ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 10/04/2020
සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමියගේ සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පැවැත්වූ සෞඛ්‍ය රැස්වීමක දී COVID 19 සමඟ සටන ජය ගැනීමට තම උපරිම සහාය ලබා දීමට AIA රක්ෂණ සමාගම ප්‍රතිඥා දෙන ලදී. AIA හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි සහ සේවා හා සෞඛ්‍ය කළමනාකරණ අංශ ප්‍රධානී ප්‍රියංකර ද සිල්වා මෙම රැස්වීම තුළ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නියෝජනය කරන ලදී.
තමන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව නොතකා ආසාදිත රෝගීන් රැක බලා ගැනීම සඳහා මෙම රෝහල් තුළ වෙහෙසෙන සියලු ම ඉදිරිපෙළ කාර්ය මණ්ඩලයට උපහාර දැක්වීම AIA රක්ෂණ සමාගමේ අභිලාෂය බව AIA හි ප්‍රධාන විධායක නිලධාරි නිඛිල් අද්වානි එම රැස්වීමේ දී ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින් COVID 19 රෝගය වැළඳී අවාසනාවන්ත ලෙස වියෝවීමක් සිදුවන අවස්ථාවක දී, රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඇති සහ IDH, මුල්ලේරියාව සහ වැලිකන්ද රෝහල් හා අනුයුක්ත ව සිටින රජයේ වැටුප් ලබන සියලු ම ස්ථිර කාර්ය මණ්ඩලයට, ජීවිත රක්ෂණයක් පමණක් නොව, රෝහල් ගතව සිටින සෑම දිනකටම දෛනික මුල්‍ය ප්‍රතිලාභයක් ලබා දීමටද AIA ඉදිරිපත් වී ඇත.
මෙසේ නොමිලේ සලසන ආවරණය මගින්, එම රෝහල් හි කාර්ය මණ්ඩලයේ ඕනෑම අයෙකුට COVID-19 වැළදුණහොත්, ඒ හේතුවෙන් රෝහල් ගතව සිටින සෑම දිනකටම (දින 14 ක් දක්වා) රු. 1000 / - ක මුදලක් AIA ඉන්ෂුවරන්ස් වෙතින් ලබා දෙනු ඇත. නොමිලේ ලබා දෙන ජීවිත ආවරණයට අමතරව මෙම දෛනික රෝහල් ප්‍රතිලාභය සැලසීමේ AIA හි පරමාර්ථය වන්නේ, ඔවුන් හට තම ප්‍රාථමික සත්කාර අවශ්‍යතා රෝහල් මගින්ම සැලසෙන අතරතුර දී අමතර මූල්‍ය අරමුදලක් ද සපයා දීමටයි.
COVID-19 වෛරසය හේතුවෙන් අවාසනාවන්ත ලෙස වියෝ වුවහොත් මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයට AIA ඉන්ෂුවරන්ස් වෙතින් රු.500,000ක නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට කටයුතු යොදා ඇත. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී සිටින මෙම රෝහල් තුනේ සියලුම වෛද්‍යවරුන්, හෙදියන්, අනුපූරක වෛද්‍යවරුන් සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා මෙම ප්‍රතිලාභය හිමි වේ. මෙම විශේෂ ආවරණය 2020 ජූලි 10 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර අවශ්‍ය නම් තවත් දීර්ඝ කිරීමට ද AIA සුදානම්. මෙම රෝහල් කාර්ය මණ්ඩල සඳහා මෙවැනි ප්රතිලාභ ලබා දීමට ඉදිරිපත් වී ඇති පළමු පෞද්ගලික අංශයේ ජීවිත රක්ෂණ සමාගම AIA ඉන්ෂුවරන්ස් වීම විශේෂ කරුණකි.
අද්වානි මහතා මෙසේ පැවසීය, “සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන සමාගමක් ලෙස, මෙම COVID-19 අර්බුදය තුළ අපේ ජාතිය ආරක්ෂා කරන සියලු ම වීරයන්ට අප සැබවින්ම කෘතඥ වෙමු. මෙම රෝහල් හි කාර්ය මණ්ඩලය ඔවුන්ගේ රාජකාරියේ යෙදෙමින් සිදු කරන පරිත්‍යාගී සේවය අප අතිශයින් අගය කරන අතර ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණයේ ප්රමුඛයෙකු ලෙස ඔවුන්ගේ මෙම පරාර්ථකාමී උත්සාහයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු. මෑතක දී AIA ඉන්ෂුවරන්ස් හි අපි, හෝමාගම මූලික රෝහල සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂිත ආම්පන්න සහ උපකරණ පරිත්‍යාග කළෙමු. නමුත් ඉන් ඔබ්බට මෙම වීරයන්ට කෘතගුණ දැක්වීමට අපට අවශ්‍ය විය. මෙම යෝජනාව අප සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගෙන ආවේ එබැවිනි. මෙසේ නොමිලේ රක්ෂණ ප්රතිලාභ ලබා දීම මගින් COVID-19 වෛරසයට එරෙහි සටනට තවදුරටත් දායක වීමට හැකි වීම අපට ගෞරවයක්. රෝහල් තුළ සේවය කරන සියලු කාර්ය මණ්ඩලය ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්න ව සිටිනු ඇතයි අපි මුළු හදින් ම බලාපොරොත්තු වෙමු. නමුත් අවාසනාවන්ත අවස්ථාවක් සිදු වුවහොත් මෙමගින් අවම වශයෙන් ඔවුන්ට හා ඔවුන්ගේ පවුල් සඳහා මූල්‍ය සුරක්ෂිතභාවය අපට සහතික කළ හැකියි.”
ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය. “මෙවැනි අවිනිශ්චිත අවස්ථාවකදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මූල්‍ය සුරක්ෂිතභාවයක් ලබා දීමට ඉදිරිපත් වීම ගැන අපි AIA රක්ෂණ සමාගමට බෙහෙවින් ස්තුතිවන්ත වන බව ප්‍රකාශ කළහ. මෙමගින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී තම ජීවිත පරදුවට ද තබා සිය සේවය ඉටු කරන්නා වූ IDH, මුල්ලෙරියාව සහ වැලිකන්ද රෝහල් හි කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සේවයේ වටිනාකම සමාජයේ සියලු කොටස් අතිශයින් අගයන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළහ.” මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ඦායාරූපය : සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි සහ සේවා හා සෞඛ්‍ය කළමනාකරණ අංශ ප්‍රධානී ප්‍රියංකර ද සිල්වා රැස්වීමකදී හමු වූ අවස්ථාව.