ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 27/04/2021
AIA ඉන්ෂුවරන්ස්, 2021 වසරේ ලෝක කාන්තා දින සැමරුම් අතරතුර 'අභියෝග ඔබේ තේරීම කරගන්න' (‘Choose to Challenge’) වැඩසටහන දියත් කරන ලදී. මේ ඔස්සේ සිය කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් පෙළක් වසර පුරාවට ක්‍රියාත්මක වීමට නියමිත අතර එමගින් ඔවුනට සෑම දිනකම සිය දක්ෂතා උපරීම අයුරින් ඉස්මතුවන සතුටුදායක දිනක් බවට පත්කර ගැනීමට අවස්ථාව සහ හැකියාව උදාවෙනු ඇත.
මෙවර ලෝක කාන්තා දිනයේදී AIA කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන් විශේෂ උත්සවයකට ආරාධාන ලබා තිබිණි. මෙහිදී සමාගමේ උන්නතිය වෙනුවෙන් ඔවුන් ලබාදෙන මිලකළ නොහැකි දායකත්වය වෙනුවෙන් කාන්තා ශ්‍රම බලකායේ එකිනෙකාට පෞද්ගලිකව ස්තුති කිරීමට සමාගම කටයුතු කරන ලදී. කාන්තා දින උත්සවය සඳහා සහභාගී වූ සෑම සාමාජිකාවකටම විශේෂයෙන් ඔවුන් එකිනෙකාට ආමන්ත්‍රණය කර සකස් කරන ලද කාර්ඩ් පතක් සමගින් තිළිණයක් ද ප්රදානය කෙරිණි.
මෙදින වඩාත් කැපී පෙනෙන විශේෂත්වය වූයේ, AIA කාන්තා ශ්‍රම බලකාය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC), සේවයේ යෙදෙන කාන්තාවන් පිලිබඳ වැඩසටහන් කළමනාකාරිණී, සාරා ට්විග් මහත්මිය සමගින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබූ සැසියයි. මෙය 'අභියෝග ඔබේ තේරීම කරගන්න' (‘Choose to Challenge’) යන මැයෙන් පවත්වන ලද අතර සැබෑ ජීවිතයේ ඇය ලද අත්දැකීම් සහ නායකත්වය ගුණාංග පිලිබඳ කථා ඔස්සේ AIA කාන්තාවන් ධෛර්යමත් කිරීමත් උද්යෝගීමත් කිරීමත් සිදු කෙරිණි. මෙම වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් හි නීති, යහපාලන සහ මෙහෙයුම් පිලිබඳ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන නිලධාරී චතුරි මුණවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සහායයෙන් පවත්වන ලදී. AIA ඉන්ෂුවරන්ස් තවදුරටත් ඔවුනගේ කාන්තා ශ්‍රම බලකා සාමාජිකාවන් හට තවත් කාන්තාවක් දිරිගැන්වීමට හැකියාව ඇති සැබෑ ජීවිතයේ කථා ඇත්නම් hashtags #AIA #IWD2021 #ChooseToChallenge සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදා ගැනීමට ද ආරාධනා කරන ලදී.
AIA ඉන්ෂුවරන්ස් සමාගම තුල මෙසේ කාන්තාවන් සැමරීම වාර්ෂිකව පැවැත්වෙන මෙවන් එක් විශේෂ දිනයකට සීමා නොවන අතර අඛණ්ඩව වසර පුරාවට ක්‍රියාත්මක වේ. මේ වසරේ කොවිඩ් වසංගතයට පසුව දරුවන් හට පාසල් වාරය ආරම්භ කළ දිනයේ දී AIA මවුවරුන්හට ගෙවීම් සහිත විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමට සමාගම තීරණය කරන ලදී. එමෙන්ම සමාගම ක්‍රියාත්මක කරන්නා වූ ප්‍රසූත සහ මාතෘත්ව ප්රතිලාභ රාශියක ප්‍රථිපලය වශයෙන් දරු ප්‍රසූතියෙන් පසුව නැවත සේවයට වාර්තා කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය 85% දක්වා නංවාලීමට AIA සමත් වී තිබීම විශේෂයෙන් සඳහන් කළයුතු කරුණකි. සමාගමේ නායකත්වය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට AIA ප්‍රධාන වශයෙන් යොමුව සිටින අතර අත්දැකීම් බහුල කාන්තාවන් ජේෂ්ඨ කළමනාකාරිත්වයට මෙන්ම අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට යොමු කිරීම තහවුරු කිරීමටත්, සමාගම තුළ කාලයක් සේවය කරන කාන්තාවන් සඳහා ඉදිරිය යාමට අවස්ථාවන් ලබා දීමටත් ප්‍රමුඛතාවක් දී කටයුතු සිදු කෙරේ. AIA ඉන්ෂුවරන්ස්, ලෝක බැංකු සමූහයේ සාමාජික IFC සමගින් නොබෝදා එළඹී ගිවිසුමකට අනුව මෙරට කාන්තා ව්‍යවසායකයින් ඇතුළුව ශ්‍රී ලාංකීක කාන්තාවන්හට රක්ෂණයට ඇති ප්‍රවේශය වැඩි කිරීම ඔස්සේ, රක්ෂණ ක්ෂේත්රය තුල නව රැකියාවන් ලබාගැනීමේ අවස්ථාව උදාකර දී ඇත. මේ සියළු කරුණු, ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස, (Great Place to Work® වෙතින් ප්රදානය කරන ලද) පිට පිට වසර 3ක් පුරාවට(2018,2019,20200) AIA ඉන්ෂුවරන්ස් සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු විය.