ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 04/03/2021
AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පවත්වන ලද “Sri Lanka’s Most Admired Companies 2020” සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාන්විත ආයතන ලෙස සම්මානයෙන් පිදුම් ලද සමාගම් වලට සුබ පැතීමට මෙය අවස්ථාවක් කරගනියි. මෙම සමාගම් සියල්ල සම්මානයට පාත්‍ර වන්නේ ඔවුන් ලද මූල්‍යමය ජයග්‍රහණ පමණක් නිසා නොව ඔවුන් විසින් සිය පාරිභෝගිකයින්හට, කොටස්කරුවන්හට මෙන්ම මුළු මහත් සමාජය වෙතම එකතු කරන ලද අගයන් වෙනුවෙනි. මෙම ගෞරවාන්විත සම්මානය මෙවර අත්පත් කරගත් ආයතන 25 ඉහළ ව්‍යාපාරික කාර්යසාධනය සමගින් තිරසාර සංවර්ධනයක් ලඟා කරගත් සමාගම් විය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ අනෙකුත් අනුග්‍රාහකයින් විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන වැඩසටහන සඳහා AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දක්වන ලද 3 වන වසර මෙය වේ.
AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි සිය අදහස් දක්වමින් කියා සිටියේ “ආසියාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සම්පාදකයා සහ අඛණ්ඩව 2වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිදුම් ලද (ගෞරවාන්විත ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ප්‍රදානය කරන ලද) AIA හි ප්‍රධාන දර්ශනය වන්නේ හරි දෙය, හරි ආකාරයෙන්, හරි පුද්ගලයින් සමගින් සිදු කිරීමයි. හරි දෙය, හරි ආකාරයෙන්, හරි ප්‍රථිපල ළඟා කර ගැනීමේ අදහසින් තිරසාර හා සදාචාරාත්මක ලෙස ව්‍යාපාරයන් ජයග්‍රණය වෙත හසුරුවන සමාගම් ඇගයීමට ලක් කරන්නා වූ මෙම වැඩසටහන සමගින් මෙලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි වීම අපට අභිමානයක්. අප සමාගම විශ්වසනීයත්වය සහ අවංකභාවය ඉතා ඉහළම තැනක ලා කටයුතු කරන අතර සේවාලාභීන්, කොටස් කරුවන් සහ මුළු මහත් සමාජය වෙත වටිනාකම් ජනනය කිරීමට අප හා සමාන වූ හර පද්ධතීන් අනුගමනය කරන්නා වූ මෙම සම්මානලාභී මෙරට පිළිගත් සමාගම් වෙත අපගේ හදපිරි සුබ පැතුම් පුදකර සිටිනවා!”
AIA ඉන්ෂුවරන්ස් හි නීති සහ මෙහෙයුම් පිලිබඳ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන නිලධාරී චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ “ශ්‍රී ලංකාව තුළ වසර 30 කට වැඩි කාලයක් ව්‍යාපාරවල නියැළී සිටි සමාගමක් ලෙස AIA ඉන්ෂුවරන්ස් මෙරට ආයතනික සදාචාරය සහ සංස්කෘතිය අතිශයින් මුල්බැසගත් සමාගමක්. මෙරට ආර්ථීකය පෝෂණය කිරීමට දායකත්වයක් දක්වන සමාගම් අප අගය කරන අතරම ආචාරධර්ම වලට අනුකූලව තිරසාර සංවර්ධන උදෙසා ඔවුන් ජනනය කරන්නා වූ වටිනාකම් අප වඩාත් අගය කරනවා. එබැවින් ශක්තිමත් වූ ව්‍යාපාරික අචාරධර්ම සහිතව මෙරට ආර්ථිකයට දායකත්වයක් දක්වන සමාගම් ගෞරවයට ලක්කිරීමේ කර්තව්‍ය සඳහා දායක වීමට ලැබීම පිළිබඳව අප සතුටු වෙනවා.”
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයෙහි (ICCSL) සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සඳහන් කළේ “ICCSL හා AIA සමඟ ඇති මෙම වෘත්තීය සබඳතාවය මා අගය කරන අතර තෙවන වසර සඳහාද මෙම වැඩසටහනේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ඔවුන් සම්බන්ධ කර ගැනීමට ලැබීම සතුටට කරුණක්. අනුග්‍රාහකයෙකු වශයෙන්, AIA හට මෙම සම්මාන සඳහා ඉදිරිපත් විය නො හැකි වූ නමුත්, සමාගමක් ලෙස ඒ හා බැඳි විශිෂ්ටත්වයේ වටිනාකම් AIA සතුව නිසැකවම පවතිනවා. ”