ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටක තිබිය යුතු මට්ටමට වඩා ඉහළ සාක්ෂරතා අනුපාතයක් ඇති රටක, උපාධියක් හිමිකරගැනීම බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට තවමත් අසීරු කරුණක්ව තිබේ.
ලංකාව දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා මට්ටමක් ඇති රටක් වන අතර, මෙරට ජනගහනයෙන් සියයට 92කට අධික පිරිසකට ලිවීමේ සහ කියවීමේ හැකියාව ඇත. එහෙත් සංඛ්‍යාත්මකව විශ්වවිද්‍යාල උපාධියක් හිමි පිරිස මගින් මෙය නිරූපණය නොවීම කනගාටුවට කරුණකි. සමස්තයක් ලෙස අධ්‍යාපන පද්ධතිය සිද්ධාන්තමය දැනුම පදනම් කරගත් ආදර්ශයක් මත කි‍්‍රයාත්මක වන බැවින් පෞද්ගලික අංශයේ රැුකියා සඳහා අවශ්‍ය වන ප්‍රායෝගික දැනුම ලබාගැනීම සඳහා උසස් අධ්‍යාපනය වඩාත් වැදගත් වෙයි.
දේශීය විශ්වවිද්‍යාලවලට ප්රවේශවීමට සුදුසුකම් ලබන සෑම අයෙකුටම අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල පද්ධතියට නොහැකිය. සැබැවින්ම එසේ අවස්ථාව ලබාදිය හැකි වනුයේ 25,000කට පමණක් වන අතර, සුදුසුකම් ලබන 30,000ක් පමණ පිරිසකට රජයේ විශ්වවිද්‍යාලයකට පිවිසීමට වරම් නොලැබෙයි. මෙයින් අදහස් වන්නේ බොහෝ දක්ෂ සහ නැණවත් සිසු දරුදැරියන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු පාඨමාලා වෙත යොමුවීමට සිදු වන බවය. එහෙත් ප්‍රමාණවත් මුදල් නොතිබීම හේතු කොටගෙන පෞද්ගලික උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා වියදම් දැරීමට සෑම අයෙකුටම හැකියාවක් නොලැබේ. එය සමස්තයක් ලෙස මානව සම්පත් සැපයුම කෙරෙහි බලපාන්නේ රටට සේවය කිරීමට ඉහළ අගයෙන් යුතු නිපුණතා සපිරි උසස් මට්ටමේ ශ්‍රම බලකායක් සේවායෝජකයන් හට අහිමි වන බැවිනි.
ශී‍්‍ර ලාංකේය අධ්‍යාපන ක්‍රමය පිළිබද විවරණයක් එහි ප්‍රධාන ග්රාහකයා වන සිසුවකුගෙන්
ඔබේ අධ්‍යාපන ‘සහතිකය’ ලබාගැනීම මගින් සැබෑ ජීවිතයේ රැුකියා පිවිසුම් මට්ටමට මුහුණදීම සඳහා අවශ්‍ය වන නිපුණතා සහ පුහුණුව සහතික නොකෙරෙයි.
අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට වියදම් දැරීමට සෑම අයෙකුටම හැකියාවක් නැති නමුත්, එම අධ්‍යාපන සුදුසුකම අන්තර්ජාල උපාධි පාඨමාලාවක් මගින් ලබාගැනීමට ඔබට හැකිය.