ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 08/06/2020
COVID 19 වැනි අවිනිශ්චිත වසංගත කාලයක් තුළද තම සේවාලාභීන් හට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා AIA රක්ෂණ සමාගම තම ඩිජිටල්කරණ, විශ්ලේෂණ සහ රොබෝ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණ (RPA) පදනම් කරගත් සේවාවන් ඉහළ තලයකට ගෙන යාමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. මෙම සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ තම කාර්ය මණ්ඩලය නිවසේ සිට රාජකාරි මෙහෙයවීම් කරන අතර වාරය තුළ වීම විශේෂිත කරුණකි.
මෙම විසඳුම් කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීනව ව්‍යාපාරයට අදාළ කර ගැනීමට ද AIA අවධානය යොමු කර ඇත. මින් ප්‍රථම මුහුණදුන් අන් සෑම අභියෝගයකට වඩා වෙනස් වූ මෙම අභියෝගය රක්ෂණ ක්ෂේත්රයේ අලෙවි කටයුතු, නව සේවකයන් බඳවා ගැනීම් සහ සේවා ක්‍රියාවලියන් ආශ්රිත සාමාන්‍ය මෙහෙයුම් සඳහා ඉමහත් බලපෑම් එල්ල කර ඇත. සේවාලාභීන් මුණගැසීම් සහ මුහුණට මුහුණ හමු වී කෙරෙන රැස්වීම් සියල්ල නතර වීමත් සමඟ රක්ෂණ ක්ෂේත්රය තුළ සියලු කටයුතු කෙටි කාලයක් තුළ ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍ය විය. මෙය බොහෝ සමාගම් වෙත ප්‍රබල අභියෝගයක් උදා කළේය.
AIA හි ප්‍රධාන විධායක නිලධාරී වන නිකිල් අද්වානී මෙසේ පැවසුවේය "මෙවැනි අසාමාන්‍ය අවස්ථාවන් හමුවේ නව්‍යකරණය, ක්ෂණිකව ක්‍රියා කිරීම මෙන්ම, එම ක්‍රියාවන්හි ඵලදායිතාවය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්ය වේ. කවරදාවත් මුහුණදු නොදුන් අර්බුදයකට අප මෙම කාලය තුළ මුහුණ දෙමින් සිටිමු. නමුත් අපගේ සේවාලාභින්හට අප ලබාදුන් පොරොන්දු ඒ ලෙසම නොවෙනස්ව පවතියි. AIA සතුව ඇති අතිරික්ත ප්‍රාග්ධන සංචිත හේතුවෙන් අප වෙත ඉදිරිපත් කරන්නාවූ සියලු හිමිකම් කිසිදු පැකිලීමකින් තොරව ගරු කිරීමට මෙන්ම සුවිශේෂී සේවාවක් සැලසීමට අපට හැකිය. සැබවින්ම රක්ෂණය සහ තමාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අත්‍යාවශ්‍ය බව ඉහලින්ම ඉස්මතු කළ මේ හා සමාන කිසිදු කලක් නොතිබුණි.”
"මෙම කාල පරාසය තුළ අපගේ සේවාලාභීන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සේවාවන් මිලදී ගැනීමට සහ වාරික ගෙවීමට මෙන්ම අනෙකුත් සේවාවන් ලබා ගැනීමට ඉතා ඉක්මනින් හුරුපුරුදු විය. ඒ නිසාම ක්ෂණිකව අපගේ වෙලත් ප්ලෑනර්වරුන් හට අවශ්‍ය පුහුණු කටයුතු මෙන්ම කාලෝචිත නව online අලෙවි ක්‍රියාවලියක් ද අප දියත් කළෙමු. ඒ හරහා නිවසේ සිටම online ක්‍රමයට රක්ෂණ e-අයදුම්පත්‍ර සහ අනෙකුත් සේවා ඉල්ලීම් අප වෙත සේවාලාභීන් හට පහසුවෙන් යොමු කිරීමට හැකියාව සැලසුණි. ලංකාවේ ප්රමුඛ පෙලේ ටෙලිමෙඩිසින් සැපයුම්කරුවකු වන ODOC වෙතින් අපගේ සියලු සේවාලාභීන් හට ටෙලිමෙඩිසින් සේවාවන් අප ලබා දුන් අතර ඒ හරහා ඇඳිරි නීතිය පැවති සමයේ පවා තම නිවසේ සිටම වෛද්‍යවරුන් ඇමැතීමටත්, බෙහෙත් වට්ටෝරු ලබා ගැනීමටත් පහසුකම් සැලසුණි." යැයි නිකිල් අද්වානි මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.
AIA හි ප්‍රධාන තොරතුරු සහ තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා මෙසේ පැවසීය " අපගේ සේවාලාභීන් මෙන්ම කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවයන් සඳහා ඩිජිටල් විසඳුම් ක්ෂණිකව දියත් කිරීම මගින් අපගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව අඛණ්ඩව පවත්වා ගැනීමට අපට හැකි විය. නිවැරදි ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිසි වෙලාවට තාක්ෂණය උපයෝගී කිරීම තුළින් අපට සමස්ත සමාගමටම සහය වීමට හැකි විය. උදාහරණයක් ලෙස සමාගමේ මෙහෙයුම් කටයුතු සියල්ල නිවසේ සිටම සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය වෙතට මාරු වීමට අපට පහසුවෙන් හැකිවිය. ඇමතුම් මධ්‍යස්ථානය වෙත වෙනදාට වඩා ඉහල ඇමතුම් සංඛ්‍යාවක් ලැබුණද අපගේ ඇමතුම් මධ්‍යස්ථාන සේවා ප්රශස්ත මට්ටමින් පවත්වා ගැනීමට හැකියාව සැලසුනේද නිවැරදි තාක්ෂණික මෙවලම් සහ යටිතළ පහසුකම් අප සතුව පැවතුණු බැවිනි. මෙයට අමතරව අවින්ශිචිත කාල තුළ ව්‍යාපාර අඛන්ඩව පවත්වාගෙන යෑමට බොහෝ පෙර සූදානම් පුහුණු ක්‍රියාකාරකම් මෙන්ම සැලසුම් කිරීම සමාගමේ සාමාන්‍ය ව්‍යාපාර ක්‍රියාවලියේ කොටසක් වී තිබීමද මේ සඳහා උපකාර විය. අපගේ කාර්යාල වසා තිබුණ ද අපගේ ඇතැම් මෙහෙයුම් ක්‍රියාවලියන් ස්වයංක්‍රියකරණය කිරීම මගින් පැය 24 පුරා අඛණ්ඩව පවත්වා ගැනීමට අපට හැකි වේ. සරල එදිනෙදා මෙහෙයුම් කටයුතු රැසක් ස්වයංක්‍රියව ඉෂ්ට වන බැවින්, ඉහළ සේවා නිරවද්‍යතාවයක් සහ කාර්යක්ෂමතාවක් අප ලබා තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්රයේ මෙවැනි ස්වයංක්‍රීයකරණ තාක්ෂණය ශීඝ්‍රයෙන් සමාගම් මෙහෙයුම් සඳහා අදාළ කිරීමට ක්‍රියා කළ පළමු සහ අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන රක්ෂණ සමාගම ලෙස අප ඉදිරියෙන්ම සිටී. එපමණක් නොව AIA සමූහයේ ජාත්‍යන්තර අත්දැකීම් මත පදනම්වූ තාක්ෂණික පාලන රාමු සහ ආරක්ෂිත මෙවලම් අපගේ ව්‍යාපාර කටයුතු ශීඝ්‍රව සහ සුරක්ෂිත ව කරගෙන යෑමට මහත් අත්වැලක් ලබාදෙයි.”
AIA ඉන්ෂුවරන්ස් හි අධ්‍යක්ෂිකා-නීති යහපාලන, සහ මෙහෙයුම් ප්‍රධානී චතුරි මුනවීර මහත්මිය මෙසේ පැවසීය "ස්පර්ෂයෙන් තොර මුදල් ගෙවීම් ක්‍රම හඳුන්වාදීමේ අරමුණ වූයේ අපගේ සේවාලාභීන්ගේ සෞඛ්‍යය සුරක්ෂිතභාවය සහ පහසුව ඉහළ නැංවීමය. මේ සඳහා Quick Pay, MCash, EzyCash, Genie වැනි මාර්ග රැසක් අප සේවාලාභීන් හට පිරිනැමුවෙමු. ඒ තුළින් නිවසේ සිටම තම වාරික ගෙවීමට හැකියාව අප ලබා දුනි. අපගේ ස්වයංක්‍රීය කරන ලද කටහඬ හඳුනාගැනීමෙන් ප්‍රතිචාර දක්වන IVR (Interactive Voice Recognition) පද්ධතිය මගින් සේවාලාභීන් හට තමන්ගේ රක්ෂණ ආශ්රිත තොරතුරු පහසුවෙන් හා ක්ෂණිකව කිසිදු කාර්යමණ්ඩල සහයක් නොමැතිව ලබා දීමට හැකි වී තිබේ. මෙම සේවාවන් සලසන පහසුව අත්විඳි සේවාලාභීන් එම ස්වයංක්‍රීය සේවාවන් වෙත වැඩි වැඩියෙන් යොමු වීම දැකීම අපට සතුටට කරුණකි. එමෙන්ම අපගේ අලෙවි බෙදාහැරීමේ අංශයට අවශ්‍ය සහාය සැලසීමට, දින කිහිපයක කෙටි කාල පරාසයක් තුළ දී අපගේ මෙහෙයුම් අංශය මගින් රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ සහ ප්රතිරක්ෂණ ක්‍රියාවලිය ඩිජිටල්කරණ කරන ලදී . මෙය අතිශයෙන් වැදගත් වූයේ අපගේ සේවාලාභීන් හට අඛණ්ඩ රැකවරණය සැලසීමට මෙන්ම අපගේ අලෙවි බලකායට අඛණ්ඩව ආදායම ලබා ගැනීමට හැකියාව මෙමගින් සැලසෙන බැවිනි”
AIA මානව සම්පත් අධ්‍යකෂිකා මෙසේ පැවසුවාය " භෞතිකව රැකියා ස්ථානයට පැමිණෙන්නේ නැතිව තමාගේ සියලු වැඩකටයුතු අඛණ්ඩව කිරීමේ නව සම්මතයට අනුවර්තනය වීමට අපට ඉක්මණින් හැකිවුණි. නිවසේ සිට වැඩ කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ යටිතල පහසුකම් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ මානව සම්පත් කළමණාකරණ පද්ධතියක උපකාරය සහිතව අපගේ කාර්ය මණ්ඩලයට අදාළ සියලු තොරතුරු පහසුවෙන් නිවසේ සිටම ලබා ගැනීමට හැකිවුණි. අපගේ කාර්ය මණ්ඩලය සහ කළමනාකාරිත්වය හට නිවසේ සිට වැඩකටයුතු කිරීමට තාක්ෂණය යොදා ගැනීම මෙන්ම කණ්ඩායම දිරිගැන්වීමට එහි ඵලදායීතාව සහ එකමුතු භාවය ආරක්ෂා කර ගැනීමට යොමුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ පුහුණුවීම් රැසක් අප ලබා දුනි. ඩිජිටල් තාක්ෂණය මගින් අපගේ කාර්ය මණ්ඩලය අතර සම්බන්ධතාවයන් සහ සහභාගිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමටද අප නිතර කටයුතු කළෙමු. අප පැවැත්වූ ඩිජිටල් අවුරුදු සැමරුම සඳහා රට වටා කාර්යමණ්ඩලයෙන් 240 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයක් අපි දුටුවෙමු. එමෙන්ම ඩිජිටල් අවුරුදු කුමාරි කුමාරයා තරගයට චන්දය ලබා දීමට අපගේ කාර්ය මණ්ඩලය උනන්දුවෙන් සහභාගී විය.”
සේවාලාභීන්ට අසමසම පහසුකම් ලබාදීම සඳහා අපගේ ක්‍රියාවලි වැඩි දියුණු කිරීමටත් සමාගමක් ලෙස මෙම අවිනිශ්චිත කාලය අවසන් වූ පසුව ද ඩිජිටල් විසඳුම් සම්බන්ධ විශේෂඥයකු වීමටත් AIA හි අප, ඇප කැප වී සිටී. COVID 19න් පසු එළඹෙන නව යථාර්ථය තුළ සාර්ථකත්වය වෙතට යෑම අපගේ නව සම්මතය වී තිබේ.