ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 15/08/2019
දහවල් කාලයේ දී අධික ලෙස නිදිමතක් දැනීම බොහෝදෙනෙකුට අසහනකාරී බවක් ඇතිකරන ප්රශ්නයකි. අවදිවී සිටීමට අධිකව උත්සහ කළද නිදි කිරා වැටෙන තත්ත්වයක් ඇතිවිට විවිධ සරල හේතු නිසා මෙන්ම විවිධ රෝගාබාධ නිසාද ඇතිවිය හැකිය.
Day time excessive sleepiness හේතුවෙන් එදිනෙදා කටයුතු සාර්ථකව ඉටුකිරීමට අපහසුවීම මෙන්ම හදිසි අනතුරුවලට ලක්වීමේ අවස්ථා ද දක්නට ලැබේ. එමෙන්ම එම පුද්ගලයා කම්මැලි අයෙකු ලෙස සමාජය තුළ අදහස් ඇතිවීම හේතුවෙන් විවිධ මානසික අසහනකාරි තත්ත්ව වලට මුහුණදීමට සිදුවේ.
දිවා කාලයේ අධික නිදිමත ලෙස හැඳින්වෙනුයේ
දිවා කාලයේ අධික නිදිමත ඇතිවීමට හේතු
ප්‍රධාන වශයෙන්,
රාත්‍රී කාලයේ සුවපහසු නින්දක් නොලැබීම ඔබට දිවා කාලයේ අධික නිදිමත දැනීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔබට හැගේ නම් ඒ පිළිබඳ සලකා බැලිය යුතුවේ. රාත්‍රී කාලය පැය 6-7 අතර කාලයක් සුවපහසු නින්දක් ලැබේ නම් එය දිවා කල ප්‍රබෝධයෙන් ගතකිරීමට ඉතා වැදගත්ය.
රාත්‍රී නින්දෙන් පසු අවදිවීමේදී ඔබට ප්‍රබෝධමත් ගතියක් නොදැනේ නම් එයට හේතුව ඔබේ නින්ද නිසි ලෙස සෞඛ්‍යමත් නින්දක් නොවීම වියහැක.
රාත්‍රියට සුවපහසු නින්දක් නොලැබීමේ හේතු
රාත්‍රී කාලයේ යහපත් නින්දක් ලබාගන්නේ කෙසේද?
මෙවන් සරල ක්‍රම මගින් ඔබගේ දිවා කාලයේ අධික නිදිමත පහව නොයයි නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් පැතීම සුදුසු වේ.
ඔබ වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයෙකු නම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ප්‍රමාණය පිළිබඳ පරීක්ෂා කරගත යුතුවේ. ඔබගේ ශරීරය ස්ථූලතාවයට පත්ව ඇත්නම් හෝ අලසකම අධිකව දැනේ නම්, සීතල දරා ගැනීමට අපහසු තත්ත්වයක් දැනේ නම් ඔබගේ තයිරොයිඞ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම රුධිරගත හිමෝග්ලොබින් ප්‍රමාණය පිළිබඳවද සොයා බැලිය යුතුය. විශේෂයෙන් ඔබ නින්දෙන් ගෙරවීම සිදුකරන පුද්ගලයකු නම් ඒ පිළිබඳ Sleeping Study පරීක්ෂණවලට යොමුවීම අවශ්‍ය විය හැක. දිවාකල අධික නිදිමත දැනීම සරල ක්‍රම මගින් විසඳාගත නොහැකියැයි ඔබට හැගේ නම් ඔබගේ පුවුලේ වෛද්‍යවරයා හමුවී වැඩිදුර උපදෙස් පැතීම හා සුදුසු ප්‍රතිකාර ක්‍රමවලට යොමුවීම අවශ්‍ය වියහැකිය.