ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 07/08/2020
AIA ගෘප් ලිමිටඩ්, ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම ජීවිත රක්ෂණ සමූහය, අඛණ්ඩව වසර 6ක් පුරාවට මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් හි (MDRT) ලොව වැඩිම සාමාජිකත්වයක් හිමිකරගෙන සිටින එකම ජාත්‍යන්තර සමාගම බවට පත්වීමේ ඓතිහාසික ජයග්‍රහණය මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.
2020 වසර ජූලි මස 1 වන දා වනවිට, AIA සමූහයේ අලෙවි බලකා සාමාජිකයින් 12,796ක් වන වාර්තාගත සංඛ්‍යාවක් MDRT සාමාජිකයින් ලෙස ලියාපදිංචි වී සිටියහ.
මිලියන් ඩොලර් වටමෙසයේ (MDRT) සාමාජිකත්වය ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාරය තුල විශිෂ්ටතා ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ. එහි සාමාජිකයින්, උසස් මට්ටමේ වාරික, කොමිස් මුදල් සහ ආදායම් ජනනය කළයුතු වන අතර, වෘත්තීය දැනුම, නිවැරදි ආචාරධර්ම පිළිපැදීම සහ කැපීපෙනෙන සේවාලාභී සත්කාරය, යන සුවිශේෂී ගුණාංගයන්ගෙන් පිරිපුන් පිරිසකි.
AIA සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති වන ලී යුඅන් සියෝන්ග් කියා සිටියේ “අපගේ අලෙවි බලකා සාමාජිකයින් පිළිබඳව මා ඉතාමත් සතුටු වන අතර සේවාලාභීන්ගේ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස දිනපතා ඔවුන්ගේ කාර්යභාරය මා වඩාත් අගය කරනවා. මෙම ජයග්‍රහණය ඔස්සේ අපගේ උපදේශකයින්ගේ ඉහළ වෘත්තීයභාවය සහ සේවාලාභීන් වෙනුවෙන් දක්වන ඉමහත් කැපවීම මනාව පිළිබිඹු වෙන අතර තරඟකාරීත්වය තුළ අප සමාගමට ඉදිරියෙන් සිටීමට මෙම ජයග්‍රහණය ප්‍රධාන සාධකයක් වනු ඇති. අපගේ සේවාලාභීන්හට සුවපත්, සැපවත් මෙන්ම දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමේ ප්රයත්නය වෙනුවෙන් අපගේ අලෙවිකරුවන් තවදුරටත් බලගැන්වීමට අප සහතික වෙනවා.”
AIA සමූහයේ කලාපීය ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී වන බිල් ලයිල් පවසා සිටියේ “AIA හි අපගේ අලෙවි බලකා සාමාජිකයින්ගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා. විශේෂයෙන් 2020 වසර තුළ මුළු ලෝකයම Covid-19 වසංගතය හේතුවෙන් පසුබෑමට ලක්වී ඇති මොහොතක අපට මෙවන් ජයග්‍රහණයක් වාර්තා කිරීමට හැකිවීම භාග්‍යක් ලෙස මා දකිනවා. පිට පිට වසර 6ක් පුරාවට මිලියන් ඩොලර් වටමේස සාමාජිකත්වයෙන් ලොව පළමු තැන හිමිකර ගැනීමට හැකිවීම තුළින් අප සමාගම අලෙවි බලකාය ඉහළ තලයකට ගෙන ඒම සඳහා දීර්ඝකාලීනව සිදුකරන්නා වූ ආයෝජනයන් පිළිබිඹු වන අතර එලෙසම තවදුරටත් නවතම තාක්ෂණය, පුහුණුව සහ රක්ෂණ ක්ෂේත්රය තුළ වෘත්තීයමය වශයෙන් වැඩි දියුණු වීම සඳහා අවස්ථා ලබා දෙමින් අලෙවි බලකාය සවිබලගැන්වීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”
AIA ඉන්ෂුවරන්ස් ලංකා හී නියෝජ්‍යය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ කියා සිටියේ “AIA සමූහයේ සාමාජිකයෙක් ලෙස AIA ඉන්ෂුවරන්ස් ලංකා හි අප, අපගේ අලෙවි බලකාය වන වෙලත් ප්ලෑනර්වරුන් ඉතා ඉහළ තලයක රඳවා තබා ගැනීමට නිරතුරුව කටයුතු කරනවා. කියන්න සතුටුයි වසර 5ක් පුරාවට අඛණ්ඩව ශ්‍රී ලංකාවේ රක්ෂණ වෘත්තිකයින් අතරින් වැඩිම MDRT සාමාජිකත්වයක් හිමි කරගැනීමට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමත් වූ අතර අපගේ අලෙවි බලකා සාමාජිකයින්ගේ විශිෂ්ටත්වය මෙමඟින් වඩාත් පිළිබිඹු වෙනවා.”