ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Group, 13/05/2020
AIA සමූහය විසින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න බව සහ ශාරීරික සුවතාව සරල ක්‍රියාවන් තුලින් වර්ධනය කරගතහැකි අයුරු පෙන්වා දෙන නවතම වීඩියෝ මාලාවක් එළිදක්වයි
ලෝකයේ විශාලතම ස්වාධීන ලැයිස්තුගත ආසියානු පැසිෆික් කලාපීය රක්ෂණ සමූහය වන AIA, අද දින AIA සමූහයේ ජාත්‍යන්තර සන්නාම තානාපති වන ඩේවිඩ් බෙකම් සහ සහයෝගිතා පාපන්දු ක්‍රීඩා සමාජය වන TOTTENHAM HOTSPUR හි සහාය සමගින් සුවපත් සැපවත් දිගුකල් ජීවිත උදා කරගැනීමට පිළිපැදිය යුතු දේ පිලිබඳ අන්තර්ගතයක් අඩංගු වීඩියෝ මාලාවක් එළිදක්වන ලදී. (මෙම දර්ශන පටිගත කරන ලද්දේ COVID-19 වසංගතය ආරම්භයට කලින්ය)
මෙවන් වීඩියෝ මාලාවක් AIA හි ජාත්‍යන්තර සහයෝගිතා හවුල්කරුවන් දෙපල සමගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අවස්තාව මෙය වන අතර ඔවුන් ලොව ප්‍රකට SPUR’S ක්‍රීඩාංගණයේ සිටිය දී ලබා ගන්නා ලද ඦායාරූපයක් පසුගිය සුමානයේ දී මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ AIA හි වඩාත් කාලීන අරමුණක් සහිත සන්නාම ප්‍රතිඥාවක් වන ජනතාවට වඩාත් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීම පිළිබඳව තවදුරටත් තහවුරු කිරීමටයි. මෙහිදී ලොව පාපන්දු ක්‍රීඩා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෙකුව සිටි AIA හි සන්නාම තානාතිපති ඩේවිඩ් බෙකම්, Spurs’ ක්‍රීඩා සමාජයේ පුහුණු කිරීම් සිදු කරන ක්‍රීඩාංගණයේ දී එහි ප්‍රධාන පුහුණුකරු වන ජොසේ මරීනෝ, මූලික කණ්ඩායම් සාමාජිකයින්, අනෙකුත් පුහුණුකරුවන් සහ පෝෂණවේදීන් හමු වූ අවස්ථාව නිරූපණය වනවා. එහිදී ඔවුන් එකතුව සාකච්ඡා කරන ලද්දේ වෘත්තීය ක්‍රීඩකයෙකු වුනත් නැතත් හැමෝටම පොදුවේ සිය සෞඛ්‍යසම්පන්න බව වැඩි දියුණු කරගැනීමට තම ජීවන රටාවේ සිදුකර ගතහැකි සරල වෙනස්කම් පිළිබඳවයි.
AIA සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ස්ටුවර්ට් ඒ. ස්පෙන්සර් කියා සිටියේ, “අපගේ දිගු කාලීන සහකරුවන් දෙදෙනෙකු සමගින් මෙවන් කර්තව්‍යක් කිරීමට මුල පිරීම අපට සතුටක්. ලොව වටා සියළු ජනතාව සිය සෞඛ්‍යසම්පන්න බව වැඩි දියුණු කරගැනීමට ප්‍රායෝගිකව වෙර දරමින් සිටින මෙවන් අවස්ථාවක දී ඩේවිඩ් බෙකම් සහ Spurs’ කණ්ඩායම සමගින් මෙම වීඩියෝ මාලාව දියත් කිරීම ඉතාමත් කාලීන් බව මගේ අදහසයි. ඩේවිඩ් බෙකම් මෙන්ම Spurs කණ්ඩායමට මේ වෙත ආකර්ෂණය කරගත හැකි ක්‍රීඩා ලෝලීන් පිරිසේ ප්‍රමාණය මෙම වැඩසටහනෙහි සාර්ථකත්වයට හේතු වනු ඇත. මෙම වීඩියෝ මාලාව ඔස්සේ අප ගෙනයන පණිවුඩය වෙනුයේ යමෙකුගේ සෞඛ්‍යසම්පන්න බව වැඩි දියුණු කරගැනීමට, ඇති පමණ නින්දා ගැනීම, සිය පවුලේ ආදරණීයයන් සහ මිතුරන් සමගින් ගෙවන්නා වූ කාලයේ ගුණාත්මක බව වැඩි කර ගැනීම, පෝෂනදායී සමබර ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම ඇති පමණ ව්‍යායාමයේ යෙදීම වැනි තම ජීවන රටාවේ ඉතා සරල වෙනස්කම් වලට හැකියාව ඇති බවයි.
මෙම වීඩියෝ මාලාවේ එන එක් වීඩියෝවක දැක්වෙන්නේ AIA හි අප සාර්ථකව ක්‍රියාත්මක කල #OneMoreHour වැඩසටහන යටතේ, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමේ ඇති වැදගත්කම පිලිබඳ තොරතුරුයි. මෙමගින් හොඳ නින්දක් ලැබීමේ ප්‍රථිපලයක් ලෙස කායික මෙන්ම මානසික ප්‍රතිලාභ ලැබිය හැකිබව දැනුවත් කරනු ලබයි. මෙහිදී දකුණු කොරියානු ක්‍රීඩක සෝන් හියුන් මින් සහ බ්‍රසීල ක්‍රීඩක ලූකස් මෞරා, ඩේවිඩ් බෙකම් හමුවූ අවස්ථාවේ කියා සිටින්නේ ස්ථාවර රටාවකට අනුව නින්ද ලබාගැනීම පුහුණු අවස්ථාවන් හි මෙන්ම ක්‍රීඩා තරඟ පවතින අවස්ථා වලදී ද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සහ පලදායීතාවය වැඩි වීමට හේතු වූ බවයි.
නිසි දින චර්යාවක් ඇතිකරගැනීම, ගුණාත්මක නින්දක් ලැබීම වැනි දිනපතා පිළිපැදිය යුතු හොඳ පුරුදු පිලිබඳ උපදෙස් ලබා දෙමින් ක්‍රීඩා සමාජය ක්‍රීඩකයන්හට සහාය වන අයුරු Spurs ක්‍රීඩා සමාජය ඇතුලත සිටින විශේෂඥයින් විසින් සාකච්ඡා කරන අයුරු මෙහිදී පිළිබිඹු කරයි. Spurs කණ්ඩායම අවධාරණය කරන්නේ මේ සියළු කරුණු හරිහැටි අවබෝධ කරගෙන ඒවා එලෙසම පිළිපදිනවා නම් ක්‍රීඩකයන්ගේ කායික මෙන්ම මානසික යෝග්‍යතාවය අනිවාර්යයෙන්ම වැඩි දියුණු වන බවයි. එමෙන්ම ඔවුන් තව දුරටත් කියා සිටින්නේ වෙන කවදාටත් වඩා ශරීර යෝග්‍යතාවය, ශරීර ශක්තිය මෙන්ම ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අවධානය යොමුකර සිටිය යුතු බවයි.
AIA හි ජාත්‍යන්තර සන්නාම තානාපති වන ඩේවිඩ් බෙකම් කියා සිටියේ, “ක්‍රීඩා සමාජයේ හිමිකාරිත්වයෙහි වෙනසක් ඇති වී තිබෙන මේ මොහොතේදී (Inter Miami CF වෙත) අපගේ කණ්ඩායම හොඳම කණ්ඩායමක් බවට පත් කිරීමට මාගේ සහය ලබා දීමට මා බලාපොරොත්තු වෙනවා. Spurs ක්‍රීඩා සමාජය මගින් ගෙන ඇති පුරෝගාමී ප්‍රවේශයක් වන ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය සහ සුවතාවය පිළිබඳව දැනුවත් වෙමින් අත්දැකීම් බහුල, සාර්ථක පුහුණු කරුවකු වන ජොසේ මරීනෝ සමගින් වැඩ කරමින් ඒ පිළිබඳව වැඩිදුර දැනුවත් වීමට මට ලබා දී තිබෙන අවස්ථාව මා ඉතාමත් අගය කරන අතර ඒ වෙනුවෙන් මා AIA සමූහයට මගේ කෘතඥතාව පළකර සිටිනවා. මා පාපන්දු ක්‍රීඩකයෙකුව සිටි කාලයට වඩා ක්‍රීඩාව තුළ වෙනස් ආකාරයේ චින්තනයක් සහ විද්‍යාත්මක ක්‍රම දැන් භාවිතා කෙරුවත්, ස්ථීර දින චර්යාවක්, ප්‍රමාණවත් නින්දක් වැනි සරල දේ ඉතාමත් වැදගත් ලෙස අදටත් පවතිනවා. මා AIA සමගින් සහයෝගීතාවයකට පැමිණීම පිළිබඳව සතුටු වන අතර ජනතාවට සුවපත් සැපවත් දිගුකල් ජීවිතයක් උදා කරගැනීමට සහාය වීමේ ප්‍රයත්නයේ කොටස්කරුවකු වීම මට මහත් අභිමානයක්.”
Spurs පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු, ජොසේ මරිනෝ කියා සිටියේ: “පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය ලියූ දැවැන්ත ක්‍රීඩා චරිතයක් වන ඩේවිඩ් බෙකම්ව නැවත වරක් ක්‍රීඩා සමාජය වෙත මෙම තරඟ වාරයේදී ඉතා සාදරයෙන් පිළිගන්නවා. Tottenham Hotspur ක්‍රීඩා සමාජය ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් හුරුපුරුදු ස්ථානයක් වන අතර ඔහු 2011 වසරේ මෙහිදී පුහුණු කටයුතු සිදුකර තිබෙනවා. මා ඔහු සමගින් කණ්ඩායම සූදානම් කිරීමේ කටයුතු පිළිබඳව, ක්‍රීඩකයින් කායික සහ මානසික වශයෙන් ඉහළම ස්ථානයේ තබා ගැනීම පිලිබඳ විස්තර සාකච්ඡා කළා. වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම වෙන කවදාටත් වඩා කාගේත් අවධානය විශාල වශයෙන් යොමු වී ඇති මෙවන් මොහොතක AIA සමූහය විසින් ශරීර සුවතාවයේ වැඩි දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් අප හා සහයෝගීතාවයෙන් ඉටු කරන්නා වූ මෙහෙවර මා මහත් අභිමානයෙන් යුතුව අගය කරනවා.”
මෙම වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝවක, Spurs ක්‍රීඩකයින් වන හැරී වින්ක්ස් සහ ජෆැට් ටන්ගන්ගා, ඩේව්ඩ් බෙකම් සමග කථා කරමින් පවසා සිටින්නේ, විනයක් ඇතිව හරියාකාර ජීවන රටාවක් පවත්වාගෙන යාම ඔවුන්ගේ ක්‍රීඩා වෘත්තීය පුරාවට අමතර වාසි අත්කර දෙන බවයි. මෙහිදී ප්‍රමාණවත් නින්ද පමණක් නොව හොඳ ආහාර රටාවක් පවත්වා ගැනීමත් ඉතාමත් වැදගත් බව ඔවුන් පවසයි. මෙවන් සරල පියවර සියල්ලේම එකතුවෙන් සිය සෞඛ්‍ය සම්පන්න බවට සහ ශාරීරික සුවතාවයට විශාල් පිටුවහලක් ලැබෙන බව ඔවුන් කියා සිටියි.
ඩේවිඩ් බෙකම් සහ Spurs ක්‍රීඩා සමාජය එක්ව ආසියානු පැසිෆික් කලාපය පුරාවට විසිර සිටින මිලියන ගණනාවක් වන ක්‍රීඩා ලෝලීන් වෙත පාපන්දු ක්‍රීඩාව ඔස්සේ AIA හි සන්නාම පොරොන්දුව වන සුවපත් සැපවත් දිගුකල් ජීවිතයක් උදා කරගැනීමේ වැදගත්කම ප්‍රචලිත කරලීමට මහඟු දායකත්වයක් සපයයි.
2013 වසරේ දී AIA සමූහය Spurs ක්‍රීඩා සමාජය සමගින් එහි ප්‍රධාන ජාත්‍යන්තර සහකරු වශයෙන් සහයෝගිතාවයකට එලඹෙන ලදී. එතැන් පටන් ක්‍රීඩාවට කාර්යශීලීව සහභාගී වීම තුලින් සුවපත් සැපවත් දිගුකල් ජීවිත ලඟා කරගැනීමට හැකියාව ලැබෙනවා යන පණිවිඩය මෙම සහයෝගිතාවය ඔස්සේ ජනතාව වෙත වඩාත් තහවුරු කෙරුණි.
Spurs ක්‍රීඩා සමාජය, AIA සමූහය සමගින් එක්ව ආසියානු පැසිෆික් කලාපය පුරාවට පැතිර ඇති AIA වෙළඳපොල 18න් 15ක දීම ඒ ඒ රටවල දේශීය ජනතාවට පාපන්දු සංවර්ධන වැඩසටහන් පවත්වමින් 55,000 කට අධික පිරිසකට ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩා කුසලතාවයන් මෙන්ම සමස්ථ ශාරීරික යෝග්‍යතාවය වැඩි දියුණු කරගැනීමට සහාය ලබා දෙන ලදී.
AIA සමූහය 2017 වසරේදී සිය ජාත්‍යන්තර සන්නාම තානාපති වශයෙන් ඩේවිඩ් බෙකම් පත් කරගන්නා ලදී. පාපන්දු ක්‍රීඩකයෙක් වශයෙන් ජාත්‍යන්තරව ඉහළ ජනප්‍රියතාවක් මෙන්ම පිළිගැනීමකට හිමිකම් කියන ඔහු විවාහකයෙකි ආදරණීය සැමියෙකි දයාබර පියෙකි. ඩේවිඩ්, AIA සමූහය සමගින් එක්ව සරල පියවර තුලින් වඩාත් සෞඛ්‍ය සම්පන්න සුවදායක ජීවිතයක් ලඟා කරගන්නා අකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක නියැලී සිටියි. AIA සමූහය සිය #WhatsYourWhy වැඩසටහන ඩේවිඩ් බෙකම් සමගින් දියත් කල අවස්ථාවේ දී ජනතාවගෙන් ප්‍රශ්නයක් අසා සිටින ලදී. එනම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට ඔබව පොළඹවන ප්‍රධාන හේතුව කුමක්ද යන්නයි. ආසියාව පුරා මෙම වැඩසටහනට මිලියන ගණනක් ජනතාව සහභාගී විය. ඩේවිඩ් විසින් AIA ව්‍යාපාර පවතින රටවල් වලට නිතර සංචාරය කරන අතර ඒ අවස්ථාවන් වලදී විශේෂයෙන් AIA සේවාලාභීන්, අලෙවි බලකා සාමාජිකයින්, සහයෝගිතා හවුල්කරුවන් සමගින් සම්බන්ධ වෙමින් ඔවුන් වෙත සුවපත් සැපවත් දිගුකල් ජීවිතයක් උදා කර ගැනීමේ වැදගත් කම පිලිබඳ පණිවිඩය ලබා දීමට ඔහු සහාය වෙයි.
- සමාප්තයි -