ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 12/04/2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ ‘ඇය සුරකින AIA’ වැඩසටහනෙහි ඉතා වැදගත් පියවරක් සනිටුහන් කරමින් කොමෙර්ෂල් බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයෙහි සහයෝගීතාවයෙන් (IFC-International Finance Corporation) එහි “IFC-DFAT Women in Work” වැඩසටහන යටතේ දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමටත් ඒ ඔස්සේ ජීවිත රක්ෂණයේ රැකවරණය සමගින් ඔවුනගේ මූල්‍ය ස්ථාවරත්වය සවිමත් කිරීමටත් අපේක්ෂා කරයි.
කොමර්ෂල් බැංකුව හා එක්ව මුලපුරන මෙම වැඩසටහන ඔස්සේ කොමර්ෂල් බැංකුවේ 'අනගි' කාන්තා ගිණුම් හිමිකාරිනියන්ටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් දැරිය හැකි මුදලකට ජීවිත රක්ෂණ විසදුම් ලබාදෙන අතර ඒ සමගින් සුවතා විසදුම් ද ලබා දෙයි. මේ ඔස්සේ එම කාන්තාවන් සවිබල ගැන්වීමත් ඔවුනගේ අනාගත මූල්‍ය ස්ථාවරත්වය වැඩි දියුණු කිරීමත් අරමුණු වන අතර එමගින් ශ්‍රී ලාංකික ආර්ථිකයටත් දීර්ඝ කාලීනව සැලකිය යුතු දායකත්වයක් ද ලැබෙනු ඇත.
මෙම සහයෝගිතා ගිවිසුමේ නියමයන් යටතේ AIA ඉන්ෂුවරන්ස් විසින් රු.මිලියන 1ත් - මිලියන 5ත් අතර වටිනාකමින් යුතු විශේෂයෙන් සකස් කරන ලද ජීවිත රක්ෂණ විසදුම් රු.1,100/-ක් වැනි ඉතා අඩු වාර්ෂික වාරික මුදලකට සියලු 'අනගි' ගිණුම් හිමිකාරිනියන්ට සහ ඔවුනගේ කලත්‍රයන් සඳහා ඉදිරිපත් කර සිටියි. මෙම ජීවිත රක්ෂණ සැලසුම ඔස්සේ රක්ෂණ හිමියාහට ස්වාභාවිකව සහ හදිසි අනතුරු යන අවස්ථා දෙකෙන්ම සිදුවන වියෝවීම් ආවරණය කරනු ලබයි. ඊට අමතරව AIA ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණයක් මිලදී ගන්නා ගණුදෙනු කරුවන්හට සිය නිවසේ ආරක්ෂාකාරීව සිටිමින් Fitzky ඇප් එක ඔස්සේ මාසිකව නොමිලේ යෝග්‍යතා පන්ති 12ක් ලබා ගැනීමටත් දිවයින පුරා ඇති ඕනෑම ‘My Dentist’ දන්ත වෛද්‍ය සායනයක් වෙතින් දන්ත වෛද්‍ය උපදේශන සේවා සඳහා 15%ක වට්ටම් ලබා ගැනීමට ද අවස්ථාව උදා වෙනු ඇති.
AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී මහතා කියා සිටියේ "ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ කාන්තා ගණුදෙනු හිමිකාරිනියන් වෙත මූල්‍ය සුරක්ෂිතතාවය ඇතිකිරීම වෙනුවෙන් එක්ව සහයෝගය ලබා දීමට හැකිවීම අපට මහත් අභිමානයක්. කොමර්ෂල් බැංකුව සමගින් AIAහි අප ඇතිකරගත් මෙම සහයෝගීතාවය සමගින් පිළිබිඹු වන්නේ ශක්තිමත් සමාගම් දෙකක් එක්වූ කල මුළු මහත් සමාජයක උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි මහඟු දායකත්වයයි. එමෙන්ම AIAහි සේවාලාභීන්, අලෙවි බලකා සාමාජිකයින් සහ ශ්‍රම බලකා සාමාජිකයින් වෙනුවෙන් කාර්යමණ්ඩලයෙහි කාන්තා පිරිමි දෙපාර්ශ්වයම එකතුකරගෙන වැඩකිරීමේ ක්රමෝපායන් වැඩිදියුණු කරගැනීමට සහය වීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයට මා හදවතින්ම කෘතඥ වෙනවා".
කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක/සමූහ ප්‍රධාන විධායක එස්. රෙන්ගනාතන් මහතා කියා සිටියේ "කාන්තාවන් අපගේ ඉහළ ප්‍රමුඛතාවයක් ලබන්නා වූ ගණුදෙනුකරුවන් කොටසක් වන අතර 'අනගි' කාන්තා ගිණුම් හිමිකාරිනියන් වෙත මෙම අසමසම ප්‍රතිලාභය ඉදිරිපත් කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ බැංකුවත්, ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය සහ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සමගින් ඇතිකරගත් මෙම සහයෝගීතාවය ඔස්සේ දේශයක ආර්ථික සංවර්ධනයේ ජීවනාලිය බඳු කාන්තාවන් හට සුරක්ෂිත මූල්‍යමය හෙට දවසක් උදාකර දීමට හැකිවෙනු ඇතිබව මගේ විශ්වාසයයි".
IFC-DFAT Women in Work යටතේ ආරම්භ කරන ලද මෙම නවතම වැඩසටහ පිළිබඳව සිය අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සහ මාල දිවයින යන රටවල් දෙක සඳහා වන කළමනාකාරිනිය ලෙස ක්‍රියා කරන්නා වූ ලීසා කීස්ට්න්ර් කියා සිටියේ " මෙරට තුළ දියුණු කිරීමේ හැකියාවක් පෙන්නුම් කරන, භාවිතා නොකරන ලද, කාන්තා රක්ෂණ වෙළෙඳපොළක් ඇති බවත් ඒ ඔස්සේ, අනපේක්ෂිතව ඇතිවිය හැකි අභියෝගාත්මක අවස්ථාවන්ට ශක්තිමත්ව මුහුණ දීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමටත්, ව්‍යාපාර වර්ධනය කර ගැනීමට සහ ආර්ථික වර්ධනය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් වැඩි වැඩියෙන් සහභාගී කරවා ගැනීමටත් ඉතා ඉහළ හැකියාවක් ඇතිබවත් අප අවබෝධ කරගෙන තිබෙනවා. කොමර්ෂල් බැංකුව සහ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය සමගින් දීර්ඝ කාලයක සිට සහයෝගිතාවයක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවන්හට අනාගත මූල්‍යමය ස්ථාවරත්වය ලඟාකර ගැනීමට සහයවීම සඳහා වන, රක්ෂණ අවශ්‍යතා පිළිබඳව දැනුවත් කිරීමේ ඔවුන්ගේ මේ ප්රයත්නයට දායක වීමට ලැබීම අපට සතුටක්".
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමදෙනාටම සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට සහය වීම AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ සන්නාම ප්‍රතිඥාව වන අතර සැමවිට කාන්තා සමානාත්මතාවය ඇතිකරලීම තහවුරු කිරීම අපගේ අපේක්ෂාවයි.
වැඩිදුර විස්තර සඳහා 0112 353 353 ඔස්සේ කොමර්ෂල් බැංකුව අමතන්න නැතහොත් ලඟම ඇති කොමර්ෂල් බැංකු ශාඛාව හා සම්බන්ද වන්න.