Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • AIA Vitality
    • සෞඛ්‍ය
    • Health
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
  • අපෙන් සහය
    • AIA Future Teller
    • අපගේ ශාඛා ජාලය
    • AIA Family Protector
    • සේවාලාභී පැමිණිලි
    • Covid-19 form
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • AIA Vitality

      එය වඩාත් කි‍්‍රයාශීලී ජීවන රටාවක් ගත කිරීම වෙනුවෙන් ප‍්‍රසාද තිළිණ පිරිනැමීම මගින් ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙනස්කම් එක් කරගැනීමට ඔබට සහාය වන, විද්‍යාත්මක පසුබිමක් සහිත සුවතා වැඩසටහනක්.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

    • Health

      The best care for you and your family.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • AIA Future Teller

      විශ්‍රාම කැල්ක්යුලේටරය

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA Family Protector

      රැකවරණ කැල්ක්යුලේටරය

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • Covid-19 form

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • ආඝාතය වළක්වාගනිමු

    Colombo, 31/07/2018

    ආඝාතය යනු මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම නිසා හෝ පුපුරායාම නිසා හදිසියේ ඇති වන රෝග තත්ත්වයකි. එහිදී දැකගතහැකි රෝග ලක්‍ෂණ වනුයේ හදිසියේ ඇතිවන

    1. සිරුරේ එක් පැත්තක අත සහ කකුල අකර්මන්‍ය වීම

    2. සිරුරේ එක් පැත්තක ඇතිවන හිරි වැටීම

    3. කථනය අකර්මන්‍ය වීම හෝ වෙනස් වීම

    4. මුහුණේ එක් පැත්තක ක‍්‍රියාකාරිත්වය අඩු වීම

    5. වමනය, කරකැවිල්ල සහ සමබරතාවය නැති වී යාම

    6. ගිලීමේ අපහසුතාවය

    7. එක් ඇසක් නොපෙනී යාම ආදියයි.

    මෙහි දී ආවධාරණය කළයුතු වැදගත් කරුණක් වන්නේ ආඝාතය යනු අතක් හෝ කකුලක් අකර්මන්‍ය වීම පමණක්ම නොවන බවයි.

    එබැවින් ඉහත සඳහන් රෝග ලක්‍ෂණයන් ඇතිවුවහොත් රෝහලකට ඇතුළත් වී ඒ සඳහා අවශ්‍ය කෙරෙන වෛμ පරීක්‍ෂණ මාලාව හා අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම ඉතාමත්ම වැදගත් වේ. එහි දී රෝග නිශ්චය කරගැනීම සඳහා මොළයේ සී.ටී. ස්කෑන් නමැති පරීක්‍ෂණයද, රෝගය වැළ`දීමට හේතු වූ සාදක අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පරීක්‍ෂණ මාලාවද සිදු කෙරනු ලැබේ.

    ආඝාතය ලෝකයේ වැඩිහිටි පුද්ගලයන් අතර ආබාධිත තත්ත්වය ඇතිකිරීමට ප‍්‍රධානතම හේතු සාධකයකි. එමෙන්ම ලෝකය පුරාම වසරකට මිලියන 15ක් ආඝාතයට ගොදුරුවන බවත් මෙයින් ආසන්න වශයෙන් මිලියන 5ක් මරණයට පත්වන බවත්, තවත් මිලියන 5ක් නිත්‍ය ආබාධිත තත්ත්වයට පත්වන බවත් සොයාගෙන ඇත. එමෙන්ම ආඝාතයට ගොදුරු වූ පසු සම්පූර්ණ සුවය ලැබීමට ගතවන කාලය ද ඉතා අධිකය.

    ආඝාතයට ගොදුරු වීමට හේතු වන කරුණු පිළිබඳව සලකා බැලීමේ දී එම සාධක වෙනස්කළ හැකි හා වෙනස් කළ නොහැකි ලෙස ප‍්‍රධාන ආකාර 2කි. වයස්ගත වීම, ජාතිය, පුරුෂ ලිංගභාවය සහ ආරය යන සාධක වළක්වා ගත නොහැකි හේතු ගණයට අයත් වන අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, සිරුරේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අධික වීම, දුම් පානය, අධික මධ්‍යසාර භාවිතය, ස්ථුලතාවය, ව්‍යායාම අඩු බව ආදිය වළක්වාගත හැකි හේතු ගණයට අයත් වේ.

    Sahana- Kandy CSR

    ඉහත සඳහන් කරුණු පිළිබඳව සලකා බැලීමේ දී ආඝාතය යනු වළක්වාගත හැකි රෝගයක් වන බවත්, එය වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් ප‍්‍රමුඛතාවයක් දිය යුතු කරුණක් බවත් හොඳින් පැහැදිලි වේ. මෙම ලිපියේ මෙතැනින් පසු අඩංගුවන්නේ ආඝාතය වළක්වාගැනීමට අදාළ කරුණු සම්බන්ධවයි.

    ආඝාතය වළක්වාගැනීම පිළිබඳව ප‍්‍රධාන අංශ 2ක් යටතේ විස්තර කළ හැක

    1. ආඝාතය ඇතිවීමට හේතු සාධක වන රෝග තත්ත්වයන් පාලනය කිරීම

    2. සෞඛ්‍යයට හිතකර ජීවන රටාවකට පුරුදු වීම

    ආඝාතය ඇතිවීමට හේතුවන රෝග තත්ත්ව පිළිබඳව සළකා බැලීමේ දී අධික රුධිර පීඩනය, දියවැඩියාව, සිරුරේ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අධික වීම, හෘදය වස්තුවේ රෝග ආදිය ප‍්‍රධාන වේ.

    මෙම රෝග තත්ත්වයන්ගෙන් යමෙකු පෙළෙන්නේ නම් ඒ සඳහා අදාළ සායනයකට යොමුවීම, නැතහොත් එම රෝග සම්බන්ධයෙන් දැනුමැති වෛμවරයෙකු හමුවී ප‍්‍රතිකාර ලබාගැනීම, රෝගය පිළිබඳව විවිධ කරුණු සොයාබලා දැනුවත් වීම, වෛμවරුන් විසින් නියම කරන පරිදි නිතිපතා ඖෂධ භාවිතය, නියමිත කාල පරිච්ජේදයේදී අවශ්‍ය වෛμ පරීක්‍ෂණ සිදුකරවා ගැනීම, එම රෝග තත්ත්ව පාලනයට අදාළ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම ආදී කටයුතු නිසි පරිදි සිදු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වේ.

    සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් පිළිබඳව සලකා බැලීමේ දී එය ආඝාතය පමණක් නොව ඉහත සඳහන් අනෙකුත් නිධන්ගත බෝ නොවන රෝග බොහොමයක් පාලනයට සහ හෘදයාබාධ වළක්වාගැනීමට ද පිටුවහළක් වේ. එම කරුණු ප‍්‍රධාන අංශ කිහිපයක් යටතේ සාකච්ජා කළ හැක.

    1. සෞඛ්‍යයට හිතකර ආහාර භාවිතය

    2. සෞඛ්‍යයට හිතකර ශරීර බරක් පවත්වාගැනීම

    3. සිරුරට අවශ්‍ය පමණ ව්‍යායාමවල නිරත වීම

    4. දුම්බීමෙන් වැළකීම

    5. මධ්‍යසාර භාවිතයෙන් වැළකීම හෝ සීමා කිරීම

    ඉහත සඳහන් කරුණු පහ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් මෙතැන් සිට සිදු කෙරේ.

    සෞඛ්‍යයට හිතකර ආහාර භාවිතය පිළිබඳව සලකා බැලීමේදී අලූත් එළවළු හා පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම, මේදය සහිත ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම, කෙඳි සහිත ආහාර වැඩිපුර භාවිතය, ලූණු භාවිතය සීමා කිරීම, ධාන්‍ය වර්ග ආහාරයට එක් කරගැනීම ආදී කරුණු වැදගත් වේ.

    දිනකට භාවිතා කළ යුතු ලූණු ප‍්‍රමාණය ග‍්‍රෑම් 6ට වඩා (ආසන්න වශයෙන් තේ හැන්දක ප‍්‍රමාණය) අඩු විය යුතු බව නිර්දේශ කර ඇති අතර ලූණු අඩුවෙන් භාවිතා කිරීම රුධිර පිඩනය අඩු මට්ටමක පවත්වාගැනීමට උපකාරී වේ. කෙඳි සහිත ආහාර භාවිතයට ගැනීම සිරුරේ අධික කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩු කරගැනීමටද උපකාරී වේ.

    සිරුරට ප‍්‍රමාණවත් තරම් ව්‍යායාම ලබාදීම අපගේ සිරුරේ නියමිත බර පවත්වා ගැනීම, කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩුකර ගැනීමට සහ රුධිර පීඩනය අඩුකර ගැනීමට උපකාරී වේ. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම වැනි ව්‍යායාමවල සතියකට පැය 2 1/2 ක් පමණ නිරත වීම අවශ්‍ය බව නිර්දේශ කර ඇත. මේ සඳහා දිනකට පැය 1/2 ක් එක දිගට ව්‍යායාම්වල යෙදීමට නොහැකි පුද්ගලයන්ට එය මිනිත්තු 10 කොටස්වලට බෙදා වුවද සිදුකිරීමෙන් යහපත් ප‍්‍රතිඵල ලැබිය හැකිය. දුම්බීම ආඝාතය ඇතිවීමේ අවදානම දෙගුණයකින් වැඩිකරන අතර එය සිදුවන්නේ රුධිරය කැටිගැසීමේ ප‍්‍රවණතාවය වැඩිකිරීම, රුධිරයේ ඝනත්වය වැඩිකිරීම, රුධිර නාලවල මේදය තැන්පත් කිරීම වැඩිකිරීම ආදී දුම්පානයේ අහිතකර ප‍්‍රතිඵල හේතුවෙනි. දුම්බීම තවත් අහිතකර ප‍්‍රතිඵල රාශියකටද හේතුසාධක වන බැවින් (පිළිකා, පෙනහළු, ආබාධ, හෘදයාබාධ ආදිය)  දුම්බීම අත්හළ යුතුය.

    මධ්‍යසාර භාවිතය සිරුරේ රුධිර පීඩනය වැඩිකිරීම, හෘදයේ අසාමාන්‍ය හෘද ස්පන්දන තත්ත්වයන් ඇතිකිරීම, සිරුරේ බර වැඩිකිරීම ආදි ආකාරවලින් ආඝාතය ඇතිවීමට හේතු සාදක වේ.

    ආඝාතය වැළ`දුනහොත් බොහෝ විට දිගුකාලීනව ආබාධිත තත්ත්වයට පත්වන අතර එහි දී ආර්ථික වශයෙන් ද විශාල වර්ධනයකට මුහුණදීමට සිදුවේ. තවද දිගුකාලීන පුනරුත්ථාපනය අවශ්‍ය වන අතර එය රජයටද විශාල වියදමකි. ඒ අතරම ආඝාතයේ දී රෝගියා ආඝාතය නිසාම හෝ එයින් පසුව ඇතිවන සංකූලතා හේතුවෙන් මරණයට පවා පත්විය හැක.

    එබැවින් ඉහත සඳහන් කරුණු සියල්ල සලකා බැලීමේ දී පැහැදිලිවන්නේ ආඝාතය වළක්වාගැනීමට කටයුතු කිරීම ඉතාමත් ප‍්‍රයෝජනවත් බවයි.

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .