්නය විමසයි. දුම් පානය කිරීමේ පුරුද්ද පිළිබඳව බුද්ධියෙන් විමසා බලන්නට ඉතා වැදගත් තොරතුරු අපි එක් රැස් කරන්නට කටයුතු කළේ එබැවිනි. සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් උදෙසා වැදගත් තීරණ ගන්නට දැනුවත්භාවයෙන් සිටීම ඉතාමත් වැදගත්ය.  

    why do people smoke?

    මිනිසුන් දුම් පානය කරන්නේ ඇයි?  

    මනෝසමාජයීය සිතුවිලි : වැඩිහිටි වියට පා තැබීමේ ලක්ෂණ පෙන්නුම් කරන පූර්ව යෞවන අවධියේදී මානව ප්‍රජාව ස්වභාවයෙන්ම අත්හදා බැලීම් සඳහා යොමුවීම සාමාන්‍ය තත්ත්වයකි. විශේෂයෙන්ම ජනප්‍රිය සංස්කෘතිය හා නූතන ප්‍රචාරණ සන්නිවේදනයන් මගින් ඒ සඳහා යෞවනයින් තුල පෙළඹවීම් ඇති කරයි. බොහෝ දුම් පානය කරන්නන් සම්බන්ධයෙන් විමසිලිමත් වීමේදී ඔවුන්ගේ අතීත පසුබිම තුළ දුම් පානය කරන්නන් ඔවුන්ගේ සමීපතමයින්ව සිට ඇති බව  පෙනී යයි. 1

    මිතුරන් අතරින් මතුවන පීඩනය : දුම් පානය කරන මිතුරන් සිටී නම් ඔවුන්ගෙන් ඇතිවන පීඩනය හමුවේ මෙම අහිතකර පුරුද්දට බොහෝ දෙනා ඇබ්බැහි වනු දැකගත හැකිය2.

    විමසිලිමත්බව ඉහළ යාම: ‘නිකොටීන් යනු මානසික උත්තේජනයක් වන අතර, අලුතින් දුම් පානය කරන්නන් තුල සරල ප්‍රතික්‍රියා කාලය වේගවත් කරමින් තිරසාර අවධානයක් සහිත කාර්යයන්හි කාර්යසාධන මට්ටම ඉහළ නංවයි’. කෙසේ වෙතත් ඉවසීමේ හැකියාව වර්ධනය වීමත් සමග දුම් පානයට ඇබ්බැහි වූවන් මෙම බලපෑම් සහගත පුරුද්ද දිගින් දිගටම අත්විඳීමෙන් වැළකී සිටිති. 1

    ආතතිය වළක්වයි :  දුම් පානය කරන්නන් පවසන්නේ සිගරට් මගින් ඔවුන්ගේ මානසික ආතතිය පාලනය වන බවයි. කෙසේ වෙතත්, පර්යේෂකයින් විසින් සිදුකරන ලද අධ්‍යයනයන් හරහා පැහැදිළි වන්නේ නිරන්තර දුම් පානයෙන් ලැබෙන චක්‍රීය තෘප්තිය හා නිකොටීන් ඉවත් කරගැනීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බවයි.1   

     

    tobbaco kills

    වැදගත් කරුණු

    සෑම ආකාරයකම දුම් කොළ ශරීරයට අහිතකර වන අතර, දුම් පානය කරන්නන්ගෙන් 50% කට ජීවිත හානි ඇති කරයි.

    දුම් පානය නිසා වර්ෂයකට ලොව පුරා මිනිස් ජීවිත මිලියන 8කට අධික සංඛ්‍යාවක් අහිමි වේ. 

    ලෝකයේ දුම් පානය කරන ජනතාවගෙන් 80%කට අධික ප්‍රමාණයක් ජීවත්වන්නේ අඩු හෝ මධ්‍යම ආදායම් මට්ටම් සහිත රටවලය.

    දුම් පානය කරන්නන්ට එයින් මිදීම සඳහා අනික් අයගේ සහයෝගය අවශ්‍යය.

    මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය3

    whats so harmful in tobbaco?

    දුම් කොළ වල වඩාත් හානිකර මොනවාද?   

    දුම් කොළ දුමාරයෙහි අඩංගු වන රසායනිකයන් ඔබේ සෞඛ්‍යයට ඉතාමත් හානිකරය

    නි‍කොටීන් : නිකොටීන් සාපේක්ෂව හානිකර නොවන බව අපට කිව හැකිද? එසේ පැවසීම බුද්ධිමත්    

    ප්‍රකාශයක් නොවන බව අපගේ අදහසයි. නිකොටීන් යනු දුම්පානයට ඔබව ඇබ්බැහි කරවන්නක් වන   අතර වැඩි වශයෙන් දුම්පානය කිරීමේ අවශ්‍යතාවය ඔබ තුල ජනිත කිරීමට නිකොටීන්වලට හැකියාව තිබේ.4

    කාබන් මොනොක්සයිඩ් : මෙම විෂ සහිත වායුව ඔබේ රුධිරයෙහි ඇති ඔක්සිජන් ප්‍රමාණය අවම කරවන අතර, ඔබේ හදවතෙහි ක්‍රියාකාරීත්වය අඩුකරමින් පෙනහළුවල නිසි ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි.4

    තාර : දුම් පානය කරන්නන්ගේ දත් හා ඇඟිලි අවපැහැ ගැන්වීමට තාර රසායනිකය බලපාන අතර, විශාල වශයෙන් පිළිකාකාරකයන් අන්තර්ගතය.4

    දුම් පානය කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස තවත් අහිතකර රසායනිකයන් වන බෙන්සීන්, ආසනික් හා ෆෝමල්ඩිහයිඩ් ආදිය ශරීරයට ඇතුළුවීම සිදු වේ. 4

    ඔබ දුම්පානය කරන්නේ නම් ඔබට ඇති විය හැකි සෞඛ්‍යමය හානි මොනවාද?

    දුම් පානය ඔබේ ශරීරයේ සෑම අවයවයකටම හානි ගෙන දෙන අතර, රෝගාබාධ රැසකට මුල් වෙයි.5

    What Happens to Your Health When You Smoke?

    පිළිකාව: සිගරට් දුමාරයෙහි අන්තර්ගත විෂ රසායනික වලට මානව ශරීරයෙහි සෛලවල DNA වෙනස් කිරීමේ හැකියාව තිබෙන අතර, සෛල පාලනයකින් තොරව වර්ධනය කිරීමට හා පිළිකා පටල නිර්මාණය කරයි. දුම්පානය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර, එමගින් පිළිකා සෛල විනාශ කිරීමට ඇති හැකියාව අහිමි කරයි.6  

    හෘද රෝග හා හෘදයාබාධ: දුම් පානය කිරීම බොහෝ හෘද රෝගයන්ට මූලික වේ. ඔබේ රුධිරයේ triglyceride  මේදය වැඩිකරන්නට එය සම්බන්ධ වන අතර, හිතකර කොලෙස්ටරෝල් (HDL) අවම කිරීම, රුධිර ඝනත්වය වැඩි කිරීම හා රුධිර කැටි ඇතිවීමේ හැකියාව වැඩි කිරීම, අභ්‍යන්තර රුධිර නාල පටුකරමින් හා ඝනකම වැඩි කරමින් රුධිර නාල  අභ්‍යන්තරයෙහි අවහිරතාවයන් වර්ධනය කිරීම සිදුකරයි.7

    පෙනහළු රෝග: බොහෝ පෙනහළු රෝගයන්ට මූලික හේතුව වන්නේ දුම් පානය කිරීමයි. නිධන්ගත බ්‍රොන්කයිටිස්, ඇදුම හා පෙනහළු පිළිකා ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. දුම්පානය නිසා පෙනහළුවල වාතය ගමන් කරන මාර්ග අවහිර වී ක්‍රියාකාරීත්වය දුර්වල කරයි.8

    මානසික සෞඛ්‍ය: දුම් පානය නිසා කාංසාව හා මානසික අවපීඩනය වර්ධනය වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වූ මතයකි. සිගරට් දුමාරයෙහි තිබෙන රසායනිකයන් මොළයේ රසායනිකයන් සමග ප්‍රතික්‍රියා කරමින් අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කරයි.9

    practical steps to quit smoking

    දුම් පානයෙන් වැළකීමේ ප්‍රායෝගික උපදෙස්
    • ධනාත්මක මානසිකත්වයකින් හා ‘ඔව් මට එය කළ හැකියි’ යන ආකල්පයෙන් ආරම්භ කරන්න. 
    • සැලසුමක් සාදාගන්න: දුම් පානය නවත්වන දිනයක් තීරණය කරන්න. අද දුම් පානය කරමි - හෙට දුම් පානය නොකරමි වැනි ධනාත්මක සිතුවිලි සිතට ගැනීම අරඹන්න. දුම් පානය සඳහා සිත යොමුවිය හැකි සාද වැනි අවස්ථාවන්ගෙන් හැකි තරම් ඉවත්වී සිටින්නට උත්සාහ කරන්න. 
    • ඔබේ ආහාර වේල සකස් කරගන්න: මාංශ ඇතුළු ඇතැම් ආහාර වර්ග සිගරට් රසය වඩාත් හොඳින් දනවන අතර පළතුරු හා එළවළු වැනි දෑ වැඩිපුර ආහාරයට ගැනීම වඩාත් සුදුසු වනු ඇත. ඔබට ගැලපෙන්නේ කුමක් දැයි තීරණය කරන්න.   
    • ඔබේ පානය වෙනස් කරන්න: රසවත් බීම වර්ග, ඇල්කොහොල්, තේ හා කෝපි වැනි පානයන් සිගරට් රසයට වඩාත් ලොල් බවක්  ඇති කරන අතර, ජලය සහ පළතුරු යුෂ වඩාත් හොඳ විකල්පයක් වනු ඇත.
    • සහයෝගයක් ලබා ගන්න : සිගරට් පානයෙන් මිදීමට උත්සාහ ගන්නා තවත් අයෙකු පිළිබඳව ඔබ දන්නේ නම් ඒ අය සමග එකමුතුව සහයෝගයෙන් කටයුතු කිරීම වඩාත් හොඳ තීරණයක් විය හැක.
    • ව්‍යායාම: මිනිත්තු කිහිපයක් හෝ කිසියම් ශාරීරික ක්‍රියාකාරකමක නියැලීම දුම් පානයට ඇති ඇබ්බැහිකම අඩුකරවන්නට හේතු වේ.
    • දුම් පානය නොකරන මිතුරන් ඇතිකරගන්න: ඔවුන්ගේ සහයෝගය ඔබට දුම් පානය කිරීමෙන් වැළකීමට ඉතාම වැදගත් වනු ඇත. 
    • නිකොටීන් ප්‍රතිස්ථාපන චිකිත්සාව (NRT): Patches, Tablets හා Lozenges වැනි නිකොටීන් ප්‍රතිස්ථාපන චිකිත්සක ක්‍රමයන් බොහෝමයක් තිබේ. නිකොටීන් ඇබ්බැහියෙන් මුදාගැනීමට හා  දුම් පානයෙහි අහිතකර බලපෑම් අවම කරගැනීමටත් එයින් විශාල සහයෝගයක් ලැබේ. 
    • දුම් පානයෙන් ඉවත්වීමට අවශ්‍ය හේතු ලැයිස්තුවක් සාදාගන්න: සෑම හේතුවක්ම ලියා තබාගන්න. සහායක් අවශ්‍ය වූ විට නැවත ඒවා බලන්න.10

    මූලාශ්‍ර

    1.https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC324461/

    2.https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6788683/#:~:text=The%20current%20aggregated%20meta%2Danalysis,CI%3A%202.37%2C%203.03)

    3. https://www.who.int/news-room/fact-sheets/detail/tobacco

    4. https://www.nhsinform.scot/healthy-living/stopping-smoking/reasons-to-stop/tobacco

    5.https://www.cdc.gov/tobacco/basic_information/health_effects/index.htm#:~:text=Smoking%20causes%20cancer%2C%20heart%20disease,immune%20system%2C%20including%20rheumatoid%20arthritis.

    6. https://www.cdc.gov/tobacco/basic_information/health_effects/cancer/index.htm

    7.https://www.cdc.gov/tobacco/basic_information/health_effects/heart_disease/index.htm

    8. https://www.nhlbi.nih.gov/health-topics/copd

    9. https://www.nhs.uk/live-well/quit-smoking/stopping-smoking-mental-health-benefits/

    10. https://www.nhs.uk/live-well/quit-smoking/10-self-help-tips-to-stop-smoking

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .