Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • තිහ පැනලා නම් වකුගඩු ගැන පරිස්සමින්

    Colombo, 15/08/2019

    මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්‍රාවීය) ඉන්ද්‍රිය වන්නේ වකුගඩුවයි. අත්ල තද කළ විට ප්‍රමාණයෙන් සමාන වකුගඩු, බෝංචි ඇටයක හැඩය ගන්නා අපූරු අවයවය ද වේ. ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම වකුගඩු යුගලය පිහිටා තිබේ.

    නිරෝගී වකුගඩුවල කාර්යභාරය

    • මුත්‍ර නිපදවීම
    • අපද්‍රව්‍ය කොටස්, විෂ රසායනික සහ වැඩිපුර ජලය බැහැර කිරීම
    • ශරීරයේ ජලීය සහ ලවණ පදාර්ථවල සමතුලිතතාවය රැකගැනීම
    • රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම
    • විටමින් D නිපදවීමට දායකවීම සහ එමඟින් අස්ථි ශක්තිමත් කිරීම
    • රුධිර සෛල නිපදවීමට දායක වීම
     

    වකුගඩු යුගල ක්‍රියා කරන ආකාරය

    අප ආහාර අනුභව කළ විට පෝෂණ කොටස් සහ අපද්‍රව්‍ය ලෙස ජීර්ණයේදී කොටස්වලට වෙන්කෙරේ. පෝෂණ කොටසින් ශරීරයේ වර්ධනය/නඩත්තුව සිදුවන අතර අපද්‍රව්‍ය කොටස ශරීරයෙන් ඉවත් කෙරේ. ඉන් කොටසක් මළපහ ලෙසත්, කොටසක් මුත්‍ර ලෙසත් තවත් සුළු කොටසක් දහදිය ලෙසත් ශරීරයෙන් පිට කෙරේ.

    මුත්‍ර මඟින් බැහැර වන අපද්‍රව්‍ය කොටසේ කාර්යභාරය සිදු කරන්නේ වකුගඩු යුගලයි. අපගේ ශරීරයේ සම්පූර්ණ රුධිරය නිරන්තරයෙන්ම වකුගඩු හරහා පෙරීමකට ලක් කෙරෙන අතර ඉන් අපද්‍රව්‍ය කොටස් මුත්‍ර ලෙස බැහැර කෙරේ. පෝෂ්‍ය කොටස නැවත රුධිරයට මුදා හැරේ.

    වකුගඩු යුගලය නිසි අයුරින් ක්‍රියා නොකරන විට

    • මෙහිදී ශරීරයෙන් පිටවිය යුතු අපද්‍රව්‍ය ශරීරය තුළ තැන්පත් වීම සිදුවේ. එනම් යූරියා (Urea) සහ  ක්‍රියටනීන් (creatinine) මෙලෙස තැන්පත් වීම සිදුවේ.
    • ශරීරයෙන් පිට නොවිය යුතු අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයෙන් පිටවීම සිදුවේ. එනම්, ප්‍රෝටීන (Albumin) ග්ලුකෝස් මෙලෙස මුත්‍රා සමඟ පිටවීමට පටන් ගනී.
    • ලවණ පදාර්ථවල අසමතුලිතතාවයක් හටගැනීම ද සිදුවේ. (සෝඩියම් N, පොටෑසියම් K)
    • බැහැර කරන සහ නිපදවන මුත්‍ර ප්‍රමාණය අඩු වීම නිසා ශරීරය තුළ ජල පදාර්ථ එකතු වීම සිදු වන අතර රුධිර පීඩනය ඉහළයාම සිදුවේ. එසේම පාද මෙන්ම ශරීරය ඉදිමීම ද සිදුවේ.
    • රුධිර සෛල සහ හිමොග්ලෝබින් (Hemoglobin) නිපදවීම අඩුවීම ද සිදුවේ.

     

    Heading into 30s or 40s

    දිගු කාලීනව පවතින වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් වීම ඉතා අවශ්‍ය වන අතර, මෙහි ප්‍රභේද තුනක් පවතී.

    01. උතුරු මැද පළාතේ දැනට ශීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින නිදන්ගත කාලීන වකුගඩු රෝගය (Chronic Kidney Disease)

    වර්ෂ 2000දී පමණ සිදු කළ පරික්‍ෂණයකින් අනතුරුව මෙම ප්‍රදේශයන්හි වකුගඩු රෝගය වැළඳුණු රෝගීන් විශාල පිරිසක් හඳුනාගන්නා ලදී. එතැන් පටන් එලෙස හඳුනාගත් සියලුම රෝගීන්ගේ සුවපත් භාවය උදෙසා කළ හැකි සියලු පරීක්‍ෂණ හා ප්‍රතිකාර කටයුතු අඛණ්ඩවම මේ වන තෙක්ම රජය විසින් ඉටු කරමින් සිටී. මේ සඳහා ජාතික ආදායමෙන් විශාල පිරිවැයක් වෙන් කරඇති අතර අවශ්‍ය රෝහල්, ශල්‍යාගාර, ඖෂධ හා වෛද්‍ය සේවාවන් ද පුළුල් කොට ඇත.

    02. දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැළදීම හේතුකොට ගෙන ඇතිවන වකුගඩු රෝගය

    මෙය ලෝකයේ බහුතර පිරිසක් වකුගඩු රෝගීන් බවට පත්කරන නිහඬ මාරයා ලෙස අර්ථ ගන්වා ඇත. ශ්‍රී ලංකාවට ද එය පොදු වේ. බෝ නොවන රෝග අතරින් අංක එකේ ගණයට වැටෙන දියවැඩියාව රෝගයේ සමීපතම ඥාතියෙකු සේ මෙම රෝගී අවස්ථාව මතුවේ. දියවැඩියාව රෝගය නිට්ටාවටම සුව කරගැනීමට නොහැකි අතර කළ හැක්කේ පාලනය කිරීමක් පමණි. එබැවින් දියවැඩියාව, අධිරුධිර පීඩනය පවතින රෝගීන් හැකි තරම් තම වකුගඩු යුගලය පිළිබඳව මනා සැළකිලිමත් විය යුතු අතර ඒ සඳහා දැනුම්වත් වී පරීක්‍ෂණවලට යොමු වීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනවා ඇත.

    03. ශරීරයේ ඇතිවන රෝගාබාධයක් හේතුවෙන් වකුගඩුවලට බලපෑමක් ඇති වීමේ අවස්ථාවක්

    එනම් යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇතිවන අතුරු ප්‍රතිඵලයක් ලෙස වකුගඩු පද්ධතියට හානි සිදු වීම, විෂබීජයක් වකුගඩු ආක්‍රමණය කිරීම, වකුගඩු රෝගයෙන් පෙලී සිටින විට ඒ සඳහා අඛණ්ඩව ප්‍රතිකාර නොගැනීම සහ ඇල්මැරුණු ප්‍රතිකාර සඳහා යොමුවීම වැනි හේතු නිසා ඉහත සඳහන් කළ වකුගඩු රෝගී අවස්ථාවට මුහුණ පෑමට සිදුවේ.

    මීට අමතරව වකුගඩු ආශ්‍රිතව ගෙඩි ඇතිවීම වැනි ආසාදිත තත්ත්වයන්, සෘජුවම වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන අතර පවුලේ ඥාතියෙකු වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ නම් සෙසු සාමාජිකයන්ට ද එහි බලපෑමක් තිබෙන බැවින් පරීක්‍ෂණ සඳහා යොමුවීම අත්‍යවශ්‍යය.

    වකුගඩු රෝගයකින් පෙළෙන බව හඳුනාගන්නේ කෙසේ ද?

    වකුගඩු රෝගීවන්නේ යැයි පැවසෙන ඉඟි කිහිපයක් ඉහතින් සඳහන් කරඇති අතර, එම අවස්ථාව වනවිටත් වකුගඩු රෝගීන් බවට පත් වී හමාරය. එබැවින් ඉහත රෝග ලක්‍ෂණ එකක් හෝ දෙකක් දැනෙන්නට පටන් ගැනීමටත් පෙර එනම්, ඔබ නීරෝගීව සිටියදීම ඔබගේ වකුගඩු පිළිබඳව පරීක්‍ෂාවකට ඔබ යොමු වීම වැදගත්ය. මෙහිදී ඔබට පරීක්‍ෂණ කිහිපයකට යොමු වීමට සිදුවේ.

    • අධි රුධිර පීඩනය මැන බලාගැනීම
    • රුධිරයේ ක්‍රියටනීන් පරීක්‍ෂාව
    • අවදි වීමෙන් පසුව උදේම ලබාගන්නා ප්‍රථම මුත්‍රා සාම්පලය පරීක්‍ෂා කිරීම (Urine ACR)
     

    ඉහත පරීක්‍ෂණ තුනම සිදුකර ගැනීම අවශ්‍යය. මෙහිදී වඩාත් අවධානයට යොමු කළ යුතු වන්නේ අධි රුධිර පීඩන පරීක්‍ෂාවයි. එනම්, මෙම තත්ත්වයෙන් යම් අයෙක් පෙළෙන්නේ නම් ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙකු  වීමේ තත්ත්වයට අවධානමක් දරන අයකු වේ. කෙටියෙන් පැවසුවහොත් අධි රුධිර පීඩනය වැළඳුණු අයෙකුගේ වකුගඩු, රෝගී වීමේ අවධානමේ පසුවේ.

    වකුගඩු පරීක්‍ෂාව සිදුකර ගැනීමේ වැදගත්කම

    විශේෂයෙන්ම තරුණ වියේ පසුවන අයකු (අවුරුදු 30ක් පමණ) අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම් වකුගඩු පරීක්‍ෂාව සිදුකර ගැනීම අනිවාර්යය.

    ඔබගේ රුධිර පීඩනයේ සාමාන්‍ය අගය වන 80-120 අතර පරාසයේ සිටියදී යම්කිසි සැකයක්, කුකුසක් පවතින්නේ නම් පවුලේ හෝ රජයේ රෝහල් වෛද්‍යවරයකු හමු වී තමාගේ වකුගඩු පිළිබඳව නිර්දේශයක් ලබාගැනීමට යොමු වීම ඉතා වැදගත්ය. එය ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයක් නවත්වා ගැනීමේ මූලික පියවර වනවාට ද සැක නැත. රජයේ රෝහලකදී වියදමකින් තොරව මෙම වකුගඩු පරීක්‍ෂා කරගැනීමේ පරීක්‍ෂණ කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය පසුබිම සකසා දී තිබීම ද සතුටට කරුණකි.  එබැවින් රෝග ලක්‍ෂණ පහළ වන තෙක් නොසිට ඔබ අවුරුදු 30ට වැඩි පුද්ගලයෙකු නම් ඔබේ වකුගඩු පරීක්‍ෂා කරගැනීමේ වරම ඔබට හිමි වී තිබේ. ඒ අයිතිය ඔබ ලබාගැනීමෙන් අනාගතයේ ඇති විය හැකි සෝචනීය අඳුරු ව්‍යසනයක් ඔබට ඉතා පහසුවෙන් මර්දනය කළ හැකි වනු ඇත.

    විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින මා පියන්ගේ වගකීමක් වශයෙන් ද මෙම වකුගඩු පරීක්‍ෂාව සඳහන් කළ හැකිය. දරුවන්ගේ නීරෝගී බව වෙනුවෙන්.

     

    විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ

    අධක්‍ෂක - වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ

    ජාතික මධ්‍යස්ථානය

     

     

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .