නව රැකියාවක් සහ ජීවිතයේ ස්වාධීනත්වයක් පළමු වරට අත්විඳින්නා වූ ඔබට, ඔබේ විශ්‍රාමය සැලසුම් කිරීම, එතරම් ප්‍රමුඛතාවයක් නො ගනු ඇත. නමුත්, මාසික ආදායමෙන් උකස් ණය, පාසල් ගාස්තු, වෛද්‍ය බිල්පත් සහ සමහර විට දෙමව්පියන්ට සහාය වන්නා වූ අවුරුදු 40 පසු වන සමහරුන්ටත් විශ්‍රාමය සඳහා සුදානම් වීමට තවමත් නො හැකි වී ඇත. එබැවින් මේ කාරනා සලකන කල වයස අවුරුදු 40දි විශ්‍රාමය සඳහා සුදානම් වීම, අවුරුදු 20 දී තත්ත්වයටත් වඩා අපහසුයි. ඒ නිසා තමයි, විශේෂඥයන් විශ්‍රාම සැලසුමක් ආරම්භ කිරීමට හොඳම කාලය වගකීම් අඩු, තරුණ වියේ දී බව පවසන්නේ. එය ඔබගේ සම වයසේ මිතුරන්ට වඩා අනාගතයේ දී ඉදිරියෙන් සිටීමටත් ඔබේ වෘත්තිය හා ජීවිතය විශ්වාසයෙන් යුතුව ගත කිරීමටත් උපකාරී වන්නා වූ වැදගත් ම තීරණවලින් එකක් විය හැකියි.
