ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
07/01/2021
2020 අපට ඉගැන්වූ බොහෝ පාඩම් තිබෙනවා. අපට හුරු පුරුදු ජීවන රටාවන් උඩු යටිකුරු කළ මෙම වසර, 'සමාජ දුරස්ථභාවය', 'නව සාමාන්‍යය' වැනි නව වචන, දිනකට අසීමිත වරක් දෑත සේදීම, මුහුණු ආවරණ පැළඳීම වැනි නව පුරුදු ඉගැන්වූ අතර, අපට පහසු වූ දේ අපහසු කළා මෙන්ම අප මෙතෙක් නොදුටු අලුත්ම අත්දැකීම් රැසක් වෙත අපව රැගෙන ගියා.
එමෙන්ම ජීවිතයේ වටිනාම දේ වන, පවුල හා ආදරණීයයන් සමග එක්ව කල් ගත කිරීමටත් 2020 අපට ඉගැන්වුවා. යමෙකුට මෙය මිහිරි අත්දැකීමක් වූ අතර තවත් අයකුට නිවසේ රැඳී සිටීම, තම සුපුරුදු ජීවන රටාවන්ගෙන් බැහැර වීමට සිදු වීම ඉතාමත් අපහසු වූ කාරණා වුණා.
'නව සාමාන්‍යයට' මුහුණ දෙන්නා වූ අපට එළැඹෙන්නාවූ 2021 නව වසර සඳහා වන අපගේ නව අධිෂ්ඨානයන් පවත්වා ගැනීමට හැකි වුවහොත් එය කෙතරම් සුන්දර වනු ඇත් ද. ඒ සඳහා ඔබට සිතීමට යම් කාරණා කිහිපයක් අපෙන් මෙන්න.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද පසුගිය මාස ගණනාවක් පුරා අප පෙර හුරු පුරුදු වූ ජීවන රටාවේ යම් අංග අත්හැර දැමීමට අපට සිදු වූනා. ඒවා ආශ්‍රිතව සිදු කළ වියදම් රැසක්ද අප අත්හැරියා. මෙසේ අරපිරිමැස්මෙන් සහ තීක්ෂණ බුද්ධියෙන් කපා ඉවත් කළ වියදම් මෙන්ම යම් හුරු පුරුදු නොමැතිව අපිට ජිවත් විය හැකි බව මෙයින් පළමු වරට , ඔබටත් තවත් බොහෝ දෙනෙකුටත් අවබෝධ වූනා. ලබන්නා වූ වසරේත් මෙලෙසම සිහි බුද්ධියෙන් ඔබේ වියදම් හා ජීවන රටාවන් කළමනාකරණය කරන්නටත් සිතන්නටත් අපි ඔබට ඇරයුම් කරනවා/
අප බොහෝ දෙනාට අලූත්ම දේ ජීවිතයට ඇතුළත් කිරීම පහසු නෑ. 2020 වසරේ අභියෝග මධ්‍යයේ, ඔබට සාර්ථකව, අත්දුටු නව පුරුදු මොනවද? මදකට සිතන්න...
ජීවිතයෙන් අත් හැරුණු පරණ විනෝදාංශ කෙරෙහි නව ඇල්මක්? නිවසේ සිට සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමේ, නිවසේ සිට ව්‍යායාම කිරීමේ නව පුරුදු? සාද, රාත්‍රි ජීවන රටාවන් අතහැර දැමීමෙන් ප්‍රමාද නොවී නින්දට යෑම, මද්‍යසාර භාවිතය අවම වීම.
ඔබේ ජීවිතයට 2020 න් එක් වූ මෙවැනි නව පුරුදු එලෙස ම පවත්වා ගැනීමටත් වැඩි වර්ධනය කර ගැනීමටත් 2021 යොදා ගන්න.
පසුගිය වසර බොහෝ දෙනාට තමාගේ ව්‍යාපාර පිලිබඳ මෙන්ම වෘත්තීය වැඩ කටයුතු කිරීමේ පිළිවෙත් අලුතින් ම සිතන්නට සිදු වුනා. ජීවිතයේ වටිනාම අත්දැකීම්, සොයාගැනීම් බොහෝ විට සිදු වන්නේ අපගේ අතීතයෙන් අප ඉගෙන ගත් අලුත් දේ සමග මුසු වූ විටයි. එළඹෙන්නා වූ 2021 ඔබේ ජීවිතේ වටිනා සිහින හඹා යමින් ඒවා යථාර්ථයක් කර ගන්න.
2021ට විවෘත වී ඇති නව අවස්ථාවන්, අමතර ආදායම් ඉපයීමේ ක්‍රම, ඔබේ විනෝදාංශ හා සමග මුසු කර ගනීමෙන් ඔබට මහත් තෘප්තියක් මෙන්ම ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීමට හැකි වනු ඇත.