ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo,
AIA රක්ෂණ සමාගම, වයඹ විශ්ව විද්‍යාලයේ රක්ෂණ සහ තක්සේරුකරණ උපාධි පාඨමාලාව සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව වන සජිනී හන්සමාලී ගුණසේන හට සිය උණුසුම් සුභ පැතුම් පිරිනමයි. ශ්‍රී ලංකාවේ රක්ෂණ සහ තක්සේරුකරණය පිලිබඳ උපාධි පාඨමාලාවක් පවත්වන එකම අධ්‍යාපන ආයතනය වන්නේ වයඹ විශ්ව විද්‍යාලයයි. වසර 11 කට පෙර AIA රක්ෂණ සමාගම මෙම විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනිමින් රක්ෂණ අංශයෙන් බිහිවෙන හොඳම ශිෂ්‍යා හෝ ශිෂ්‍යාව ඇගයීමට ලක් කිරීම ආරම්භ කරන ලදී. එතැන් පටන් නොකඩවා සෑම වසරකම රක්ෂණ සහ තක්සේරුකරණ අංශයෙහි විශිෂ්ටතම ශිෂ්‍යා වෙත ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට AIA කටයුතු යෙදීය.
ඒ අනුව මේ වසරේ ශිෂ්‍යත්වලාභී සජිනි හන්සමාලී ශිෂ්‍යාවට මාසික දීමනාවක් සමගින් AIA සමාගමෙහි උපාධි අපේක්ෂකයින් සඳහා වන හය මසක අභ්‍යාසලාභී පුහුණු වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාවද උදා වේ.
AIA රක්ෂණ සමාගමේ මානව සම්පත් පිලිබඳ අධ්‍යක්ෂවරිය වන තුෂාරී පෙරේරා, සමාගම වෙනුවෙන් සජිනිගේ විශේෂ කුසලතා ඇගයීමට ලක් කරමින්, ඇයට සුභ පතමින් සහතිකපත් පිරිනමන ලදී. ඇය එහිදී අදහස් දක්වමින් “AIA රක්ෂණ සමාගම අධ්‍යාපන විශිෂ්ටත්වය ඇගයීමට කැපව ක්‍රියා කරන සමාගමක්. විශේෂයෙන් රක්ෂණ අධ්‍යනයේ විශිෂ්ටතා දක්වන සිසු සිසුවියන් වෙත ප්රතිලාභ සලසමින් මෙවැනි අභ්‍යාසලාභී පුහුණු වැඩසටහන් ඔස්සේ ඔවුන්ගේ අනාගත වෘත්තීය දිවිය සාර්ථක කරගැනීමට අත්වැලක් සැපයීමට හැකි වීම පිළිබඳව අප අතිශය සතුටට පත් වෙනවා.” යැයි කියා සිටියාය.
සජිනි, AIA රක්ෂණ සමාගම මගින් ඇයගේ අනාගත සුභසිද්දිය උදෙසා මේ ආකාරයෙන් ඇයව ඇගයීමට ලක්කරමින් ලබා දුන් අවස්ථාව සඳහා ස්තුති කළ අතර මෙසේ කියා සිටියාය. “ජීවිත රැකවරණය පිලිබඳ වසර 100 කට අධික අත්දැකීම් සහිත ලොව විශාලතම ජීවිත රක්ෂණ සමූහය වන AIA හි සාමාජික සමාගමක් වන AIA ශ්‍රී ලංකා සමාගම වෙතින් මාගේ අනාගත වෘත්තීය දිවිය සඳහා මේ ලැබෙන අනගි අවස්ථාවෙන් උපරීම පල නෙලාගැනීමට මම බලාපොරොත්තු වෙනවා. මේ සමගින් මට ලැබෙන ලෝක තත්ත්වයේ පුහුණු සහ අත්දැකීම් මගේ වෘත්තීය ජීවිතයට මහගු පිටුවහලක් වන බව මට විශ්වාසයි.” සජිනිගේ දෙමව්පියන් සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වෙමින් ඇයට ඔවුන්ගේ සුභාශිංෂණ ඒක්කර සිටියා.
ඡයාරුපය : සජිනී AIA රක්ෂණ සමාගමේ මානව සම්පත් අංශයේ සාමාජිකයින්, ඇයගේ දෙමවුපියන් සහ වයඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් සමගින්.
ඡයාරුපය : සජිනී AIA රක්ෂණ සමාගමේ මානව සම්පත් අංශයේ සාමාජිකයින් සමගින්
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .