ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
For Individuals
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}ප්‍රාදේශීය/කලාපීය ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ
තායිලන්තය, කොරියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුල AIA සමාගම්වල ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ AIA සමූහ සම්බන්ධතා ව්‍යාපාර කටයුතු සඳහා වගකීම දරන කළාපිය ප්‍රධාන විධායක නිලධාරිවේ. ඔහු 53 වන වියෙහි පසුවෙයි. 2012 වර්ෂයේ සිට 2015 වසර දක්වා AIA මැලේසියාවේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස ලියිල් මහතා කටයුතු කළේය. එම කාලය තුලදී AIA සමූහය විසින් ING මැලේසියා අත්පත් කර ගැනීමෙන් පසු මැලේසියාවේ තිබුණු AIA සමාගම සහ ING සමාගම එකම ව්‍යාපාරයක් බවට ඒකාබද්ධ / එකමුතු කිරීමේ මහා පරිමාණ ව්‍යපෘතිය සාර්ථකව මෙහෙයවුයේද ලයිල් මහතාය.
Sovereign Assurance Company Limited සමාගමට අමතරව AIA සමූහයේ AIA Co. සහ AIA ඉන්ටර්නැෂනල් වැනි විවිධ සමාගම්වල අධ්‍යක්ෂවරයෙකි.
ලයිල් මහතා 2011 ජනවාරි මාසයේදී AIA සමූහයට බැඳුණු අතර සමූහ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී ලෙස කටයුතු කළේය.
සමූහයට බැඳීමට පෙර ලයිල් මහතා 2009 අගෝස්තු සිට 2010 දක්වා කාලය තුළ Aviva සමාගමේ දකුණු ආසියාතික, කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කළේය.
Aviva සමග සම්බන්ධ වීමට පෙර ලයිල් මහතා Prudential Corporation Asia හි පහත සඳහන් ජ්‍යෙෂ්ට තනතුරු රාශියක් හෙබවූයේය - මැලේසියාවේ ප්‍රධාන විධායක නිලධාරී (2008 සිට 2009), කොරියාවේ ප්‍රධාන විධායක නිලධාරි (2005 සිට 2008), ICICI Prudential ආයතනයේ ප්‍රධාන නියෝජිත නිලධාරි (2002 සිට 2004) සහ 2001 වසරේ දී දකුණු ආසියාවෙහි නියෝජිත ව්‍යාපාර ප්‍රවර්ධන අධ්යක්ෂක
ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ
වර්ෂ 2016 අගෝස්තු 01 වැනිදා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ සරත් වික්රමනායක මහතා බර්මියුඩා හි ජාත්‍යන්තර බැංකුවක් වන බටර්ෆීල්ඞ් බැංකුවේ වසර 19ක් සේවය කර ඇති අතර, ඔහු එහි විධායක උප සභාපති තනතුරට ද පත් විය. ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන් පසුව, යුනියන් ඇෂුවරන්ස් ලිමිටඞ් හි ප්රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටින ඔහු 2002 වසරේදී ශී‍්‍ර ලංකා රක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
ඔහු 1979 සිට ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.
මේ වන විට ඔහු මූල්‍ය, තොරතුරු තාක්ෂණ සහ හෝටල් හා සංචාරක ක්ෂේත‍්‍රයන් සඳහා උපදේශන සේවාවන් සැපයීමෙහි නියැළී සිටියි. නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, NDB වෙල්ත් මැනේජ්මන්ට් ලිමිටඞ්, NDB ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඞ්, NDB කැපිටල් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් සහ NDB කැපිටල් ලිමිටඞ් (බංග්ලාදේශය) ඇතුළු තවත් සමාගම් ගණනාවක අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු කටයුතු කරයි.
විධායක නොවන අධ්‍යක්ෂ
AIA සමාගමේ කලාපීය ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රොබර්ට් කොරියාව, මැලේසියාව, ඉන්දියාව, කාම්බෝජය සහ ශී‍්‍ර ලංකාව වැනි රටවල සමූහයේ ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධ වෙයි. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා උපාධියක් හිමි ඔහු ඕස්ටේ‍්‍රලියාවේ ආයුගණක ආයතනයේ (institute of Actuaries of Australia) සාමාජිකයකුද වෙයි.
විධායක නොවන අධ්‍යක්ෂ
මනෝජ් AIA වෙළෙඳපොළ රැසක් හා සම්බන්ධ නීතිමය කරුණු සම්බන්ධ වගකීම දරමින් සමූහ කලාපීය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස සේවය කරයි. ආසියා ශාන්තිකර කලාපයේ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ වසර 19කට අධික කාලයක පළපුරුද්ද ඔහුට ඇත. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට ලෙස උපාධිය හිමිකරගත් ඔහු අධිකරණ වෛද්‍ය උපාධිධරයෙකි. ඔහු ඇමෙරිකා එක්සත් රාජ්‍යයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ නීතිඥවරයකු සහ හොංකොං හි නීති වෘත්තිකයකු ලෙසද කටයුතු කර ඇත.
විධායක නොවන අධ්‍යක්ෂ
AIA රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට 2012 අගෝස්තු මස තුන්වන දින තේරී පත් වූ ස්ටුවර්ට් ස්පෙන්සර් AIA සමුහයේ සමුහ ප්‍රධාන අලෙවි විධායක තනතුර හොබවයි. ඔහු සමුහය තුළ සියලුම අලෙවිකරණ කටයුතු, සේවාලාභින් වෙනුවෙන් ඉදිරිපත් කරන්නා වූ විවිධ කටයුතු සහ AIA Vitality සුවතා වැඩසටහන යන සියලු දේ පිලිබඳ වගකීම් දරයි. මෙම තනතුරෙහි ඔහු 2017 මැයි මස සිට කටයුතු කරන අතර AIA සමාගමට සම්බන්ධ වීමට පෙර ඔහු Zurich රක්ෂණ සමාගමේ ආසියානු-පැසිපික් කළාපයේ සාමාන්‍ය රක්ෂණ අංශය සඳහා ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කර ඇත. මීට අමතරව ස්පෙන්සර් මහතා විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇති අතර 2009 ජුනි සිට 2013 අගෝස්තු මස දක්වා චබ් හි හදිසි අනතුරු සහ සෞඛ්‍ය සඳහා ජාත්‍යන්තර ප්‍රධානී ලෙසත් 1996 මාර්තු සිට 2009 මැයි මස දක්වා A&H AIG ජීවිත රක්ෂණ සමාගමේ ජාත්‍යන්තර සභාපති සහ 1989 සැප්තැම්බර් සිට 1995 මැයි මස දක්වා ඇමරිකන් එක්ස්ප්‍රස් හි ආයතනික කාඩ් අලෙවිකරණ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇත. ස්පෙන්සර් මහතා හාවර්ඩ් ව්‍යාපාර පාසලේ, නීතිය සහ රාජ්‍යතාන්ත්‍රික අධ්‍යන කටයුතු පිලිබඳ ෆ්ලෙචර් පාසලේ මෙන්ම බ්‍රන්ඩ්ස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකුද වේ.
ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ
වර්ෂ 2005 මැයි 17 වැනිදා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලද දීපාල් 2010 වසර වන තුරු එහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අතර, දැනටත් එහි අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරයි. එක්සත් රාජධානියේ වරලත් අලෙවි ආයතනයේ සාමාජිකයකු වන ඔහු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත‍්‍රපති උපාධිධාරියකුද වෙයි.
ප්රධාන විධායක නිලධාරී
රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 25 ක අත්දැකීම් ඇති නිකිල් අද්වානී සතුව ඇමරිකාවේ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් සහ ඉන්දියාවේ මුම්බායි විශ්ව විද්‍යාලයේ වානිජ්‍ය උපාධියක් ද ඇත.
ඔහු 2011 වසරේ දී AIA සමූහය හා සම්බන්ධ වීමට ප්‍රථම ඇමරිකාවේ නිව්යෝර්ක් ලයිෆ්, ගෙන්වර්ත් ෆයිනැන්ෂල්, ජැක්සන් නැෂනල් ලයිෆ් යන සමාගම් තුළත් ඉන්දියාවේ ICICI පෘඩෙන්ෂල් වත්කම් කළමනාකරණ සමාගම තුලත් ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක්ද දරමින් සේවය කර තිබේ.
නියෝජ්‍ය ප්රධාන විධායක නිලධාරී
AIA ශී‍්‍ර ලංකා සමාගමේ මූලික නිලධාරියා වන උපුල් සෘජු වෙළෙද බෙදාහැරීම් අංශයේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කරයි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යා ගෞරව උපාධියක් හිමි කරගෙන සිටින ඔහු එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ සහකාරත්ව සාමාජිකයකු ද වෙයි. ආයුගණක විද්‍යාව පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හිමි ඔහු ස්විට්සර්ලන්තයේ කළමනාකාරීත්ව සංවර්ධනය සම්බන්ධ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුට රක්ෂණ ක්ෂේත්රය තුළ වසර 25 කට අධික කාලයක කළමනාකාරීත්ව පළපුරුද්දක් ඇත.
තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ/ ප්‍රධාන තාක්ෂණ නිලධාරී
සමාගමේ තොරතුරු තාක්ෂණ අංශය මෙහෙයවන උමේෂි, එහි උපායමාර්ග සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින යන රටවල්වි වල විවිද අංශ වල ව්‍යාප්ත වූ විශාල සමුහ ව්‍යාපාර වල තොරතුරු තාක්ෂණ අංශයේ හා ඩ්ජිට්ල් ව්‍යාපාර වල වසර 15 ක පළපුරුද්දක් මොහු සතුව ඇත.
AIA සමග සම්බන්ධ වීමට පෙර මොහු විවිද අංශ වල ව්‍යාප්ත වූ විශාල සමුහ ව්‍යාපාර සමාගමක සමුහයේ තොරතුරු තාක්ෂණවේදය හා ඩිජිටල් ව්‍යාපාර අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ලදී. මෙහිදී සමුහය 'Cloud' තාක්ෂණය හා අනුගත කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබාදෙන ලදී. උමේෂි ආයතන සන්නිවේදන හා සමුහ තිරසරබාවය අංශද අධීක්ෂණය කරන ලදී.
ඔහු මහා බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියක් හා ස්ටෆාඩ්ශයර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර තොරතුරු තාක්ෂණ පිලිබඳ විධ්‍යවේදී උපාධියක් ලබා ඇත. බ්‍රිතාන්‍ය පරිඝණක සමාජයේ සාමාජිකයකු වේ.
මානව සම්පත් අධ්‍යක්ෂ සහ සාමාගම් ලේකම්
එක්සත් රාජධානියේ පුද්ගල කළමනාකරණය පිළිබද වරලත් ආයතනයේ වරලත් සාමාජිකාවක වන චතුරි කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබද මූලික සහ ශාස්ත‍්‍රපති උපාධි ලබා සිටින අතර, නීතිඥවරියකද වෙයි. ඇය එක්සත් රාජධානියේ ජාත්‍යන්තර අනුකූලතා සංගමයෙන් ජාත්‍යන්තර ඩිප්ලෝමාවක්ද හිමි කරගෙන සිටියි. වසර 19කට අධික ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පළපුරුද්දක් ඇයට ඇත.
මෙහෙයුම් අධ්‍යක්ෂ
යටිතල පහසුකම් සහ මෙහෙයුම් සම්බන්ධ වසර 33කට අධික කළමනාකරණ පළපුරුද්ද හිමි කැළුම් ප‍්‍රතිරක්ෂණය, සේවාලාභී සේවාවන්, හිමිකම් ඉල්ලීම් කළමනාකරණය ඇතුළු කටයුතු සම්බන්ධ මෙහෙයුම් පිළිබඳ වගකීම දරණ අතරම කාර්ය සම්පාදන සංවිධාන කටයුතු අධීක්ෂණයද සිදු කරයි. ඔහු වෙස්ටර්න් සිඞ්නි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් ලබා ඇත.
අධ්යක්ෂ සහයෝගිතා බෙදාහැරීම්
අශේන් සමාගමේ බැන්ක්ඇෂුවරන්ස් සහ සහයෝගිතා බෙදාහැරීම් අංශයන් මෙහෙයවන අතර බෑන්ක්ඇෂුවරන්ස් අලෙවි වර්ධනය සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව වගකීම් දරන්නේය.
අශේන් AIA සමග සම්බන්ධ වීමට පෙර ග්ලෝබල් පේමන්ට් ලංකා (පුද්) සමාගමේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයින යන රටවල්වල අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන ලදී. එහිදී ඔහු එම සමාගම එම රටවල්වල වර්ධනය කිරීම ඔහුගේ වගකීම විය. එහිදී ඔහු සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී. අශේන් ඊට කලින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ හා HSBC බැංකුවේ කලමනාකර තනතුරු හොබවන ලදී. එහිදී ඔහු පාරිභෝගික බැංකු කටයුතු, ඍජු විකුණුම්, ණය පත් ආශ්‍රිත සේවා හා වෙළඳ ව්‍යාපාර අත්පත්කරගැනීම් යන අංශවල අත්දැකීම් රැසක් ලබාගන්නා ලදී.
අශේන් මහා බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධියක් ලබා ඇත. ඊට අමතරව ඔහු මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM-UK) වෘතිය අලෙවිකරණ සහතික මට්ටමෙන් සුදුසුකම් ලබා ඇත. ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙකු වන අශේන් ඉතා දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමට (සත් සාමාජික) නායකත්වය සපයන ලදී. අශේන් CR & FC රගර් කණ්ඩායමට හා ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් කණ්ඩායම් වලට නායකත්වය ලබා දී ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයෙක්ද ක්‍රීඩා කර ඇත.
ප්රධාන උපාය මාර්ගයික ශිල්ප ක‍්‍රම සහ ආයෝජන නිලධාරී
රක්ෂණ ක්ෂේත‍්‍රයේ ආයෝජන, උපාය මාර්ගයික ශිල්ප ක‍්‍රම, අවදානම් සහ මූල්‍ය කටයුතු සම්බන්ධ පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබමින් ස්ථාවර ආදායම් සහ සමකොටස් ආයෝජනය යන දෙඅංශයන්හිම අරමුදල් කළමනාකරුවකු ලෙස වසර 14ක පළපුරුද්දක් ගැවින් හිමි කරගෙන සිටියි. ඔහුගේ අධ්‍යාපනික සහ වෘත්තීය පළපුරුද්දට ආර්ථිික විද්‍යා, ආයෝජන, ප‍්‍රාග්ධන වෙළෙදපොළ සහ මූල්‍ය ඇතුළු විෂයයන් අයත් වෙයි. එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සහකාරීත්ව සාමජිකයකු වන ඔහු ජාත්‍යන්තර වෙළෙද කටයුතු පිළිබද විශේෂ අවධානයක් සහිතව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා ගෞරව උපාධියක් ලබා ඇත.
ප්රධාන අලෙවි නිලධාරී
නිඛිල් අලෙවි අංශයේ ප්‍රධානියා මෙන්ම AIA ශ්‍රී ලංකා වෙනුවෙන් උපාය මාර්ග සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි. ඔහු රක්ෂණ සැලසුම් කළමනාකරණය, සන්නාම හා සන්නිවේදන සහ ඩිජිටල් අලෙවිකරණය යන අංශ අධීක්ෂණය කරයි. ප්‍රධාන අලෙවි නිලධාරී කාර්යයට අමතරව ඔහු ආයතනික සමුහ ජීවිත රක්ෂණ අංශයද කළමනාකරණය කරයි. ඔහු AIA සමුහයේ වසර 6 ක කාලයක් සේවය කර ඇති අතර ඊට පෙර, ආසියාවේ හා ඇමරිකාවේ රක්ෂණ සමාගම්වල ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇත. මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික කාලයක පළපුරුද්දක් ඇති නිඛිල් නිව්යෝක් හි කොලොම්බියා සරසවියේ ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
මානව සම්පත් අධ්‍යක්ෂ
සමාගමේ මානව සම්පත් කළමනාකරණය අංශයේ වැඩ කටයුතු 2018 ජනවාරි මස සිට තුෂාරි මෙහෙයවයි. ජේෂ්ඨ මානව සම්පත් කළමනාකාරිනියක් වන ඇය සතුව මානව සම්පත් කළමනාකරණය සහ නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් වසර 10කට අධික කාලසීමාවක පළපුරුද්දක් ඇත.
ඇය එක්සත් රාජධානියේ පුද්ගල කළමනාකරණය සම්බන්ධයෙන් වූ වරලත් ආයතනයේ (Chartered Institute of Personal Management - UK) සාමාජිකාවක් වන අතර ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයෙහි (NIBM) මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවකටද හිමිකම් කියයි. මෙයට අමතරව ඇය ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ (Institute of Chemistry, Ceylon), රසායන විද්‍යා උපාධිධාරිනියක්ද වෙයි.
ඇය සමාගමේ සහතිකලත් අභ්‍යන්තර පුහුණු කිරීමේ අංශයේ ප්‍රධාන සාමාජිකාවකි. තවද ශ්‍රී ලංකා රක්ෂණ සංගමය ඇතුළුව විවිධාකාර කාරක සභාවන් තුල මානව සම්පත් අංශය සම්බන්ධයෙන්ද ඇය සමාගම නියෝජනය කරයි.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .