ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 28/10/2020
අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් මේ වන විට 26 වන වසරට පිවිස සිටින AIA ඉන්ෂුවරන්ස් හි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් මගින් සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ලබාගන්නා සිසු දරුදැරියන් ඇගයීමට ලක්කරමින් ඔවුනට උසස් පෙළ පන්තියේ සිට විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කරන තුරුම මාසික ආධාර මුදලක් පිරිනමනු ලබයි. වසර 1994 දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම සහ වඩාත්ම කැපීපෙනෙන සිසු දරුදැරියන්ට අත්වැලක් සැපයීම සඳහාය. මන්ද මේ රටේ අනාගතය ඔවුන් වන බැවිනි. AIA ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට මෙම ශිෂ්‍යත්වලාභීන්ගේ දෙමාපියන් AIA ඉන්ෂුවරන්ස් හී සේවාලාභීන් වීම අවශ්‍ය නොවන අතර, මේ ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ අධ්‍යාපන කටයුතු වලදී ඔවුන් දක්වන දක්ෂතා මත පමණක් පදනම් වීම විශේෂ කරුණකි.
AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ 2020 හිමිකම් ප්රදානෝත්සවය කොළඹ ලේක්සයිඩ් හෝටලයේ දී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා පැවැත්විණි. CODEGEN ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වන සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේ බිහි වූ නවෝත්පාදනයක් වන විදුලි බලයෙන් ක්‍රියාකරන ප්‍රථම සුපිරි කාර් රථය වන “වේගා” හි නිර්මාතෘවරයාද වෙයි. පසුගිය වසර 26 පුරාවට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, කළාසූරී අරිසෙන් අහුබුදු, පණ්ඩිත් අමරදේව, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාළ, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය කුසුමා කරුණාරත්න, නන්දා මාලිනිය වැනි මෙම දරුවන්ගේ අනාගතය සාර්ථකත්වයට පත්කරගැනීමට අවශ්‍ය අගනා ඔවදන් ලබාදුන් විද්වතුන් රාශියකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පවත්වන ලදී.
AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ 2020 හිමිකම් ප්රදානෝත්සවය මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්හට ආචාර්ය සුභසිංහයන් විසින් මෙරට අනාගත සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කර ඇති පුරෝගාමී වැඩසටහන් විශාල ප්‍රමාණයක් පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව ලැබුණි. ඒ අතරින් වඩාත් වැදගත් වූයේ උසස් අධ්‍යාපනය හමාට කරන තෙක් ඔහු මුහුණ දුන් විවිධ අභියෝගයන්ටම අභියෝග කරමින් අද දක්වා පැමිණි ගමන්මගෙහි ඔහු ලද අත්දැකීම් පිළිබඳව අසා දැනගැනීමට ශිෂ්‍යත්වලාභීන්ට හැකි වීමයි. ඔහු උසස් පෙළ විභාගයෙන් සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබුවත් එකල අප රටෙහි තිබූ අස්ථීර භාවය නිසා එක්සත් රාජධානියට යාමට සිදු වූ බවත් එහිදී විවිධ රැකියා කරමින් අපහසුතාවනට මුහුණ දෙමින් අධ්‍යාපන කටයුතු හමාර කළ ආකාරයත් ඔහු විස්තර කළේය. එමෙන්ම ශිෂ්‍යත්වලාභීන් අමතා ඔහු කියා සිටියේ මෙම ශිෂ්‍යත්වය ලැබීම මහත් භාග්‍යක් බවත් එය සෑම ශිෂ්යත්වලාභියෙකුම මහත්සේ අගය කළ යුතු බවත්ය. “මාගේ අධ්‍යාපන කටයුතු නිමාවන තුරු මෙවන් ශිෂ්‍යත්වයක් මට ලැබුණා නම් කියා මට සිතෙනවා මම හිතන්නේ නෑ බොහෝ දෙනෙක් මෙවන් වූ දායකත්වයක් එතරම් අගය කරනවා කියලා මම නම් සිතන්නේ මෙම ශිෂ්‍යත්වයේ වටිනාකම ඉතාම ඉහළ බවයි. එමෙන්ම ඔහු මෙම සිසුන්හට සිය මාතෘ භූමියට පෙරළා සේවය කිරීමේ වැදගත්කම මෙන්ම දුක් මහන්සියෙන් ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන සිය මව් දෙමව්පියන් රැකබලා ගැනීමේ වගකීම පිළිබඳවත් ඔවදන් දුන් අතර ලැබී ඇති මෙම අවස්ථාවෙන් උපරීම පල නෙලා ගනිමින් තම ජීවිත සාර්ථකත්වයට පත්කර ගත යුතු බවත් කියා සිටියා.
AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී පැමිණ සිටි සියලුදෙනා හට ස්තුති කරමින් කියා සිටියේ “මේ වසරේද අපගේ රටේ සිටින අති දක්ෂ දරුවන් මෙසේ ඇගයුමට ලක්කරන මේ අවස්ථාව අපට ඉතා විශේෂයි. ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් සැපයීමට ලැබීම් අපට මහත් අභිමානයක් මෙන්ම සතුටක්. අනෙකුත් ශිෂ්‍යත්ව මෙන් නොව අපගේ ශිෂ්‍යත්වය පදනම් වන්නේ දරුවන්ගේ දක්ෂතා මත පමණයි. වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට සහය වීම යන අපගේ සන්නාම ප්‍රතිඥාවට අනුව මේ රටේ අනාගතය වන මෙම දීප්තිමත් දරුවන්හට අපෙන් ලැබෙන සහය දිනක මුළු මහත් සමාජයටම වැඩදායී පුරවැසියන් බිහි කිරීමට සඳහා වන දායකත්වයක් බව නොඅනුමානයි.
මේ අවස්ථාවේ ශිෂ්‍යත්වලාභී ශිෂ්‍යාවක වේදිකාව වෙත පැමිණ ස්තුති කතාවක් කරමින් කියා සිටියේ “ අපගේ අධ්‍යාපනික මෙන්ම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට AIA ඉන්ෂුවරන්ස් වෙතින් මටත් මෙහි පැමිණ සිටින අනෙකුත් ශිෂ්‍යත්වලාභී සහෝදර සහෝදරියන්ටත් ලබා දෙන්නා වූ මෙම දායකත්වය වෙනුවෙන් මගේ හර්දයාංගම ස්තුතිය පළකර සිටිනවා! අපට ලබා දෙන මෙම අත්වැල ජීවිතයේ කිසි දිනක අපට අමතක නොවනු ඇති. ඒ වගේම මා වගේ දහස් ගණනක් අනෙකුත් සිසුන්හට ප්රතිලාභ ලබාගැනීමට තවදුරටත් මෙම මහගු කාර්ය කරගෙන යාමට AIA ඉන්ෂුවරන්ස් සමාගමට හැකිවේවා යි මා ප්‍රාර්ථනා කරනවා!”
AIA ඉන්ෂුවරන්ස් හි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන තුලින් මේ වන විට, සිසු දරුදැරියන් 625ස් දෙනෙක් උසස් පෙළට පිවිසෙන විට ප්රතිලාභ හිමිකම් ලැබීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර 475ස් දෙනෙක් දැනටමත් මූල්‍යාධාර ලබමින් සිටිති. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු නිමකොට දැනටමත් වෛද්‍ය, ඉංජිනේරු, සහ නීති වැනි විවිධ ක්ෂේත්රයන් හී ඉහළ වෘත්තීය මට්ටම් කරා ලඟා වූ AIA පහේ හපනුන් පිරිසක් ද සිටිති.