ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 24/11/2020
AIA ඉන්ෂුවරන්ස් සමාගම, සිය වෙල්ත් ප්ලෑනර් ක්‍රිෂාන් වසන්ත දසනායක ජාත්‍යන්තර මිලියන් ඩොලර් වටමෙසයේ (MDRT) ශ්‍රී ලංකා සාමාජිකත්ව සන්නිවේදන කමිටුවේ (MDRT-MCC) මෙරට සභාපති ලෙස මුලසුන හෙබවීමට ආරාධනා ලැබීම මහත් අභිමානයෙන් සමරයි. ජාත්‍යන්තර MDRT හි සාමාජිකත්ව සන්නිවේදන කමිටුව වන MDRT-MCC, ලොව වටා 400 කට අධික සාමාජිකයින් පිරිසකගෙන් සමන්විත වේ. වර්තමාන සාමාජිකයින් සහ ක්ෂේත්රයේ අනෙකුත් රක්ෂණ සමාගම් මෙන්ම අනාගතයේ සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන සැමදෙනා වෙත, තොරතුරු සන්නිවේදනය සහ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමත් සාමාජිකත්වය සම්බන්ද කරුණු, ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති ජාත්‍යන්තර MDRT ප්‍රධාන මූලස්ථාන කාර්යාලයේ විධායක කමිටුව වෙත වාර්තා කිරීමත් MCC සතු වගකීමයි. මිලියන් ඩොලර් වටමෙසය (MDRT) යනු ගෝලීය ස්වාධීන සංගමයක් වන අතර ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාර අංශයේ විශිෂ්ටතා ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙයි. MDRT, ලොව පුරා රටවල් 70 ක සමාගම් 500 කට අධික සංඛ්‍යාවක සේවයේ නියුතු විශිෂ්ට ජීවිත රක්ෂණ වෘත්තිකයින් 72,000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් සංගමයකි. එහි සාමාජිකයින් විසින් ඉහළ මට්ටමක වාරික, කොමිස් ප්‍රමාණ සහ ආදායම් ජනනය කිරීම සිදුකළ යුතු අතර සුවිශේෂී වෘත්තීය දැනුම, මනා සදාචාරාත්මක චර්යාව මෙන්ම අසමසම සේවාලාභී සත්කාරයක් ද විදහා දැක්විය යුතුයි.
මෙම ජයග්‍රහණය පෞද්ගලිකව මෙන්ම වෘත්තීයමය වශයෙන් ක්රිෂාන්හට මෙන්ම සමාගමටත් මහත් අභිමානයක් ගෙනදෙන කරුණක්. මෙම ගෞරවාන්විත නව පත්වීම සමගින් ක්‍රිෂාන්, ජාත්‍යන්තර MDRT කණ්ඩායමත් සමගින් නව්‍ය සංකල්ප ක්‍රියාවට නංවමින් අති විශිෂ්ට ප්‍රථිපල ලඟා කරගනු ඇත.
2003 වසරේ දී වෙල්ත් ප්ලෑනර්වරයෙකු ලෙස AIA ඉන්ෂුවරන්ස් සමාගම සමගින් සම්බන්ද වූ අවස්ථාවේ සිට ක්‍රිෂාන් අඛණ්ඩව අති විශිෂ්ට කාර්යසාධනයක් දැක්වූ රක්ෂණ වෘත්තිකයෙකු ලෙස සමාගමට නිරතුරු අභිමානයක් ගෙනැවිත් තිබෙනවා.
ඔහු විශාල සම්මාන ප්‍රමාණයකින් පිදුම් ලබා තිබෙනවා. ස්වර්ණ ඊගල් සම්මානය (2009), රජත ඊගල් සම්මානය (2004, 2005, 2006, 2007, 2008) මෙන්ම වසර 6ක් පුරාවට ( 2010, 2011, 2012, 2013, 2014, 2015) ‘ප්‍රේමියර් වෙලත් ප්ලෑනර්වරයෙකු’ වශයෙනුත් අඛණ්ඩව වසර 4ක් (2016, 2017, 2018, 2019) ‘සුප්‍රීම් වෙලත් ප්ලෑනර්වරයෙකු’ වශයෙනුත් ඇගයීමට ලක් වී තිබෙනවා. එමෙන්ම 2009 සහ 2010 වසර දෙකේදීම වාර්ෂික අලෙවි සම්මාන උළෙලේ දී හොඳම වෙල්ත් ප්ලෑනර්වරයාට හිමි සම්මානයේ දෙවන ස්ථානයෙන් පිදුම් ලැබූ අතර, 2013 වසරේ දී හොඳම නැගී එන වෙල්ත් ප්ලෑනර්වරයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. 2015 සහ 2017 වසර දෙක සඳහා මිලියන 10 යේ වට මේසය සඳහා ද ක්‍රිෂාන් සුදුසුකම් ලැබීය.
ජාත්‍යන්තර තලයේ ජයග්‍රාහකයෙක් ලෙස ක්‍රිෂාන් ලබා ඇති සම්මාන රැසකි. අඛණ්ඩව වසර 11 ක් පුරාවට ඔහු ජාත්‍යන්තර මිලියන් ඩොලර් වටමේස සාමාජිකත්වය (MDRT ) දිනා ගැනීමට සමත් විය. (2009,2010,2011,2012,2013,2014,2015,2016,2017,2018,2019) MDRT හි යාවජීව සාමාජිකයෙක් ලෙස 2018 වසරේ දී පිදුම් ලැබූ ක්‍රිෂාන් 2019 සහ 2020 වසර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රධාන MDRT තානාපතිවරයා ද (MDRT Chief Ambassador Sri Lanka ) වෙයි.
AIA සමූහය වෙතින් සිය රක්ෂණ වෘත්තිකයෙකු වෙත පිරිනැමෙන ඉහළම ගෞරවාන්විත සම්මානය වන AIA ‘President’s Club’ සම්මානය වසර 4ක් (2013,2014,2016,2018) දිනා ගැනීමට ඔහු සමත් වූ අතර 2015 වසරේ දී AIA සමූහයේ ‘AIA Life Hero’ සම්මානයට හිමිකම් කියන්නටත් ඔහුට හැකියාව ලැබුණා. AIA සමූහයට වසර 100 ක් සපිරුණ 2019 වසරේ දී එම උත්කර්ෂවත් අවස්ථාව සඳහා වියට්නාමයේ පැවතී උත්සවයේ දී AIA ශ්‍රී ලංකා ශතසංවත්සරික තානාතිපති ලෙස AIA ඉන්ෂුවරන්ස් නියෝජනය කිරීමේ ගෞරවය ද ක්රිෂාන්හට උදා වුණා.
AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී සිය අදහස් ප්‍රකාශ කරමින් “MDRT වෙනුවෙන් ශ්‍රී ලංකා සභාපති වශයෙන් සිය රට නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම විශාල ජයග්‍රහණයක්. මා ක්‍රිෂාන් ගැන ආඩම්බර වෙනවා. ඔහු AIA ඉන්ෂුවරන්ස් වෙත මහත් කීර්තියක් සහ ගෞරවයක් අත්කර දී තිබෙනවා. ඔහු මෙම ඉතා වැදගත් භූමිකාව වෙත පිවිසෙන මේ මොහොතේ AIA සමගින් එක්ව තවදුරටත් මෙරට ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමට හැකිවේවායි මා ඔහුට හදවතින්ම සුබ පතනවා.”
AIA ඉන්ෂුවරන්ස් හි සහකාර ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ කතා කරමින් “AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව වසර පහක් පුරාවට මෙරට වැඩිම MDRT සාමාජිකත්වයක් හිමි වූ සමාගමයි. මෙම ජයග්‍රහණය මගින් අප සේවාලාභීන් වෙත සේවය කරනු ලබන්නේ අතිවිශිෂ්ට මට්ටමේ අලෙවි බලකායක් සමගින් යන කරුණ තවදුරටත් තහවුරු වෙනවා. ක්‍රිෂාන් අපගේ කණ්ඩායමේ සිටින විජයග්‍රාහී සාමාජිකයෙක් වන අතර ඔහු තවදුරටත් ඔහුගේ කාර්යසාධනයේ මිණුම් දණ්ඩ වඩාත් ඉහළම තලයක රැඳවීමට සමත් වී තිබෙනවා.”
ක්‍රිෂාන් දසනායක සිය අදහස් දක්වමින් “මේ ලැබුණ විරළ අවස්ථාව මට මහත් ජයග්‍රහණයක්. මා මේ දිනුම් කණුවට ලඟා වීම සඳහා AIA ඉන්ෂුවරන්ස් සමගින් ආ ගමන් මග තුළ උගත් දේ, ලද අවස්ථාවන් සහ අත්දැකීම් වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ලොව විශාලතම ජීවිත රක්ෂණ සමාගමට සම්බන්දව සේවය කිරීමට ලැබීම මා ලද භාග්‍යක් වන අතර එය මගේ පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතය වඩාත් පෝෂණය කිරීමටත් වැඩි දියුණු කිරීමටත් ඉවහල් වුණා.” මෙරට සිටින සෑම MDRT සාමාජිකයෙකු සඳහාම ඔහුගේ ශක්ති පමණින් සහාය වීමටත් මෙරට MDRT සාමාජිකත්වය සමගින් ශ්‍රී ලංකාවට යහපත් අවස්ථාවන් උදාකර දීමට කැපවී කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා.
ඦායාරූපය: AIA ඉන්ෂුවරන්ස් වෙල්ත් ප්ලෑනර් ක්‍රිෂාන් දසනායක, AIA සමූහයේ ගෝලීය සන්නාම තානාතිපති ඩේවිඩ් බෙකම් සහ AIA සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ස්ටුවර්ට් ස්පෙන්සර් සමගින් 2019 AIA සමූහයේ ශතසංවත්සර උස්ත්සවයේ දී.