ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 04/10/2019
නින්දෙන් ඔබට කිසිදු චලනයක් කිරීමට නොහැකිව අසරණ වූ එසේත් නැත්නම් ඔබ අවදියෙන් සිටි නමුත් ඔබට කතා කල නොහැකි වූ අවස්ථාවන්ට ඔබ මුහුණ පා තිබේද?
ඕනෑම කෙනෙකුට මෙවැනි අවස්ථාවක් බියකරු අත්දැකීමක් වනු නොඅනුමානය. මෙවන් අත්දැකීම් තවදුරටත් භයංකාර ලෙස හැඟී යන්නේ සමහර විට තමාගේ හුස්ම හිරවී ඇති බවක් හෝ තමා වටා පුද්ගලයන් සිටිනවා යයි පරිකල්පනය වීමක් සිදු වූ විටයි.
එවැනි අත්දැකීම් ලැබුවන්ට හොඳ පුවතක් ඇත. එවැනි අවස්ථාවක ඔබ පරිකල්පනය කළ භයංකාර හෝ අත්භූත හේතූන් නිසාවත් මෙය සිදු වන්නේ නැත. මේ පිළිබඳව විද්‍යාත්මකව සොයා ගෙන ඇත්තේ මෙම අත්දැකීම ඕනෑම කෙනෙකු අත්දකින්නේ ඔවුන් නිදි කිරා වැටෙන විට හෝ නින්දෙන් ඇහැරීමේ ක්‍රියාවලිය ඇරඹෙන විට බවයි.
ඔබේ නින්ද/ නිදාගැනීමේ චක්‍රය තුළ නින්ද අංශභාගය සිදු වන්නේ කෙසේද?
නින්දට වැටෙන විට ඔබේ ශරීරය සෙමෙන් සන්සුන් වන අතර, එමඟින් ඔබේ මොළය ලබා දෙන භෞතික උත්තේජන වලට දක්වන ප්‍රතිචාරයද බෙහෙවින් අඩපණ වේ. නින්ද අංශභාගය සිදු වන්නේ, මෙසේ ඔබගේ ශරීරය සන්සුන් වීමේ ක්‍රියාවලියේ යෙදී සිටන විට හදිසියේ ඔබේ මනස අවදිව ඔබේ ශරීරයේ චලනය කිරීමට හෝ කතා කිරීමට එයට නොහැකි යයි අවබෝධ කර ගත් විටයි.
පෙර පැවසූ ලෙස නින්දෙන් අවදි වීමේ ක්‍රියාවලිය තුළද මෙයට සමාන සිදුවීමක් හට ගැනෙනා බැවින් එම අවස්ථාවේදීද නින්ද අංශභාගය අත් දැකිය හැකිවේ. ඔබේ මනස REM (වේගවත් අක්ෂි චලනය) නින්ද චක්‍රය අවසන් වීමට පෙර සිහි අවදි වීම මෙයට හේතුවේ.
REM නින්දේදි ඔබේ ශරීරය සන්සුන් වන අතර ඔබේ මාංශ පේශි ක්‍රියා විරහිත වේ. එමගින් ඔබ නිදා ගන්නා විට දකින්නා වූ විචිත්‍රවත් සිහින ක්‍රියාවට පරිවර්තනය වීමෙන් වැළකේ. REM නින්දේ චක්‍රය අවසාන අදියර සම්පුර්ණ වීමට පෙර අවදි වීමෙන් ඔබේ ශ්වසන වේගය ඉහළ යාම (හයිපර්වෙන්ටිලේටින්) හෝ ඔබේ ශරීරයට කිසිදු චලනයක් කල නොහැකි බව සිතින් මවා පෑමක් සිදු විය හැක. වාසනාවකට නින්ද අංශභාගය තාවකාලික මෙන්ම පවතින්නේ සාමාන්‍යයෙන් තත්පර කිහිපයක් පමණකි.
තවද බොහෝ පුද්ගලයන් මෙම සිදුවීම අත්දකින්නේ තමන්ගේ ජීවිත කාලය පුරාම වරක් හෝ දෙවරක් පමණක් වේ. නමුත් සමහර විට යම් පුද්ගලයින් මෙම අත්දැකීම මසකට කිහිප වතාවක් හෝ ඊටත් වැඩි වතාවක් අත්දැකිය හැක.
නින්ද අංශභාගයට වැඩි වශයෙන් භාජනය විය හැක්කේ කවුරුන්ද?
Narcolepsy (නාර්කොලෙප්සි) යන්නා වූ නින්ද ආශ්රිත රෝගය ඇති පුද්ගලයන් අතරේ නින්ද අංශභාගය බහුලව පවතී. මෙම නින්දාශ්රිත රෝගය ඇත්තන් බොහෝ විට අධික නිදිබර කම, නින්ද අංශභාගය හා ඇතැම් විට නොදැනුවත්වම මනසේ සිහින මැවීමද (hallucination) අත්දකියි.
නින්ද අංශභාගය, narcolepsy (නාර්කොලෙප්සි) රෝගී ස්වභාවය නොමැති පුද්ගලයන් පවා මෙය අත්දැකිය හැකිවේ. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භාවයද මේ සඳහා නිර්ණායකයක් නොවන අතර යෞවන හෝ තරුණ අවධියේදී නින්ද අංශභාගය අත්දැකීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. එය බොහෝ විට ජානමය වන අතර කාංසාව, මානසික අවපීඩනය, පශ්චාත් කම්පන ආතති ආබාධ හෝ භීතික ආබාධ වැනි මානසික සෞඛ්‍ය ගැටළු ඇති අය තුළ බහුලව දක්නට ලැබේ. නිසි නින්දක් අහිමි වීම හෝ නිදා ගන්නා වේලාවන්හි වෙනස්කම් හට ගැනීම තුළින්ද නින්ද අංශභාගය ඇති විය හැක.
නින්ද අංශභාගය උදෙසා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ද?
නින්ද අංශභාගය උදෙසා වෛද්‍ය උපදේශනයන් සාමාන්‍යයෙන් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් පහත ලක්ෂණ අත්දකී නම් වෛද්‍යවරයකු හමුවීම නුවණට හුරුය.
දහවල් කාලයේ හදිසියේ නින්දට යෑම narcolepsy රෝගයේ ලක්ෂණයක් විය හැක. මෙය දුර්ලභ මොළයේ ආබාධයක් වන අතර එමගින් පුද්ගලයකු හදිසියේ නින්දට පත් කිරීම, අනපේක්ෂිත හෝ නුසුදුසු අවස්ථා වලදී මාංශ පේශි පාලනය අහිමි කර වීම සිදු කරයි. ආතතිය හෝ කාන්සාව නිතර ඔබේ ජිවිතයේ බහුලව අත්දකින්නේ නම් එය පාලනය කිරීම මගින් මෙම රෝග ලක්ෂණ අවම කර ගැනීමට හැකියාව සැලසෙනු ඇත.
නින්ද අංශභාගය සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති නමුත් මානසික ආතතිය පාලනය කිරීම, නිත්‍ය කාලසටහනක් අනුව නිදා ගැනීම සහ නින්ද ආශ්රිත හොඳ පුරුදු අනුගමනය කිරීම මගින්, එය හට ගැනීමේ අවදානම අවම කර ගත හැකි වේ