ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
For Individuals
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}colombo, 11/02/2021
ආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සම්පාදකයා වන AIA, සිය නවතම AIA Customer Portal, එක හදුන්වා දෙයි. මෙම ඩිජිටල් විසදුම ඔස්සේ තම සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔවුන්ගේ රක්ෂණ ඔප්පු පිලිබඳ තොරතුරු එසැණින් ලබා ගැනීමේ සහ කළමනාකරණය කරගැනීමේ අවස්ථාව උදා වේ. නවීකරණය කර නැවත හඳුන්වා දෙන ලද මෙම Customer Portal පහසුකම ඔස්සේ AIA සේවලාභීන්හට දැන්, මෙතෙක් ගෙවා ඇති වාරික පිළිබඳව, හිමිකම් පිලිබඳ විස්තර වැනි ඔවුන්ගේ රක්ෂණ ඔප්පුව හා බැදුණු ඕනෑම තොරතුරක් එසැණින් ලබා ගැනීමේ හැකියාව ඇත.
මෙම නවතම Customer Portal පහසුකම වඩාත් සුරක්ෂිත වන අතර නවතම තාක්ෂණ භාවිතයෙන් නිමවා ඇත. මෙය භාවිතා කිරීමේ දී සේවාලාභීන්හට තම රක්ෂණ ඔප්පුව පිළිබඳව එසැණින් තොරතුරු ලබාගැනීමට හැකිවෙන අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුන ඔස්සේ තොරතුරු දන ගැනීමේ හැකියාවද ලබා දී ඇත. සේවලාභීන්හට මෙම Customer Portal පහසුකම ඔස්සේ සුවපහසුවෙන් සහ සුරක්ෂිතව සිය නිවසේ සිටම, වාරික ගෙවීම, ඔප්පුවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම, ඔප්පුව පිලිබඳ විවිධ තොරතුරු ලබා ගැනීම මෙන්ම වෙනත් සේවා සඳහා ඉල්ලීම් කිරීමේ හැකියාව ද ඇත. දැන් AIA සේවාලාභීන්හට AIA කාර්යාල වලට යාමට හෝ සේවා මධ්‍යස්ථාන ඇමතීමේ අවශ්‍යතාවයක් නොමැති අතර ඔවුනගේ රක්ෂණ ඔප්පුවලට අදාළ ඕනෑම තොරතුරක් මෙම පහසුකම හරහා එසැණින් ලඟාකර ගැනීමේ හැකියාව ඇත. මෙම Customer Portal පහසුකමට ජංගම දුරකථන, ටැබ්ලට්, සහ පරිගණක ඔස්සේ ඉතාමත් පහසුවෙන් සම්බන්ද වීමේ හැකියාව ද ඇත.
සේවාලභීන්හට ඔවුනගේ අලෙවි නියෝජිතයින් හා පහසුවෙන් සම්බන්ද වීමට ද මෙම නවතම Customer Portal එක ඔස්සේ අවස්ථාව ඇති අතර අඩු කාලයකින් අවශ්‍ය සේවා සහ තොරතුරු ලබාගැනීමට හැකි වේ. මේ ඔස්සේ කාලය ඉතිරි කරගනිමින් සේවාලාභීන්හට පහසුවෙන් මෙන්ම කාර්යක්ෂම සහ වඩාත් නිවැරදි තොරතුරු සහ සේවා ලබා ගනිමින් ඉතාමත් සතුටුදායක අත්දැකීමක් ලැබීමට අවස්ථාව උදාකර දී ඇත.
ඔබත් AIA ඉන්ෂුවරන්ස් සේවාලාභියෙකු නම් අදම අපගේ නවතම Customer Portal එක හා ලියාපදිංචි වී නිවසේ සිටම පහසුවෙන් ඔබගේ රක්ෂණ ඔප්පුව සම්බන්ද තොරතුරු එසැණින් ලබා ගන්න. www.aialife.com.lk අපගේ AIA වෙබ් අඩවියට පිවිස ‘My AIA’ යන tab. එක යටතේ හමුවන ‘AIA Customer Portal’ යන්න ක්ලික් කරන්න නැතහොත් 011 2 310 310 ඔස්සේ අප අමතන්න.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .