ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
{{title}}
{{label}}COVID-19 හේතුවෙන් පීඩාවට පත් AIA ඉන්ෂුවරන්ස් ඔප්පු හිමියන්හට සහන ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම මගින් ප්‍රකාශයට පත්කරන ලද උපදේශනයන්ට අනුකූලව, වර්තමාන COVID-19 පැතිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන්හට සහනදායක ක්‍රියාමාර්ගයක් ප්‍රදානය කරමින්, 2020 මාර්තු මස 01 දා සිට ජූනි මස 30 දක්වා කාලය අතරතුර ගෙවීමට නියමිත වාරික මුදල් ගෙවීම සඳහා දීර්ඝ කල කාලසීමාවක් ලබා දී තිබේ.
මෙම පහසුකම මනා පරිපාලනයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම සඳහා, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම COVID-19 හේතුවෙන් පීඩාවට පත්ව මෙම සහන ලබාගැනීමට බලාපොරොත්තු වන සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගෙන් පහත සඳහන් මාර්ගෝපදේශ පිළිපදින ලෙස, ඉල්ලා සිටියි. (COVID-19 සහන වැඩසටහන)
දැන්විය යුතු ආකාරය :
AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට සමාගම වෙත ලිඛිත ලියවිල්ලක් යොමුකළ හැකි අතර එය covidsupportlk@aia.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. පරිපාලන කටයුතුවල පහසුව සඳහා එම ලිඛිත ලියවිල්ලේ පහත සඳහන් විස්තර ඇතුළත් කරන්න. වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0112 310 310 ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකිය.
සැලකිය යුතුයි : AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට COVID-19 සහන වැඩසටහන යටතේ හිඟ මුදල් ගෙවා නිමකිරීමට එම සහන කාලය අවසානයේ සිට මාස දෙකක උපරිම කාලයක් ලබාදෙනු ඇත. මෙම මාස දෙකක කාලසීමාව ඇතුළත ඔබේ හිග වාරික සියල්ල ගෙවා නිම කිරීම මගින් මෙම කාලසීමාවෙන් පසුව ඔබගේ වටිනා රක්ෂණ ඔප්පුව අක්‍රීය තත්ත්වයට පත් නොවී පවත්වාගෙන යාමට ඔබට හැකිවනු ඇත
දැනුම් දිය යුතු දිනය:
පරිපාලන කටයුතුවල පහසුව සඳහා කරුණාකර ඔබේ ලිඛිත ලියවිල්ල 2020 මැයි මස 15 වන දා හෝ ඊට ප්‍රථම සහ COVID-19 සහන වැඩසටහනට අදාළ ඔබගේ අදාළ වාරික ගෙවා නිම කලයුතු දිනට පෙර AIA ඉන්ෂුවරන්ස් සමාගම වෙත ලැබීමට සලස්වන්න.
ඔබගේ ලිඛිත ලියවිල්ල යොමුකළ පසු සිදුවන්නේ කුමක්ද:
වැඩිදුර විස්තර/පැහැදිළිකිරීම් අවශ්‍ය වුවහොත්, AIA ඉන්ෂුවරන්ස් ඒ පිළිබඳව ඔබ හා සම්බන්O වනු ඇත. සියළු විස්තර සම්පූර්ණ කල ඔබගේ ලිඛිත ලියවිල්ල අපට ලැබී වැඩ කරන දින 5 ක් ඇතුළත දී AIA ඉන්ෂුවරන්ස් සමාගම, ඔබට ප්‍රතිචාර දක්වනු ඇත.
COVID-19 සහන වැඩසටහන තුළ අදාළ කොන්දේසි:
ඔබගේ රක්ෂණ ඔප්පුවට පහත සඳහන් කොන්දේසි අදාළ වනු ඇත
AIA ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්