ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 12/01/2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2021 වසර සඳහා Great Place to Work® වෙතින් ගෞරවනීය සම්මාන 4කින් පිදුම් ලබන ලදී.
*හොඳම සේවා ස්ථාන ආසියානු ලයිස්තුවේ - විශාල කාණ්ඩයේ #45 වන ස්ථානය
*ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට
*සහශ්‍රකයින්හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස
*කාන්තාවන්හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට 2021 වසර වඩාත් සුවිශේෂී වසරක් වූයේ, අඛණ්ඩව 9 වන වතාවටත් රැකියාව කිරීමට ඇති හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස සම්මානයට පාත්‍ර වීමත්, හොඳම සේවා ස්ථාන සඳහා වන ආසියානු ලයිස්තුවේ විශාල කාණ්ඩය යටතේ ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම වතාවට අත්පත් කරගනු ලැබූ තවත් සම්මානයක් වූ සහශ්‍රකයින්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරී පත්වීම සහ අඛණ්ඩව 4වන වතාවටත් කාන්තාවන්හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්වාධීන විශ්ලේෂකයෙකු වන Great Place to Work® වෙතින් සම්මානයෙන් පිදුම් ලැබීමත් නිසාය.
2021 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම Great Place to Work විසින් සමාගම් පිලිබඳ ඇති විශ්වාසය මනින දර්ශකය සහ සමාගම් හි සංස්කෘතිය පිලිබඳ විගණන ප්‍රශ්නාවලියෙහි ඉතා දැඩි විශ්ලේෂක මිණුම් දඬුවලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් සමාගම් අතරින් ඉතා විශිෂ්ට ප්‍රථිපල අත්පත් කරගැනීමට සමත්ව සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරී පත්වීමටත්, ඒ අනුව සේවය කිරීමට ඉල්ලුම් කිරීමේ දී අයදුම්කරුන්වන්ගේ ප්‍රමුඛතාවයට පත්වන විශිෂ්ට සමාගමක් බවට පත්වීමටත් සමත් විය.
AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිඛිල් අද්වානී සිය අදහස් දක්වමින් "අපට, අපගේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සිය සේවා ස්ථානය පිළිබඳව ඇති විශ්වාසය සහ ප්‍රෞඩත්වය වඩාත් වැදගත්වන අතර සැමදෙනාටම සමාන අවස්ථා ලබා දීමටත්, ආරක්ෂාකාරී සේවා පරිසරයක් ලබා දීම මගින් පෞද්ගලික සුභසිද්ධිය සහ වෘත්තීමය වර්ධනය මෙන්ම අපගේ කොටස්කරුවන්හට සහ මුළු මහත් සමාජයටම වැඩි අගයක් එකතු කිරීමටත් අපි සැමවිටම යොමුවී සිටිනවා. මෙසේ GPTW වෙතින් සම්මාන රැසකින් පිදුම් ලැබීමෙන් තහවුරු වන්නේ අප මේ සියල්ල හරියාකාරව ඉටු කරන බවයි. "
AIA ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා කියා සිටියේ "කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සතුට, සුවතාවය, වර්ධනය මෙන්ම සුභ සිද්ධිය තවදුරටත් අප මූලිකත්වයේ ලා සලකන අතරම අප ඔවුන් නිසා සහ ඔවුන් වෙනුවෙන් අප සමාගම ලැබූ මේ ජාත්‍යන්තර තලයේ සම්මාන සමාගමේ යහ-ක්‍රියාකාරකම් වෙනුවෙන් සාක්ෂි ලෙස මහත් අභිමානයෙන් ඉදිරිපත් කර සිටිනවා. දේශීයව සහ විදේශීයව අපට ලැබුන මෙම ගෞරවනීය සම්මාන, කාර්යමණ්ඩල සාමාජිකත්වය තුල කාන්තා පුරුෂ සමතුලිතතාවය සහ සමානතාවය රැකගැනීම සඳහා අපගේ ප්රයත්නය ඇගයීමක් ලෙසයි මා දකින්නේ. සියලු දෙනාහට ඉගෙනගෙන වර්ධනය වී සිය වෘත්තීමය සිහින සැබෑ කරගනිමින් කාර්යක්ෂම වෘත්තීයවේදීන් වීමට සමාන අවස්ථා උදා කරදෙන සේවා පරිසරයක් ඇතිකරලීමට අප නිරතුරුවත් අඛණ්ඩවත් කටයුතු සිදුකරමින් සිටිනවා. COVID වසංගතයෙන් පැනනැගුණ විවිධ අභියෝගයන්ට හොදින් මුහුණ දෙමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය කාර්යමණ්ඩල සාමාජිකයින් කේන්ද්‍ර කරගනිමින් ශක්තිමත්ව සාර්ථකව ඉදිරියටම ගමන් කරමින් සිටිනවා."