ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 01/11/2021
2021 ඔක්තොම්බර් මස 21වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම හයනිවුන් දරු උපත සිදු වූ අතර මෙය ලෝකයේ 19 වන හය නිවුන් දරු උපත ලෙස වාර්තා අතරට එක්වෙයි. අභිනවයෙන් දරුවන් 6 දෙනෙකුගේ මව්පිය පදවිය වෙත පියමනින දෙමාපියන්හට AIA ඉන්ෂුවරන්ස් සිය හදපිරි සුබ පැතුම් එක්කර සිටියි.
AIA ඉන්ෂුවරන්ස් හි සන්නාම ප්‍රතිඥාවට අනුව සියළු දෙනාට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත්කර ගැනීමට සහාය වීමට කැපවන සමාගමක් ලෙස එම දෙමවුපියන්ටත් මුළු මහත් රටටත් උදා වූ මෙම විශේෂ අවස්ථාව අපි බෙහෙවින් අගයකොට සළකමු. එමනිසාම අපි මෙම නව හයනිවුන් මාපිය දෙපළට ඔවුන්ගේ දරුවන් 6 දෙනා ආදරයෙන් රැකබලා ගනිමින් ඔවුනට හොඳම දේ ලබාදීමට සහාය වීමට ඉදිරිපත් වූයෙමු. දරුවන්ගේ පියාට වසර 10ක් සඳහා රු.10,000,000ක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ ලබා දීමටත්, දරුවන්ගේ අනාගත සුභසෙත වෙනුවෙන්, ඔවුනගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් වෙනුවෙන් වැය කිරීමට රු.500,000ක් මුදල් වවුචරයක්ද ලබා දීමට අපි කටයුතු කළෙමු. මෙම ත්‍යාග, නොබෝදා AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී සහ නයින්වෙල්ස් මාතෘ රෝහලේ ජේෂ්ඨ අධක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරල් රණවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී දරුවන්ගේ පියා වෙත ලබාදෙන ලදී.
AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී අදහස් දක්වමින් කියා සිටියේ "නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස මෙවන් අවස්ථාවක දී දෙමාපියන්හට සහ මුළුමහත් පවුලටම ඇතිවන සතුට මා අත්දැකීමෙන් දන්නා අතර දරුවන් හය දෙනෙකු ලද මෙම දෙමාපියන්හට එය වඩාත් විශේෂ වෙනු ඇතැයි මා සිතනවා. මෙම අනුස්මරණීය අවස්ථාවත් සමගින් සෑම මාපිය දෙපලකට වගේම මෙම දෙමාපියන් මත දරුවන් හය දෙනාගේ රැකවරණය සහ සුභසිද්ධිය තහවුරු කිරීම පිළිබඳව විශාල වගකීමක් පැවරෙනවා. එමනිසාමයි ඉදිරි අනාගතය සඳහා ඔවුන් මූල්‍යමය වශයෙන් සුරක්ෂිත වීම වඩාත් වැදගත් බව අප විශ්වාස කරන්නේ."
AIA ඉන්ෂුවරන්ස්, නයින්වෙල්ස් රෝහල සමගින් 2020 වසරේ සිට සහයෝගීතාවයකට එළඹ සිටින අතර මෙම රෝහල ශ්‍රී ලංකාවේ ඇති මූලිකම කාන්තා සහ මාතෘ සුවතා රෝහල් වලින් එකක් යැයි නිඛිල් අද්වානී මහතා කියා සිටියි. “රෝහල සතුව ඇති පහසුකම් සහ අති දක්ෂ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්ගේ සුවිශේෂී කාර්යසාධනය මේ විශිෂ්ටත්වයට හේතු වෙනවා.” මෙම සහයෝගීතාවයට අනුව නයින්වෙල්ස් රෝහලේ දී දරු සම්පත් ලබන සියළුම පවුල් වෙත මූල්‍ය රැකවරණය සහ සුරක්ෂිතතාවය තහවුරු කරමින් රු.මිලියනක් වටිනා ලොව වටා පුද්ගල හදිසි අනතුරු ජීවිත රක්ෂණ ආවරණයක් AIA ඉන්ෂුවරන්ස් නොමිලේ ලබාදෙයි.