ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 07/04/2020
හෝමාගම මූලික රෝහලෙහි වෛද්‍ය උපකරණවල අඩුවක් ඇති බව හදුනාගත් AIA රක්ෂණ සමාගම, වෛද්‍ය කාර්ය මණ්ඩළයට අවශ්‍ය පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) කට්ටල 200 ක් මුඛවාඩම් සහ අධෝරක්ත උෂ්නත්වමාපක 20 ක් ඔවුනට පරිත්‍යාග කරන ලදී.
මෙම මූලික රෝහල නොබෝදා COVID 19 නව කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවට සැක කරන රෝගීන්හට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කරන ලදී. මෙම පරිත්‍යාගය එම රෝගීන් මෙන්ම දිනපතා ඉදිරිපෙළ සිය කාර්යයේ යෙදී සිටින රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්හට ආරක්ෂාකාරීව ඔවුනගේ කටයුතු සිදු කිරීමට ඉවහල් වනු ඇත.
AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි අදහස් දක්වමින් කියා සිටියේ “මෙම භයානක වෛරසයෙන් මෙරට ජනතාව බේරාගැනීමට විශාල වශයෙන් කැපවී කටයුතු කරන හෝමාගම මූලික රෝහල් කණ්ඩායම මෙන්ම සියලූම වෛද්‍ය සහ ත්‍රිවිධ හමුදා වෘත්තිකයින්හට අප හිස නමා අචාර කරන අතර මෙම පරිත්‍යාගය රෝහලෙන් ජනතාවට වන සේවයට යම් අයුරින් හෝ ඉවහල් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා”.
ඦායාරූපය: AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි, සුරේන් මල්ලිකහෙවා (ප්‍රධානී ආයතනික අලෙවි), ප්‍රියංකර ද සිල්වා (ප්‍රධානී ඔප්පුහිමි සේවා සහ සෞඛ්‍ය සේවා කළමනාකරණ), රවින්ද ධර්මසේන (ෙඦ්ෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු) හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා සමගින්.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .