ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
08/02/2021
අප ජීවත් වන්නේ දහසකුත් සිහින සහ පැතුම් සමගයි. නමුත් ජීවිතයේ මුහුණ දීමට සිදු වන යම් කාරණා මේ අගනා, සිහින බොඳ කිරීමට තරම් බලපෑම් එල්ල කරයි. පිළිකා රෝගය එවැන්නකි. වෛද්‍ය විද්‍යාවේ ලබා ඇති දහසකුත් ජයග්‍රහණ මගින් පිළිකා සඳහා ප්‍රතිකාර රැසක් සොයා ගෙන ඇති නමුත් පිළිකාවකට ගොදුරු වීමෙන් ජීවිතයට එල්ල වන පීඩනය, ප්‍රතිකාර සඳහා යන අධික වියදම් රෝගියාට ආර්ථික මෙන්ම මානසික පීඩා රැසක් එල්ල කරයි.
පිළිකා, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ පසුබිම නොතකා ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි සංකීර්ණ රෝගයක් වේ. නමුත් දශක ගණනාවක දත්ත සහ පර්යේෂණ මගින්, පිළිකාවකට ගොදුරු වීමේ අවස්ථාව අවම කර ගැනීමට ඔබ අනුගමනය කළ යුතු සරල නමුත් වැදගත් යහ පුරුදු කිහිපයක් සොයා ගෙන ඇත.
1) සෞඛ්‍යය සම්පන්න සමබර ජීවිතයක් ගත කරන්න
සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් යන්න පිළිබඳ බොහෝ අයට විවිධාකාර අදහස් පවතී. ඒ නිසාම මෙහි නිවැරදි අදහස වන්නේ:
අහිතකර ජීවන රටාව හා පිළිකා අතර සම්බන්ධය කුමක්ද?
ලෝක පිළිකා පර්යේෂණ අරමුදල (The World Cancer Research Fund) විසින් සිදු කරන ලද පර්යේෂණ තුළින් අනාවරණය වී ඇත්තේ එක්සත් ජනපදයේ පිළිකා රෝගීන්ගෙන් 18% එම තත්ත්වයට පත් වූයේ ස්ථුල භාවය, කායික අක්‍රිය බව, මද්‍යසාර භාවිතය සහ/හෝ නිසි පෝෂණය නොලැබීම නිසා බවය. සරලව පැවසුවහොත් පිළිකාවලින් 1/5ක් වැළැක්විය හැකි තත්ත්වයන් විය. 1
2) ඔබේ ශරීරයේ බර සහ ස්කන්ධය නැතහොත් BMI අගය හරියාකාරව පවත්වා ගන්න
ඔබේ ශරීරයට සුදුසුම බර පවත්වා ගැනීම පිළිකා හට ගැනීමේ (සහ වෙනත් බෝ නොවන රෝග වැළඳීමේ) අවදානම අවම කරන බව ඔබ දැන සිටියාද? සැබවින්ම නොයෙකුත් ජාත්‍යන්තර සමීක්ෂණ මගින් මෙම නිගමනය ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ලෙස නව පිළිකා රෝගීන් ආශ්‍රිතව BMI අගය ඉක්මවීම (එනම් ස්ථුල භාවය හෝ අධික බර) සහ පිළිකා අතර ඇති සම්බන්ධතාව පරික්ෂා කල 2012 GLOBOCAN ව්‍යාපෘතියේ2 එක් සොයා ගැනීමක් වුයේ එක්සත් ජනපදයේ පිරිමි පිළිකා රෝගීන් 28,000 (3.5%) සහ කාන්තා පිළිකා රෝගීන් 72,000ක් (9.5%) සඳහා අධික ස්ථුල භාවය ප්‍රධාන සාධකයක් වූ බවයි.
ස්ථුල භාවය සහ පිළිකා අතර සම්බන්ධතාව කුමක්ද?
- ශරීරයේ බර වැඩි වූ විට ඊස්ට්‍රජන් සහ ඉන්සියුලින් යන හෝමෝන දෙක වැඩි වශයෙන් ජනනය වේ. මෙය පිළිකා වර්ධනයට හේතු විය හැක.
- ස්ථුල භාවය නිදන්ගත පහත් මට්ටමේ දැවිල්ල සඳහා හේතු වේ. කාලයත් සමඟ මෙය රෝගියාගේ DNA හානි කිරීමෙන් පිළිකා හට ගැනීමට හේතු විය හැක
ඔබේ ශරීරයට සුදුසුම ස්කන්ධය දැන ගැනීමට ඔබට පහසුවෙන් BMI අගය ගණනය කර ගත හැක. BMI යනු ඔබේ උස සහ බර අතර සම්බන්ධතාවයි. BMI අගය ගණනය කරගැත හැකි මෙවැනි3 calculator අන්තර්ජාලය හරහා නොමිලේ ලබාගත හැකිය.
3) නිතර ශාරීරික පරීක්ෂාවන්:
පිළිකා මුල් අවධියේ ම හඳුනා ගැනීමෙන් ඒ සඳහා පහසුවෙන් සහ අඩු මිලකට ප්‍රතිකාර කර ගත හැකි බව ඔබ දැන සිටියා ද?
මූල්‍ය වශයෙන් සූදානම්ව සිටින්න
ඉහත උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට පිළිකාවකට ගොදුරු වීමේ අවස්ථාවන් අවම කර ගත හැක. නමුත් ඉහත පැවසූ ලෙස පිළිකා සහ අනෙකුත් බෝ නොවන රෝග හට ගන්නේ සංකීර්ණ ක්‍රියාවලියන්හි ප්‍රතිඵලයක් ලෙස බැවින් ඒවා හට ගැනීම හෝ හට නොගැනීම සහතික කළ නොහැක.
පිළිකා මගින් එල්ලවන ශාරීරික බලපෑම් වලට අමතරව ප්‍රතිකාර සඳහා යන අධික වියදම් හමුවේ බොහෝ දෙනා අසරණ වේ. නමුත් මෙම මූල්‍ය අපහසුතාවයන් නිවැරදි පෙර සූදානමෙන් වළක්වා ගත හැක.
ඔබට තෝරා ගත හැකි සෞඛ්‍ය රක්ෂණ රැසක් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඇත. නමුත් ඔබ සිහි තබා ගත යුතු වැදගත් කරුණක් ඇත, එනම් සෑම රක්ෂණයක් එක හා සමාන නොවේ. එබැවින් ඔබට වඩාත් ගැළපෙන සහ ඔබට මූල්‍යමය වශයෙන් දැරිය හැකි හොදම රක්ෂණය මිලදී ගැනීම ඉතාමත් වැදගත් වේ.
එමෙන්ම ඔබට දැනටමත් රක්ෂණයක් තිබිය හැකියි, එනමුත් එය වසර කිහිපයක් පැරණි නම් ඔබේ රක්ෂණ නියෝජිතයා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් වේ. මන්දයත් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මෙන්ම රක්ෂණ විසඳුම්ද කාලයෙන් කාලයට නව්‍යකරණය වන අතර අලුත් ප්‍රතිලාභ හා විශේෂාංග එම නව්‍යකරණයන් සමග නව සැලසුම් තුළ අන්තර්ගත වන බැවිණි.
මුලාශ්‍ර:
1. https://www.cancer.org/cancer/cancer-causes/diet-physical-activity/diet-and-physical-activity.html
2. https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/obesity/obesity-fact-sheet
3. https://www.cancer.org/healthy/eat-healthy-get-active/take-control-your-weight/body-mass-index-bmi-calculator.html