ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 21/10/2021
තවත් මානව සම්පත් ජයග්‍රහණයක් අත්පත් කරගනිමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ‘Best Workplace for Millennials’ - සහශ්‍රකයින්හට රැකියාව කිරීමට හොඳම සේවාස්ථානයක් ලෙස නොබෝදා Great Place to Work® ආයතනය වෙතින් ඇගැයුමට ලක්විය. මෙසේ සම්මානයට පාත්‍ර වීම සමාගමේ පවතින විවිධත්වය සහ ප්‍රගතිශීලී සංස්කෘතිය පිලිබඳව සැබැවින් සාක්ෂි දරයි.
ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිඛිල් අද්වානි මෙසේ කියා සිටියි "අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් අතරින් විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ සහශ්‍රකයින්. ඔවුන් අරමුණු මූලිකත්වයෙහිලා සළකන පරම්පරාවක් වන අතර සමාජයට ධනාත්මකව මෙහෙවරක් ඉටුකරන්නා වූ සේවායෝජකයින් හා සම්බන්දව රැකියා කිරීමට ඔවුන් වැඩි නැඹුරුතාවයක් දක්වනවා. මෙය සුවපත් සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට අප සේවා සපයන අපගේ සේවාලාභීන්හට, කාර්යමණ්ඩල සාමාජිකයින්හට මෙන්ම මුළුමහත් සමාජයටම සහාය වීම යන අපගේ සන්නාම ප්‍රතිඥාව හා හොදින්ම ගැලපෙනවා. අපගේ සහශ්‍රකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලට අනුව අප ඔවුන් හා වැඩකටයුතු කළයුතු ආකාරය මාගේ පරම්පරාවේ අප කටයුතු කළ ආකාරයට හාත්පසින් වෙනස්. මෙම සම්මානයෙන් පිදුම් ලැබීම මගින් පැහැදිළි වන්නේ AIA ඉන්ෂුවරන්ස් සමගින් රැකියාවේ නිරත තරුණ ජවයෙන් සපිරි මෙම සහශ්‍රකයින් හා කටයුතු කිරීමට යොදා ගන්නා අපගේ ප්‍රයත්නයන් සාර්ථක බවත්, අප සමාගමත් සමගින් ඔවුන්ගේ දියුණුව සහ සුභසිද්ධිය සහතික බවත්ය."
AIA ඉන්ෂුවරන්ස් හී මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා සිය කෘතඥතාවය ප්‍රකාශ කරමින් "ඉන්ෂුවරන්ස් හි අප හඳුනාගෙන සිටින්නේ අප හා සිටින සහශ්‍රක ශ්‍රම බලකාය අරමුණු මූලිකත්වයෙහිලා කටයුතු කරන පිරිසක් වන බවත්, ව්‍යවසායකත්ව මානසිකත්වයක් සහිත දක්ෂතාවයන්ගෙන් පිරි කණ්ඩායමක් ලෙසත්ය. අනාගත නායකයින් වීමට සිටින මොවුන්හට සිය නිපුණතාවයන් වැඩිවර්ධනය කරගැනීමට අවස්ථා ලබා දෙමින් ආකර්ෂණීය වෘත්තීයමය අත්දැකීම් අප ලබා දෙන්නේ ඒ නිසාමයි. "
ඇය තවදුරටත් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් සමාගම තුළ ඇති නම්‍යශීලී මෙන්ම නිදහස් සංස්කෘතිය වෙත මෙම සහශ්‍රකයින් වඩාත් ආකර්ෂණය වෙනවා. එමෙන්ම අප, අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් ඔවුන් කරන්නා වූ භූමිකාව තුළ සවිබල ගැන්වීමට සැමවිටම උත්සාහ ගන්න අතර සෑම තලයකදීම ඔවුන්ව නායකත්වය කරා තත්ත්වයෙන් උසස් කිරීමද සිදු කරනවා. මේ ආකාරයෙන් ඔනෑම කෙනෙකුට ඔවුන්ගේ වයස, සමාගම හා රැදී සිටි කාලය වැනි කරුණු නොසලකා ඔහු හෝ ඇය නිරතව සිටින රැකියාවේ ඉහළම කාර්යසාධනය අත්කරගනිමින් හැකි උපරීම දුරක් යාමට අවස්ථාව ලැබෙනවා."
ඇය තවදුරටත් සිය අදහස් ප්‍රකාශ කරමින් "තාක්ෂණය වෙත යොමු වෙමින් AIA ඉන්ෂුවරන්ස් සිය ව්‍යාපාර ගමන්මග ඩිජිටල්කරණය කිරීම සඳහා ඉතා වේගයෙන් මෙන්ම නිරතුරුව පරිණාමනය වෙමින් සිටිනවා. දත්ත විශ්ලේෂණ ක්‍රියාවලීන් ඔස්සේ සියළු දේ යාවත්කාලීන කර ඇති පසුබිමක, එමගින් ව්‍යාපාර ලෝකයේ ඉහලින්ම පැවතීමට අපට ඇති හැකියාව මෙම සහශ්‍ර පරපුරට AIA ඉන්ෂුවරන්ස් කෙරෙහි වැඩි ආකර්ෂණයක් අත්කර දීමට සමත්වී තිබෙනවා."
‘Best Workplace for Millennials’ - එනම් සහශ්‍රකයින්හට රැකියාව කිරීමට හොඳම සේවාස්ථානයක් ලෙස ඇගයුමට ලක්වීම, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම Great Place to Work® වෙතින් රැකියාව කිරීමට හොදම සේවා ස්ථානයක් ලෙස, විශාල සමාගම් කාණ්ඩය යටතේ ආසියානු සමාගම් ලයිස්තුවට තේරී පත්වීම හා සමගාමීව සිදුවීම විශේෂත්වයක් ගන්නා අතර මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව 9 වන වතාවට පිදුම් ලැබීම ද සුවිශේෂී වෙයි. මේ සියළුම සම්මානයන්ගෙන් COVID-19 වැනි වසංගතක් පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ දී පිදුම් ලැබීම සමාගම වෙත මහත් ගෞරවයක් ලඟා කරදෙයි.