Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • Investment Linked
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • What Matters
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • Investment Linked

      We care about your family's well being as much as you do

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • What Matters

      Information and resources to help you make wise investment decisions and healthy lifestyle changes.

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීභේ ක්‍රියා පටිපාටිය

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • නින්ද ආශ්‍රිත පොදු මිථ්‍යාවන් 7 ක් පිළිබඳ සත්‍ය මෙන්න!

    Colombo, 15/10/2019

    අපි හැමෝම නින්ද ගැන නොයෙකුත් කාරණා අසා තිබෙනවා. එවැනි අපට අසන්නට ලැබෙන කාරණා සහ  ඒවායේ සත්‍ය, අසත්‍ය, විද්‍යාත්මක ව පැහැදිලි කිරීමටයි දැන් අපේ සුදානම.

    1 වන මිථ්‍යාව: වයසට යාමත් සමග අපට අඩු නින්දක් අවශ්‍ය වේ

    සත්‍යය: තරුණ වියේ මෙන්ම වයසට යෑමේදී ද අපට දිනකට අවශ්‍ය සමස්ත නින්දේ ප්‍රමාණය වෙනස් නොවුවත් සමහරුන් ට මහළු වයසේ දී අඛණ්ඩව නිදා ගත හැකි හැකියාව අඩු වීමේ ප්‍රවණතාවක් දැක ගත හැක. ඒ හේතුවෙන් වයසට යත්ම රාත්‍රි කාලයේ නිදන ප්‍රමාණය තරුණ වයසට සාපේක්ෂව අඩු වුවත් දහවල් කාලය තුළ නින්දක් ලබා ගැනීමෙන් දිනකට අවශ්‍ය සමස්ත නින්ද ලබා ගැනීමට ඔවුන් හුරු පුරුදු වේ.

     

    2 වන මිථ්‍යාව: සෑම කෙනෙකුට ම පැය අටක නින්දක් අවශ්‍යයි

    සත්‍යය: ප්‍රශස්ත සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩිහිටියන් නිතිපතා රාත්‍රියට පැය 7 ක් හෝ ඊට වැඩි කාලයක් නිදා සිටිය යුතු බව ඇමරිකානු නින්ද වෛද්‍ය ඇකඩමිය නිර්දේශ කරයි. ළමයින්ට සහ යෞවනයන්ට ඊටත් වඩා නින්ද අවශ්‍යයි. කෙසේ වෙතත්, එක් එක්  පුද්ගලයාට අවශ්‍ය කරන නින්දේ ප්‍රමාණය ඒ ඒ පුද්ගලයාගේ ජානමය ස්වභාවය, ජීවන රටාව, සෞඛ්‍ය තත්ත්වය හා පාරිසරික සාධක යන නොයෙකුත් කාරණා මත ද තීරණය විය හැකියි.

     

    3 වන මිථ්‍යාව: සතියේ දින තුළ අතපසු වූ නින්ද සති අන්තයේ නැවත ලබා ගත හැකයි

    සත්‍යය: නිදා නො ගැනීම තුළින්, ඔබේ ශරීරයට අතපසු වූ නින්දේ (ගෙවිය යුතු 'නිදි ණය') ප්‍රමාණය අනුව ඔබට එය සති අන්තය තුළ පියවා ගැනීමට හැකියාව තිබේ ද, නොතිබේද, යන්න තීරණය වනු ඇත. මෙම ක්‍රමය සාමාන්‍යයෙන් අනුමත නො කෙරෙන නමුත් සතිය පුරා ඔබට නිසි ලෙස නිදා ගැනීමට අවස්ථා නො ලැබේ නම්, අවම වශයෙන් සති අන්තය තුළ එසේ ඒක රාශි වූ නිදි ණය පියවා ගැනීම මගින් ඉදිරි සතියෙහි ක්‍රියාකාරී ව සිටීමට පහසු වනු ඇත. නමුත් මෙම අක්‍රමවත් නිදා ගැනීමේ ජීවන රටාව ඔබගේ අභ්‍යන්තර ශාරීරික ක්‍රියා පිළිවෙත් අවුල් කළ හැකි බැවින්, දිනපතා සුපුරුදු වේලාවට නිදා ගැනීමට යම් යම් අපහසුතාවක් හට ගත හැක.

     

    4 වන මිථ්‍යාව: රාත්‍රී රූපවාහිනිය නැරඹීම නිදා ගැනීමට රුකුලකි

    සත්‍යය: සමහර අයට රූපවාහිනියේ හඬ නිදා ගැනීමට උපකාරයක් විය හැකියි.  නමුත් රූපවාහිනි වැඩසටහනෙහි වෙනස් වන ශබ්ද ප්‍රමාණය සහ පිටවන ආලෝක ධාරාවන්ගේ විචලනයත්  ඔබගේ නින්දේ ගුණාත්මක භාවයට අහිතකර ලෙස බලපෑ හැකි අතර රාත්‍රි කාලයේ හදිසියේ අවදි වීමටත් මෙය හේතුවක් විය හැක.

     

    Heading into 30s or 40s

     

    5 වන මිථ්‍යාව: රාත්‍රියේ ව්‍යායාම කිරීම ඔබට නිදා ගැනීමට උපකාරී වේ

    සත්‍යය: නිතිපතා ව්‍යායාමයේ යෙදෙන පුද්ගලයන් සාමාන්‍යයෙන් ගුණාත්මක නින්දක් අත්විඳින නමුත් නිදා ගැනීමට ආසන්නයේ දී ඔබ ව්‍යායාම්හි නිරත වීම තුළින්    ඔබේ ශාරීරික උෂ්ණත්වය ඉහළ යෑම හේතුකොටගෙන සාමාන්‍ය සුවදායී නින්දක් ලබාගැනීමේ අපහසුතාවක් පැන නැගිය හැක. රාත්‍රි නිදා ගැනීමට පෙර පැයකට හෝ දෙකකට ප්‍රථමයෙන් එරෝබික්ස් වැනි කය වෙහෙසෙන ව්‍යායාම අවසන් කිරීම යහපත් පුරුද්දකි. රාත්‍රි නින්දට ප්‍රථමයෙන් යෝගා හෝ මදක් ශරීරයේ 'දිගු කිරීම්' (ස්ට්‍රෙච්) කිරීම සාමාන්‍යයෙන් නින්දට බාධාවක් නොවේ. සවස් කාලයේ පිහිනීමත් රාත්‍රි නින්දට යහපත් උපකාරකයක් යැයි නිර්දේශ කෙරේ.

     

    6 වන මිථ්‍යාව: උණුසුම් කිරි වීදුරුවක් හෝ 'ග්‍රීන් ටී' පානය කිරීම නින්දට පහසුවක් ගෙන දෙයි.

    සත්‍යය: කිරි සහ තේ යන දෙවර්ගයේම නින්ද ප්‍රවර්ධනය කරන රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. කිරි වල ට්‍රිප්ටෝෆාන් ඇති අතර ග්‍රීන් ටී වල තයමින් අඩංගු වේ.

    කෙසේ වෙතත්, නිශ්චිත ආහාර නින්දට උපකාර කිරීම හෝ බාධා කිරීම පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි ඉතා අල්පය. දන්නා දෙය නම් ඔබ කුසගිනිව හෝ සම්පූර්ණ ආහාර වේලක් ලබා ගත් වහාම නිදා ගැනීමට යාමෙන් වැළකිය යුතු බවයි. එබැවින් නිදා ගැනීමට පෙර සැහැල්ලු ආහාරයක් අනුභව කිරීම මෙම සිද්ධි දෙකම මග හැර ගැනීමට ඔබට උපකාරී වනු ඇත

     

    7 වන මිථ්‍යාව: මත්පැන් ඔබට නිදා ගැනීමට උපකාරී වේ

    සත්‍යය: ප්‍රමාණවත් තරම් මත්පැන් ඔබව නින්දට පත් කරයි. කෙසේ වෙතත්, ඔබේ ශරීරය මද්‍යසාර පරිවෘත්තීය කරන විට, නිපදවන රසායනික ද්‍රව්‍ය නින්දේ ගුණාත්මක භාවය බිඳ දමමින් මධ්‍යම රාත්‍රියේ අවදි වීමට ද හේතු වේ. එමෙන්ම මත්පැන් පානය තුළින් ඔබට ලැබෙන නින්ද සාමාන්‍යයෙන් අවිවේකි නින්දකි. සැලකිය යුතු තවත් කාරණාවක් ඇත, එනම් නිදා ගැනීමට මධ්‍යසාර උපයෝගී කර ගැනීමෙන් ඔබේ ශරීරය මින් ඉදිරියට නිදා ගැනීම සඳහා මද්‍යසාර කෙරෙහි යැපෙන්නට ඇබ්බැහි විය හැක.

     

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .