ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 01/10/2021
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මිලියන් ඩොලර් වටමේස (MDRT) සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයත් ලෝකයේ 77 වන ස්ථානයත් අත්පත් කරගැනීම මහත් සාඩම්බරයෙන් සමරයි. ජීවිත රක්ෂණ අංශයේ සාමාජිකයින් 163 දෙනෙකුගෙන් සහ බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ සාමාජිකයින් 50 දෙනෙකුගෙන් ද සමන්විතව 2021 වර්ෂය සඳහා මුළු MDRT සාමාජිකත්වය 213ක් ලෙස වාර්තා කිරීමට AIA සමත්විය. එමෙන්ම මෙසේ MDRT සාමාජිකත්වයෙන් AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 6 වන වසරටත් මෙරට ප්‍රථම ස්ථානයට පත්වීම තවත් විශේෂත්වයකි. MDRT සාමාජිකත්වයෙන් ලෝකයේම 77 වන ස්ථානයට පත්වීමෙන් ලත් ඇගයුම AIA ඉන්ෂුවරන්ස් ජාත්‍යන්තර තලයේ යහක්රියාකාරකම් වලින් සමන්විත විශිෂ්ට අලෙවි බලකායක් සහිත සමාගමක් බව මනා ලෙස කියාපායි.
2016 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම MDRT සාමාජිකත්වයේ 100යේ ජය කණුව පසුකර යාමට සමත් වූ අතර එවකට එම ජයග්‍රහණය අත්පත් කරගැනීමට හැකියාව ලද එකම ශ්‍රී ලාංකීක ජීවිත රක්ෂණ සමාගම බවට AIA පත්විය. එදා සිට අද දක්වා AIA ඉන්ෂුවරන්ස්, අඛණ්ඩව ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකත්වයෙන් ඉහළම ස්ථානයේ රැඳි සිටීමට මහත් ජවයෙන් සහ ශක්තියෙන් කටයුතු කරමින් සිටියි. එමෙන්ම සිය අලෙවි බලකාය වෙත විශිෂ්ටයින් බඳවා ගැනීමට සහ ඔවුන් රඳවා ගැනීමට සමාගමේ කැපවීමත් ඒ සඳහා සමාගම අනුගමනය කරන්නා වූ ක්රමෝපායයන් ද ඔස්සේ ශ්‍රී ලාංකිකයින් වෙත හොඳම ජීවිත රැකවරණ සැලසුම්, මූල්‍ය සැලසුම් සහ ඉතුරුම් විසදුම් ලබා දීමට අවස්ථාව උදාකර දෙනු ඇත.
MDRT සාමාජිකත්වය ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාරය තුල විශිෂ්ටතා ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ. එහි සාමාජිකයින්, උසස් මට්ටමේ වාරික, කොමිස් මුදල් සහ ආදායම් ජනනය කළයුතු වන අතර, වෘත්තීය දැනුම, නිවැරදි ආචාරධර්ම පිළිපැදීම සහ කැපීපෙනෙන සේවාලාභී සත්කාරය, යන සුවිශේෂී ගුණාංගයන්ගෙන් පිරිපුන් පිරිසකි. මෙවන් ශ්‍රේණිගත වීමකින් ඇගයුමට පත්වීම AIA අලෙවි බලකා සාමාජිකයින්ගේ විශිෂ්ට වූ ජාත්‍යන්තර තලයේ වෘත්තීයමයභාවය මනාව විදහාපායි.
AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි සිය අදහස් ප්‍රකාශ කරමින් "2021 වසර ඉතා අභියෝගාත්මක වසරක්, වසංගතයක් සමගින් ව්‍යාපාර කටයුතු කරන අතරතුර MDRT සාමාජිකයින් 213 දෙනෙක් වැඩිදියුණු කරගැනීමට හැකිවීම ඉතා අසීරු කරුණක්. අපගේ බෙදාහැරීම් අංශයේ වෙල්ත් ප්ලෑනර්වරුන් සහ බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ මූල්‍ය සැලසුම්කරුවන් ඔවුන්ගේ කාර්යභාරය ඉතා විශිෂ්ට අයුරින් ඉටුකරමින් අපගේ සේවාලාභීන්හට සුවිශේෂී සේවාවක් ලබාදීම ගැන මා ඉතා සතුටු වෙනවා. මෙම ඇගයීම ඔවුන් තුළ ඇති ධෛර්යය, නොපසුබස්නා වීර්යය සහ අධිෂ්ඨානය මෙන්ම සේවාලාභීන් වෙනුවෙන් ඇති කැපවීම මනාව පෙන්නුම් කරනවා. අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව සේවාලාභීන් හට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගතකිරීමට සහය වෙමින් ඉහළම තලයේ කාර්යසාධනයක් අත්පත් කරගැනීමට ඔවුනට ඇති ශක්තිය සහ හැකියාව ප්‍රශංසනීයයි."
නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ව්‍යාපාර බෙදාහැරීම් අංශ ප්‍රධාන නිලධාරී උපුල් විජේසිංහ කථා කරමින් "මෙම ඇගැයුම මගින් තහවුරු වන කරුණ වන්නේ අපි නිසි දේ නිසි පුද්ගලයින් සමගින්, නිසි ප්‍රථිපල ලඟා කරගැනීමේ මෙහෙයුමක නියැලී සිටින බවයි. අපගේ උපදේශකයින් ඉතාම විශිෂ්ට ඝනයේ වෘත්තීයමය සේවාවක් සැපයීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන අතර අප සමාගම ඔවුනගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවෙමින් ඔවුනට අවශ්‍ය සියළුම පුහුණු කිරීම්
අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිනවා. විශිෂ්ටතමයින් බඳවා ගැනීමත් ඔවුන් සමාගම සමග රඳවා ගැනීම මෙන්ම ඔවුනට මනා කාර්යක්ෂමතාවයෙන් සහ ඉහළ ඵලදායීතාවයෙන් සිය ව්‍යාපාර කටයුතු සිදු කිරීමට අවැසි සියළු උපාංග සපයා දීමටත් අප කටයුතු සම්පාදනය කර තිබෙනවා. වසංගතයක් අතරතුර දී වුවද ඉහළ ප්‍රමිතියෙන් යුතු කාර්යක්ෂම ක්‍රියාවලීන් ඔස්සේ අපගේ අලෙවි බලකායට විශිෂ්ට වූ සාමාජිකයින් බඳවා ගැනීම තහවුරු කිරීමට අප සමත් වුණා. ඒ වගේම 100% ක නිපුණත්වයක් තහවුරු කරලීමට අවශ්‍ය පරිපූර්ණ පුහුණු ක්‍රියාවලියක් මෙන්ම ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා අත්‍යවශ්‍යවන නවීනතම තාක්ෂණයත් අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන්ගේ සහ සේවාලාභීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කළා."
ජේෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී සහයෝගිතා, සේනක රාජපක්ෂ සිය අදහස් දක්වමින් "අපි දැනට ශ්‍රී ලංකාවේ ප්රමුඛ බැංකු 2ක් සමගින් සහයෝගිතාවයන් පවත්වාගෙන යන අතර ඒ ඔස්සේ ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකම් අත්කර දීමට සහාය වෙනවා. අපි අපගේ බෑන්ක්ඇෂුවරන්ස් මූල්‍ය සැලසුම්කරුවන් නිරතුරුවම දැනුමෙන් සහ පුහුණුවෙන් සන්නද්ධ කිරීම සඳහා ප්‍රමුඛතාවය දී කටයුතු කරන අතර ඔවුනට කාර්යක්ෂමව සේවාලාභීන්හට විශිෂ්ට සේවයක් සලසමින් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය නවීණ තාක්ෂණයෙන් සමන්විත සියලූම අන්ගොපාංග සපයා දී තිබෙනවා." ඔහු තවදුරටත් කියා සිටියේ "මෙරට බෑන්ක්ඇෂුවරන්ස් පුරෝගාමියා ලෙස AIA ඉන්ෂුවරන්ස් හී අප, අපගේ බැංකු සහකරුවන් වෙත අසමසම සේවාවක් ලබා දීමට සැමවිට කටයුතු කරනවා"
AIA ඉන්ෂුවරන්ස්, පුහුණුව, නවීණ තාක්ෂණය මෙන්ම සිය රක්ෂණ උපදේශකයින් ක්ෂේත්රය තුළ ඉහළම තලයක රඳවා තබා ගනිමින් සේවාලාභීන්ගේ ව්‍යාපාර අත්දැකීම වඩාත් ගුණාත්මක බවට පත්කිරීමට අවැසි නව්‍ය උත්පාදන පද්ධතීන් සඳහා ද විශාල වශයෙන් ආයෝජනය කරනවා. ඩිජිටල්කරණය ඔස්සේ ව්‍යාපාර කිරීමට කැමැත්තක් දක්වන AIA ඉන්ෂුවරන්ස් සමගින් ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාරය තුල විශිෂ්ටතා ප්‍රමිතිය වන MDRT සාමාජිකත්වය කරා කඩිනමින් ගමන් කරමින් සැබෑ වෙනසක් ඇති කිරීමට කැමති රක්ෂණ උපදේශකයින් වෙත AIA හි දොරටු නිරතුරු විවෘත්තව පවතිනවා.