ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
DFCC බැංකුව වර්ෂ 65ක අභිමානවත් ඉතිහාසයක් සහිත ප්‍රමුඛතම සංවර්ධන බැංකුවක් වන අතර, මේ වන විට සිය පාරිභෝගික පිරිස වෙත පූර්ණ වාණිජ බැංකු සේවාවක් ද ලබා දෙයි. මෙරට ව්‍යාපාර ලෝකයෙහි දැවැන්ත ව්‍යවසායකයින් පසුපස සුවිසල් ශක්තියක් වෙමින් ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන බැංකුවද DFCC බැංකුව වේ. මේ වන විට මුල්‍ය සේවාවන්හි සෑම අංශයකටම DFCC බැංකුව විහිද පවතින අතර, පුළුල් පාරිභෝගික පදනමක් ගොඩනංවාගෙන සිටී. DFCC බැංකුව හා AIA ඉන්ෂුවරන්ස් අතර ගොඩනංවාගත් නවතම සහයෝගීතාවය මගින් බැංකුව සිය පාරිභෝගික පිරිස වෙත ලබාදී තිබෙන අගය තවදුරටත් ඉහළ නැංවෙන අතර, සෑම තරාතිරමකම ජීවන මට්ටමක් ගතකරන ජනතාව වෙත අවශ්‍ය මුල්‍ය විසඳුම් ලබාදීම තවදුරටත් විශිෂ්ට ලෙස සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවද අපේක්ෂා කරයි. පසුගිය වර්ෂ කිහිපය තුල මෙම සහයෝගීතාවය මගින් DFCC බැංකුව හා AIA ඉන්ෂුවරන්ස් වෙත ලැබුණු ප්රතිලාභ ඉතාමත් සුවිශේෂීවන අතර, DFCC පාරිභෝගික පිරිසට පුළුල් පරාසයක පැතිරුණු විශ්‍රාම සැලසුම්, සෞඛ්‍ය ආශ්රිත රක්ෂණ සැලසුම් හා ආයෝජන විසඳුම් සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සහතික කරදීමට හැකියාව ලැබී තිබේ.
වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙතැන ක්ලික් කරන්න
ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී (NDB) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී වාණිජ බැංකු සමාගමක් වන අතර, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (AIA) යනු ලෝකයේ දැවැන්තම ජීවිත රක්ෂණ සමාගමයි*. NDB ගනුදෙනුකරුවන්ගේ ජීවිත රක්ෂණ සේවා අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටුකරගැනීම සඳහා දීර්ඝ කාලයක සිට සිය සහයෝගය ලබා දෙන AIA ඉන්ෂුවරන්ස් අතර ඇතිකරගත් දීර්ඝ කාලීන සහයෝගීතාවය මෙම දැවැන්ත පරිමාණ ආයතනයන් දෙකෙහිම පාරිභෝගික පිරිස වෙත වඩාත් පහසුවක් නිර්මාණය කර දෙයි.
*2020 මාර්තු 12 වැනි දිනට වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයෙන් (market capitalization) ලෝකයේ දැවැන්තම ජීවිත රක්ෂකයා.
වෙබ් අඩවියට පිවිසීම සඳහා මෙතැන ක්ලික් කරන්න
ප්රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය Telemedicine සමාගමක් වන oDoc, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින යන රටවල 200,000කට අධික සේවාලාභීන් පිරිසක් වෙත සිය සේවය ලබා දෙයි. 2017 වර්ෂයේ ආරම්භ කරන ලද oDoc සමාගම විශ්වාස කරනුයේ යහපත් ජීවන තත්ත්වයක් ගොඩනංවා ගැනීම වෙනුවෙන් මිනිස් ප්‍රජාවට විශිෂ්ට සෞඛ්‍ය රැකවරණයක් තිබිය යුතුවීම අනිවාර්ය බවයි. ඒ වෙනුවෙන් සියලු දෙනාටම පහසු ප්‍රවේශයක් සහතික කරදීමට oDoc සමාගම ඉතාමත් කැපවීමෙන් කටයුතු කරයි. දැරියහැකි මිලකට එකිනෙකාගේ කැමැත්ත අනුව සුවිශේෂී සෞඛ්‍ය රැකවරණයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවේශය සහතික කරවීම සිය මෙහෙවර වශයෙන් oDoc සමාගම සලකනු ලබයි. AIA ඉන්ෂුවරන්ස්, oDoc සමාගම සමග සහයෝගීතාවයකට පිවිසෙමින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අපගේ සේවාලාභීන්හට උදාකරදීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට උසස් ප්‍රමිතියේ සෞඛ්‍ය රැකවරණයක් Online තාක්ෂණය ඔස්සේ මෙරට ප්‍රමුඛතම වෛද්‍ය විශේෂඥයින් වෙතින් ලබාගැනීම වඩාත් පහසු කරවීමට කටයුතු කරයි. අපගේ සේවාලාභීන්හට වඩාත් යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය කරදීම වෙනුවෙන් විශිෂ්ට සෞඛ්‍ය රැකවරණයක් හා පහසුවක් සහතික කරදෙමින් ඔවුන්ගේ ජීවිත වඩාත් ඉහළ තලයකට රැගෙන ඒමට AIA සහ oDoc සමාගම් දරන උත්සාහයන් මෙම සහයෝගීතාවය හරහා මනාව පිළිබිඹු වේ.
වෙබ් අඩවියට පිවිසීම සඳහා ක්ලික් කරන්න.
Fitzky අන්තර්ජාල වෙළෙඳ අවකාශය (Online Market Place) විසින් ශාරීරික යෝග්‍යතා සේවා හා ශාරීරික යෝග්‍යතාවය ආශ්රිත ව්‍යායාම මධ්‍යස්ථාන, පංති, අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට සේවය ලබාගත හැකි පුහුණුකරුවන්, පුද්ගල පුහුණුකරුවන් හා වෙළෙඳ භාණ්ඩ ආශ්රිත නිපැයුම් භාවිතා කරන්නන් එකිනෙකා සම්බන්ධ කිරීම සිදුකරයි. 300කට අධික ශාරිරික යෝග්‍යතා ව්‍යායාම මධ්‍යස්ථාන, සුවතා මධ්‍යස්ථාන, අන්තර්ජාල ශාරීරික යෝග්‍යතා පංති හා අන්තර්ජාලය හරහා සේවය ලබා දෙන ශාරිරික යෝග්‍යතා පුහුණුකරුවන් සමග මනා සහයෝගීතාවයක් පවත්වාගෙන යාමට Fitzky කටයුතු කරයි. Fitzky සහ AIA ඉන්ෂුවරන්ස් අතර ගොඩනංවාගත් සහයෝගීතාවය ඔස්සේ අපගේ සේවාලාභීන්ගේ ශාරීරික යෝග්‍යතාවය හා යහපැවැත්ම සහතික කෙරේ. පහසුවෙන් හා තමන්ට දැරිය හැකි මිලකට තම ශාරීරික යෝග්‍යතාවය මෙන්ම යහපැවැත්මද සුරක්ෂිත කරදීම මෙම සහයෝගීතාවයෙහි අරමුණයි. සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත්පත් කරගැනීම සඳහා වඩාත් යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය කරගැනීමට ජනතාවට අවශ්‍ය සහයෝගය ලබාදීමේ AIA සන්නාම පොරොන්දුව නැවත නැවතත් තහවුරු කිරීම මෙවැනි සහයෝගීතාවයන් ඔස්සේ සිදුවන ඉතාමත් වැදගත් කාර්යභාරයකි.
වෙබ් අඩවියට පිවිසීම සඳහා ක්ලික් කරන්න.