ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
රැකියාවකින් පසු ජීවිතය සිතට බිය ගෙන දෙන සිතිවිල්ලක් විය හැකියි. අපි එක්ව ඒ සඳහා සැලසුම් කරමු.
ඔබේ දරුවන්ට අධ්‍යාපනය සහ ඔවුන්ට අවශ්‍ය ජීවිතය ලබාදීම සඳහා ඔබ ඔබේ ජීවිතයෙන් වැඩි කොටසක් කැප කර ඇත. ඔබ ඔවුන් වෙනුවෙන් ඔබේ සිහින කැප කර ඇත. ඔබේ ජීවිතයේ දෙවැනි අවධිය වන විශ‍්‍රාම දිවියේදී ඒ සිහින සැබෑ කරගත හැකි ආකාරය ගැන සිතා බලන්නට දැන් කාලය උදාවී තිබේ. කෙසේවූවද, එවැනි වෙනසක් සහ ප‍්‍රමාණවත් ආදායමක් නොමැතිවීම පිළිබඳ සිතිවිල්ල දරාගැනීම අපහසුය. එහෙත්, කල්තියා සැලකිලිමත්ව සියල්ල සැලසුම් කරගතහොත් එය එසේ වන්නේ නැත.
බොහෝ අය සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ගැන දැඩි විශ්වාසයක් තබමින් ඒ මත බලාපොරොත්තු තබාගන්නා නමුදු එය ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ප‍්‍රමාණවත් නොවිය හැකිය. එක් මොහොතකදී සේවක අර්ථසාධකය සහ සේවක භාරකාර අරමුදල අවසන්ව ගොස්, විශ‍්‍රාමයෙන් පසු අත්විඳිය හැකි වනු ඇතැයි අප සිතා සිටි සොඳුරු ජීවිතයද අවසන් විය හැකිය. හොඳ විශ‍්‍රාම සැලසුමක අවශ්‍යතාව සහ එය කල් ඇතිව ඇරැුඹීම වැදගත් වන්නේ එබැවිනි.
ජීවිතයේ සරල දේවල් මඟ හැරී යෑම ගැන අවසානයේදී බොහෝ අය පසුතැවිළි වූ අයුරු දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වනු ඇත.
එය හාස්‍යජනක යැයි පෙනෙන්නට තිබුණත්, මනා මූල්‍යමය තත්ත්වය සහ ස්වයං විනය මගින් එය යථාර්ථයක් බවට පත්කරගත හැකිය.