Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • මානසික හා ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් තිබේද?

    කොළඹ, 29/03/2022

    is it time to quit smoking?

    මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය අතර සෘජු සම්බන්ධයක් ඇති බව විශේෂඥයන් විශ්වාස කරති.

     

    විවිධ මානසික තත්ත්වයන් භෞතිකව ප්‍රකාශ වියහැකි අතර එවන් සිදුවීම් එදිනෙදා ජීවිතයට බලපෑම් කල හැකිය.  

     

    ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව මානසික සෞඛ්‍යය නම් සම්පූර්ණ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම තුලනය කරගැනීමේ තත්ත්වයක් මිස රෝගයක් හෝ දුර්වලතාවයක් නොවන බවය. අපගේ මනා පැවැත්ම සදහා මානසික සෞඛ්‍යය අතිෂයන්ම වැදගත් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

     

    සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා මානසික සෞඛ්‍යයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැක - එය අපගේ එදිනෙදා යහපැවැත්මේ සෑම අංශයකටම පාහේ බලපාන අතර නිසි ප්‍රතිකාර නොකළහොත් විවිධ රෝගි තත්ත්වයන් එතුලින් ඉස්මතු විය හැකිය.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන මානසික සෞඛ්‍ය තත්ත්වයන් අතර මානසික අවපීඩන තත්ත්වය සහ කාංසාව මුල් තැන ගනියි.

     

    සාමාන්‍ය කාංසාව (GAD), සන්ත්‍රාසය , භීතිකාව, සමාජ කාංසාව, උමතු වෙසක් ගත් බලහත්කාර හැසිරීමක් පෙන්වන මානසික තත්ත්වය ( Obsessive-Compulsive Disorder -OCD) සහ පශ්චාත් ව්‍යසන ආතතිය  (PTSD) ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන මානසික සෞඛ්‍ය ගැටළු අතර වේ.

     

    මෙම තත්ත්වයන් දරුණු හෝ මධ්‍යස්ථ ශාරීරික රෝග ඇති කළ හැකිය - මානසික අවපීඩනය හිසරදය, ආහාර ජීර්ණ ගැටළු සහ තෙහෙට්ටුව වැනි රෝගී තත්ත්වයන් ඇති කරයි. කාංසාව මුල් කර ගෙන උදරාබාධ, නින්ද අහිමි වීම සහ නොසන්සුන් භාවය වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

     

    ස්ථාවර සහ ප්‍රතිකාර නොගත් මානසික සෞඛ්‍ය තත්ත්වයන් එදිනෙදා ක්‍රියාකාරිත්වයට දැඩි ලෙස බාධා ඇති කළ හැකි අතර සමබර ජීවිතයක් ගත කිරීම වළක්වයි. සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති විය හැකි මෙන්ම ස්වයං-හානිකර ගැනීම සදහාද යොමුවිය හැකිය.

     

    Covid වසංගත තත්ත්වය සමඟ මානසික සෞඛ්‍යය බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවු ගැටලුවක් බවට පත්විය.   Covid-19 සමග ඇතිවු රට වසා දැමීමේ තත්ත්වය වැනි අවස්ථාවන් මුල් කරගෙන විවිධ මානසික තත්ත්වයන් දැක ගත හැකිවිය. එවන් පසුබිමක කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්‍ය තත්ත්වයන් පැන නැගිය හැකි අවස්ථාද බහුල විය.

     

    ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කටයුතු කරන්නේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMHS) වේ.   රෝගීන්, ප්‍රජාව සහ  සියලු අදාල කොටස්කරුවන් ගේ සහයෝගය සමග විවිධ යාන්ත්‍රණ හරහා මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා පුළුල් සහ සාක්ෂි පදනම් කරගත් සහාය ලබා දීමේ ඉලක්කයකට ආයතනය කැපවී සිටියි.

     

    විවිධ මානසික ගැටළු සාර්ථකව සමනය කරගැනීම ප්‍රජාව සතු වැදගත් කාර්‍යභාරයක් ලෙස සැලකිය යුතුය.

    මානසික සෞඛ්‍යය,  ශාරීරික තත්ත්වයන් මෙන්ම හානිදායක විය හැකි අතර සමස්ත සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඇති බලපෑම අවම කිරීම සඳහා  මනා කළමනාකරණයකට ලක්විය යුතුය.

     

    ළමුන් ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.   එමෙන්ම යෞවනයන්ට මානසික සෞඛ්‍ය ගැටළු ලෙස ආතතිය සහ අධ්‍යාපන පීඩනයද දැඩි ලෙස බලපෑම් එල්ල කරයි. මෙම තත්ත්වයන් අවම කිරීමට දරුවන්ට විනෝදාංශවල යෙදීමට සහ සොබාදහම සමඟ සම්බන්ධ වීමට එළිමහනේ ක්‍රීඩා කිරීමට ඉඩ ලබාදීම වැදගත්වේ.

     

    ළමුන් ගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දුර්වලතා පිළිබඳව තේරුම් ගැනීමට සහ ආදරය ප්‍රකාශ කිරීමට හැකි දයාබර අවකාශයක් ඔවුන්ට සහතික කරමින් හරවත් පවුල් සංවාදවල යෙදීමද ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

     

    අපගේ ශාරීරික යහපැවැත්ම කළමනාකරණය කරන අතරම මානසික සෞඛ්‍ය තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ගත හැකි බොහෝ  පියවරයන් තිබේ.

     

    පහත දැක්වෙන්නේ එයින් කිහිපයක්.

     

    ව්‍යායාම - නිතිපතා ස්ථාපිත ක්‍රියාවලියක් ලෙස ව්‍යායාම වල නිරත වීම මානසික සහ ශාරීරික සෞඛ්‍යය යන දෙකම ඉහළ නැංවීමට දායක වේ.

     

    අන් අය සමඟ සමාජ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම - සහයෝගයෙන් කටයුතු කිරීම මුල්කරගත් සම්බන්ධතාවයන් ඇතිකර ගැනීම සහ හවුල් සංවාද වල යෙදීම මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ඉවහල් වේ.

     

    ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම - නිශ්චිත වේලාවක නින්දට යාම සහ නොබිඳුණු පැය 8ක නින්දක් මානසික සුවතාවයට සහ විවේකයට දායක වේ.

     

    විනෝදාංශයක නිරත වීම - විනෝදාංශයක් තෝරා ගැනීම තුලින් එදිනෙදා ජීවිතයට හරවත් යමක් එක්කර ගැනීම සිදුවෙන අතර එමගින් ප්‍රීතිමත් මනෝභාවයක් පෝෂණය වීමට ඇති ඉඩකඩ වැඩිය.

     

    සොබාදහම සමඟ සම්බන්ධ වීම - සොබාදහම අගය කරන සංචාරවල යෙදීම සහ ස්වභාව සෞන්දර්යය අත්විඳීම බොහෝ විට කාංසාව සමනය කර ධනාත්මක මානසික සෞඛ්‍යය ශක්තිමත් කරයි.

     

    මානසික සෞඛ්‍යය ප්‍රමුඛතා ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීම , ඒ සදහා ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම සහ එය හොඳින් අවබෝධ කර ගැනීම ප්‍රජාවක් ලෙස  මානසික සෞඛ්‍යය කළමනාකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස දැකිය හැක.

     

    මූලාශ්‍ර

    [1] http://www.epid.gov.lk/web/images/pdf/wer/2017/vol_44_no_15-english.pdf

    [2] https://nimh.health.gov.lk/en/

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .