ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 02/09/2020
ඕනෑම පවුලකට නව දරු උපතක් යනු ඉතා ප්‍රීතිමත් මොහොතකි. දෙමව්පියන් සැමවිට සිය දරුවන්හට හැකි පමණින් හොඳම දේ ලබා දීමට උත්සාහ කරන අතර නව දරු උපතක් සමගින් නිරායාසයෙන් ඔවුනට පැවරෙන වගකීම් සමුදාය ද ඉමහත්ය. එනම් දරුවා ලොකුමහත් වනතුරු ඔහුගේ හෝ ඇයගේ රැකවරණ සහ සුභසිද්ධිය තහවුරු කිරීමයි.
සැමට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීමට කැපව කටයුතු කරන සමාගමක් ලෙස නව දෙමාපියන් වෙත වගකීම් රාශියක් එක්කරමින් උදාවන්නා වූ මෙම ප්‍රීතිමත් මොහොත අපිද ඉතා සතුටින් සිහි කරමු. නව දරු උපතක් සමගින් දෙමාපියන්හට පැවරෙන දරුවාට සුරක්ෂිත සහ සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගීම වැනි නොයෙකුත් භාරදූර කාර්යන් සඳහා අපට උපකාර කළ නොහැකි වුවත් රක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාපාර කරන අපට එම දෙමාපියන් වෙත මූල්‍යමය සුරක්ෂිතබව ලබා දීමට සහාය වී සිතේ සැනසුම උදාකර දීමේ හැකියාව ඇත. මෙලෙස AIA ඉන්ෂුවරන්ස් නයින්වෙල්ස් රෝහල සමගින් ඇතිකරගත් සහයෝගීතාවයක් ඔස්සේ එම රෝහලේ දී නව දරු සම්පතක් ලද දෙමාපියන් වෙත රුපියල් මිලියන 1 ක් වටිනා ලොවපුරා පුද්ගල හදිසි අනතුරු ආවරණයක් නොමිලේ ලබා දෙනු ඇත.
AIA ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි සිය අදහස් ප්‍රකාශ කරමින් “මා පියෙක් ලෙස දරු උපතක දී දෙමාපියන්හට ඇතිවන සතුට කෙතරම් දැයි හොදින් දන්නවා. AIA ඉන්ෂුවරන්ස් හි අපි ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙම නව දෙමාපියන්හට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට අප සමගින් විශ්වාසයෙන් යුතුව ගමනක් යා හැකි බව කියන්න කැමතියි. නයින්වෙල්ස් රෝහල දිවයිනේ ප්‍රධාන පෙළේ මාතෘත්ව රෝහලක් ලෙස අප සමගින් සහයෝගීතාවයකට එලෙෙඹමින් රෝහල් පාරිභෝගිකයින්ගේ ජීවිතවලට වැඩි අගයක් එකතු කරමින් ඔවුනට වඩාත්ම වැදගත් මෙම මොහොතේ දී රක්ෂණ ආවරණයක් ලබා දී තිබෙනවා. මෙම අවස්ථාවේ දී AIA ඉන්ෂුවරන්ස් හි භූමිකාව හුදෙක් රක්ෂණ සමාගමකින් ඔබ්බට ගිය, මෙම පුද්ගලයින්ගේ ජීවිතය පුරාවට ඔවුන් අසලින්ම රැදෙමින් දුකේදීත් සැපේදීත් සිටින්නා වූ ජීවිත සහකරුවෙකු ලෙස ක්‍රියා කිරීමයි.”
නයින්වෙල්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න කියා සිටියේ “පවුලට අලුත්ම සාමාජිකයෙකු එකතුවීම ඉතාමත් සතුටට කරුණක් වනවා මෙන්ම ඒ සමගින් විශාල වගකීම් සම්භාරයක් ද නව දෙමාපියන් වෙත එකතු වෙනවා. මේ අවස්ථාවේ දී විශිෂ්ට වෛද්‍ය සේවාවක් අප රෝහල මගින් ලබාදෙන අතර කියන්න සතුටුයි AIA ඉන්ෂුවරන්ස් අප සමගින් ඇතිකරගත් සහයෝගීතාවයක් ඔස්සේ එම දෙමාපියන් වෙත මූල්‍යමය සුරක්ෂිතබව සහ සිතේ සැනසුම තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා.” රෝහලේ අලෙවිකරණ අධ්‍යක්ෂ නිලන්ත රත්නායක අදහස් දක්වමින් “නයින්වෙල්ස් රෝහල ශ්‍රී ලංකාවේ මාතෘත්ව සහ ළමා රැකවරණ සේවා පිලිබඳ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන අතර කාන්තාවන් සහ ළමුන් සඳහා ඉතා පුළුල් වූ පරාසයක ප්‍රතිකාර සේවා පවත්වාගෙන යනවා. අපගේ පාරිභෝගිකයින් වෙත සැමවිට වැඩි වටිනාකම් එකතු කිරීමට කැපවී කටයුතු කරන රෝහලක් ලෙස මෙම නව දෙමාපියන් වෙත ඔවුනගේ ජීවිතයේ වඩාත්ම වැදගත් මොහොතක දී, අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් මග පෙන්වමින්, AIA ඉන්ෂුවරන්ස් වෙතින් ලබා දෙන්නා වූ එම තිළිණය ඔවුන්ගේ ජීවිත වලට වඩාත් යහපත් වෙනසක් ඇති කරණු ඇති බව මගේ විශ්වාසයයි.”
ඦායාරූපය : AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී සහ නයින්වෙල්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න, ප්‍රථම ජීවිත ආවරණය නයින්වෙල්ස් රෝහලේ නව දෙමාපියෙකුට ලබාදුන් මොහොත.