Skip to main content
  • Eng
  • සිංහල
  • தமிழ்
  • Search
  • AIA ශ්‍රි ලංකා
  • අපගේ රක්ෂණ සැලසුම්
    • ඉතුරුම්
    • විශ්‍රාම දිවිය
    • රැකවරණය
    • සෞඛ්‍ය
  • ජීවිත අභියෝග
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම
    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම
    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය
    • වඩාත් වැදගත්වන වන්නේ
  • AIA පිළිබඳ
    • අපේ කැපවීම
    • අපගේ පිරිස
    • සේවාලාභී සම්බන්ධතාවයන්
    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්
    • අපගේ ජයග්‍රහණ
    • මාධ්‍ය ඒකකය
    • රැකියා අවස්ථා
    • අපේ හවුල්කාරිත්වයන්
  • අපෙන් සහය
    • වාරික ගෙවීම් ක‍්‍රම
    • සේවාලාභී පැමිණිලි
    • අපගේ ශාඛා ජාලය
    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය
    • Customer Complaints
  • My AIA
    • AIA පාරිභෝගික පෝටලය
AIA
  • අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ රක්ෂණ සැලසුම්

    අපගේ සැලසුම් සහ සේවාවන් ගැන තොරතුරු සොයාගන්න

    වැඩි විස්තර කියවන්න

    For Individuals

    • ඉතුරුම්

      ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.

    • විශ්‍රාම දිවිය

      ඔබේ සතුට සහ අපේක්ෂාවන් ගැන සිතිය යුතු කාලය පැමිණ තිබේ.

    • රැකවරණය

      අපිත් ඔබ තරමටම ඔබේ පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වන්නෙමු.

    • සෞඛ්‍ය

      ඔබ සහ ඔබේ පවුල සඳහා හොඳම රැකවරණය.

  • ජීවිත අභියෝග

    ජීවිත අභියෝග

    ඔබට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

    සියළුම ජීවිත අභියෝගයන් වෙත
    • විශ‍්‍රාම දිවිය සඳහා සැලසුම් කිරීම

      රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සදහා සැලසුම් කරමු.

    • සුවයෙන් සහ සතුටින් ජීවත්වීම

      අප මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ලෝකයේ සෙසු රටවල් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් නොවේ.

    • මගේ දරුවා සදහා උසස් අධ්‍යාපනය

      උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ

    • වඩාත් වැදගත්වන වන්නේ

      ඔබගේ ආයෝජන පිළිබඳව බුද්ධිමත් තීරණ ගනිමින්, ජීවන රටාවන්ගේ ගුණාත්මක වෙනස්කම් සිදුකිරීමට අවැසි තොරතුරු සහ සම්පත් සපයමින් ඔබට සහාය වීමයි

  • AIA පිළිබඳ

    AIA පිළිබඳ

    අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.

    සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම
    • අපේ කැපවීම

      සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම

    • අපගේ පිරිස

      අපගේ නායකත්ව කණ්ඩායම

    • සේවාලාභී සම්බන්ධතාවයන්

      සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම

    • අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්

      ඉහළ මට්ටමේ අලෙවි වෘත්තිකයින්

    • අපගේ ජයග්‍රහණ

      අපගේ හැකියාවන් සහ කැපවීමට සාක්ෂි

    • මාධ්‍ය ඒකකය

      AIA පිළිබඳ පුවත් සහ තොරතුරු

    • රැකියා අවස්ථා

      අපගේ AIA පවුලට එක්වන්න උනන්දු ද? ඔබට ගැලපෙන චරිතයක් සඳහා බලන්න.

    • අපේ හවුල්කාරිත්වයන්

  • අපෙන් සහය

    අපෙන් සහය

    ඉතා උසස්ම සේවාවකින් ඔබේ සෑම විමසුමකටම අපි උදවු වෙන්නෙමු

    AIA සමග සම්බන්ධවන්න
    • වාරික ගෙවීම් ක‍්‍රම

    • සේවාලාභී පැමිණිලි

      ඔබගේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීම සදහා

    • අපගේ ශාඛා ජාලය

      අපගේ ඕනෑම ශාකාවකට ඔබව සාදරයෙන් පිළිගනිමු

    • AIA ශ්‍රී ලංකා පාරිභෝගික පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

    • Customer Complaints

      going further to understand and meet customer needs

  • My AIA

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA පාරිභෝගික පෝටලය

    My AIA

    අපගේ පොර්ටල වෙත පිවිසෙන්න

      පාරිභෝගික
    • AIA ඊඉන්ෂුරන්ස් පෝටලය

  • Language Select
    • Eng
    • සිංහල
    • தமிழ்
  • Search
  • Contact Us
    • අපව අමතන්න

      විවෘතයි පෙ.ව 8:00 සිට ප.ව 8:00, සඳුදා - සිකුරාදා

    • අපට ඉමේල් කරන්න

      අපි ඔබ කැමති ආකාරයෙන් ඔබ හා සම්බන්ධ වනු ඇත

Health & Wellness
පෙර | පසු
අප හා සම්බන්ධවෙන්න
Back to Top
  • {{title}}

    {{label}}
  • සුවපත් නින්දක් ඔබට වැදගත් වීමට හේතු 10 ක්!

    Colombo, 13/09/2019

    ඔබේ ශරීරයේ සහ මොළයේ ක්‍රියාකාරිත්වය උපරිම තත්ත්වයක පවත්වා ගැනීමට නම් නිසි නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ! අප බොහෝ දෙනා අපගේ ජීවන රටාවේ මෙම වැදගත් අංගය නොසලකා හැරීමට තරම් නැඹුරු වී ඇත්තේ රැකියාවේ සහ නිවසේ ඇති කාර්ය බහුලත්වය හේතුවෙනි.  නමුත් නිසි නින්ද ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය බව පහත කරුණු මගින් ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

    1. ඔබේ බර පාලනය කර ගැනීමට

    අපගේ ආහාර රුචිය පාලනය කරන ගර්ලින් සහ ලෙප්ටින් හෝමෝන මුදා හැරීමේ සාමාන්‍ය ක්‍රියාවට  නින්ද නොමැතිකම අහිතකර ලෙස බලපායි.  මේ හේතුවෙන් අපට නිතරම කුස ගින්න දැනේ.   එපමණක් නොව නින්ද නො ලැබීම නිසා ඔබේ ශරීරය තුළ ආතතිය හා සම්බන්ධ කෝටිසෝල් හෝමෝනය මුදා හැරේ.   එමගින් ඔබේ ශරීරයේ සෛල වැඩි වශයෙන් මේද ගබඩා කිරීමට යොමුවේ.

    2. ඔබේ සමාජ ජීවිතය වැඩි දියුණු කරයි

     නින්ද මද කම නිසා ඔබ නිතර කෝප වීමට,  කලකිරීමට හෝ මානසික අවපීඩනයට ලක් විය හැක.   ඇත්ත වශයෙන්ම, ධනාත්මක හා ඍණාත්මක හැඟීම් නියාමනය කිරීමේ අපගේ හැකියාවට අපගේ නින්ද ඍජු ලෙස බලපාන අතර එමගින් අප අනෙක් පුද්ගලයින් සමඟ කටයුතු කරන ආකාරය කෙරෙහි ද බලපායි.

    3. ඔබේ මතක ශක්තිය සහ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි

    නින්ද නො ලැබීම හේතුවෙන් යම් කාරණා අමතක වීම හෝ ඔබේ ප්‍රතිචාර වේගය  මන්දගාමී වීම පිළිබඳ ව ඔබ කලකිරීමට පත්ව තිබේ ද?  අවධානය යොමු කිරීමට, ගැටළු විසඳීමට සහ වැදගත් තොරතුරු සිහිපත් කිරීමට ඔබට ඇති හැකියාව යහ තත්ත්වයේ පවත්වා ගැනීමට නම් ඔබට නින්ද අත්‍යවශ්‍ය වේ.

    4. ඉදිමුම් හා සෞඛ්‍ය අවදානම අවම කරයි

    නින්ද නොමැතිකම ඔබේ ශරීරයේ ඉදිමුම් වැඩි කරයි. ඒ හේතුවෙන් හෘද රෝග, දියවැඩියාව වැළඳීමේ අවදානම ඉහළ නැංවෙනු ඇති අතර ආතරයිටිස් සහ වෙනත් ඉදිමුම් ආශ්‍රිත රෝග ලක්ෂණ ද තීව්‍ර විය හැක.

    5. ඔබේ ක්‍රියාශීලී භාවය ඉහළ නංවයි

    සුව බර රාත්‍රි නින්දක්, ඔබට දවස පුරා වඩාත් ජව සම්පන්න හා ක්‍රියාශීලී හැඟීමක් ඇති කරයි. එමෙන්ම ඔබගේ වැඩකටයුතු කඩිනමින් සම්පුර්ණ කිරීමටත්  අභියෝග මුහුණ දීමට වැඩි සුදානමක් ද ඔබ තුළ ඇති කරයි. ප්‍රමාණවත් නින්දක් ඔබේ ක්‍රියාවන්ගේ වේගය, නිරවද්‍යතාවය, ප්‍රතික්‍රියා කාලය වැඩි දියුණු කරන අතර ඔබේ සමස්ත ශාරීරික යහපැවැත්ම ද  වැඩි දියුණු කරයි.

    Heading into 30s or 40s

     

    6. මොළය පිරිසිදු කරයි

    අප නිදා සිටිය දී - සහ අප නිදා සිටිය දී පමණක් - මොළය තුළ දවස පුරා ගොඩනැගෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවේ. මෙසේ ඉවත් වන විශේෂ අපද්‍රව්‍යක් වන්නේ  බීටා-ඇමයිලොයිඩ් තරලයයි. එය ඇල්සයිමර් වැනි ස්නායු විකෘතිතා ආබාධ ඇති කිරීමට දායක වේ.

    7. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කරයි

    අප සියලු දෙනා හටම වරින් වර විවිධ ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඖෂධ ලබා ගැනීම වැදගත් එක් ක්‍රමයක් වුවත් කිසිදු අතුරු ආබාධයකින් තොරව ආසාදන සමඟ සටන් කිරීමට සුව බර නින්දක් ඔබේ ශරීරයට බොහෝ සේ උපකාරී වේ.

    8. නිරෝගී හදවතක් පවත්වා ගෙන යාමට

    නිසි නින්ද නොලැබීම සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදා ගැනීම යන පුරුදු දෙකම හදවතට අහිතකර ලෙස බලපාන බව පෙන්වා දී ඇත. දීර්ඝ කාලීන ව කෙටි කාලයක් නිදන්නන් 48% ක් තුළ  හෘද රෝග හට ගැනීමේ ප්‍රවණතාවක් පවතී. අධික ලෙස නිදන්නන් 38% ක් තුළ හෘද රෝග හට ගැනීමේ ප්‍රවණතාවක් පවතී

    9. ආතතිය අඩු කරයි

    ඔබ අක්‍රමවත් නින්දක් අත්දකින්නේ නම් හෝ නියමිත ලෙස නිදා නොගන්නේ නම්, ඔබට මානසික විඩාව ඉක්මණින් ඇති වන අතර එය එදිනෙදා කටයුතු කිරීමට ඇති ඔබගේ හැකියාව කෙරෙහි ද බලපායි. මේ නිසා හට ගන්නා ඍණාත්මක සිතුවිලි සහ අත්දැකීම් ඔබ වැදගත් කාර්යයන් හි නිරත වීමට ඇති විට ඔබ තුළ අසාමන්‍ය ආතතියක් සහ  කාංසාවක් ද  ඇති කරනු ඇත.

    10. දීර්ඝායුෂ ලබා දෙයි

    නිසි නින්දක් ලබා ගැනීම ඔබේ දිවියට දීර්ඝායුෂ සලසා දෙන බව ඔප්පු වී ඇත.

    නමුත්  නිසි නින්ද යනු  කුමක්ද?

    රාත්‍රියකට පැය 6 කට වඩා අඩුවෙන් නිදා ගන්නා පුද්ගලයකු අකල් මරණයකට ලක් වීමේ 12% ක අවදානමක් ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබෙන අතර පැය 9 කට වඩා නිදා ගැනීමෙන් ද අකල් මරණයකට භාජනය වීමේ  අවදානම  30% ක් බව සොයා ගෙන තිබේ .

    සෞඛ්‍ය සම්පන්න, දිගු, වඩා හොඳ ජීවිතයක් සඳහා, හොඳ රාත්‍රී විවේකයක්  ඔබේ ප්‍රමුඛතාවයක් බවට පත් කර ගන්න!

     

    අපව අමතන්න

    +94 11 2310310


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

     

    අපව අමතන්න

    +94 11 2310310
     


    AIA ටවර්, 92, ධර්මපාල මාවත
    කොළඹ 07
    ශ්‍රි ලංකා

    ෆැක්ස් : (+94) 11 4715892

    ඊ මේල් : lk.info@aia.com

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.
    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා

    පිවිසෙන්න

    AIA.COM

    අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි AIA ගැන වැඩි විස්තර දැන ගන්න.

    AIAහි ගවේෂණයට

    අපගේ රක්ෂණ සැලසුම්

    පැමිණිලි කළ හැකි ආකාරය

    AIA පිළිබඳ

    මාධ්‍ය ඒකකය

    රැකියා අවස්ථා


    Copyright © 2016, AIA Group Limited and its subsidiaries. All rights reserved.
    Terms of Use | AIA personal data policy (Sri Lanka) | Cookie Policy

    This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .