ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 08/04/2020
AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකරන්නා වූ වැඩකටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, රක්ෂණ නියෝජිතයින් බඳවා ගැනීමේ සම්මුක සාකච්ඡා කාර්යාලයෙන් පිටත දී online ක්‍රමයට සිදු කිරීම සඳහා Sixer Video platform එක හදුන්වා දී ඇත.
AIA ඉන්ෂුවරන්ස් සමාගමට රක්ෂණ නියෝජිතයින් ලෙස බැඳීමට කැමති ඕනෑම අයෙකුට දැන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන වෘත්තීය අවස්ථා ඉදිරිපත් කිරීමකට සහභාගී වීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීව දත්ත සහිත විස්තර ඇතුළත් වීඩියෝවක් online ක්‍රමයට සමාගම වෙත යොමු කිරීමට දැන් අවස්ථාව ඇත. මෙම ක්‍රමය ඔස්සේ නියෝජිතයින් බඳවා ගැනීම්, මුහුණට මුහුණ සිදු කරන්නා වූ සම්මුක පරීක්ෂණ පැවැත්වීමට වඩා පහසුවෙන් සහ ඉක්මනින් කළහැකි වන අතර මෙමගින් අපේක්ෂකයින් දුරබැහැර සිට සිය මුදල් සහ කාලය වැය කරමින් සම්මුක පරීක්ෂණ සඳහා කාර්යාලයන් වෙත පැමිණීම වළක්වාලීමටත් AIA කණ්ඩායමට හැකි වී ඇත.
AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා ඒ පිලිබඳ පැහැදිළි කරමින් කියා සිටියේ “COVID-19 න් පසු ලොව තුළ බොහෝ දෙනා මුහුණට මුහුණ හමු වී සිදුකරන රැස්වීම් සහ සම්මුක පරීක්ෂණ සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. අපට අවශ්‍ය වූනේ අපගේ නියෝජිතයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය නොකඩවා කරගෙන යාමට ක්‍රමයක් සොයා ගැනීමටයි. එමගින් අපට ඉතාමත් ඉහළ තත්ත්වයේ වෘත්තීයමය අලෙවි බලකා සාමාජිකයින් පිරිසක් බඳවා ගැනීම තහවරු කරගැනීමටත් අවශ්‍ය වුණා. මෙම ක්‍රමය මගින් රක්ෂණ නියෝජිතයින් වීමට බලාපොරොත්තුවන පිරිස් හට ඔවුන්ගේ ප්‍රථම සම්මුක සාකච්ඡාව සඳහා නිකරුණේ කාලය සහ මුදල් වැය කරමින් විවිධ ප්‍රදේශ කරා ගමන් කිරීමට සිදු නොවන අතර සිය නිවසේම රැදෙමින් ඉතා පහසුවෙන් online ක්‍රමයට සිදුකරන අපගේ වෘත්තීය අවස්ථා ඉදිරිපත් කිරීමේ වැඩසටහන් වලට සහභාගී වීමට දැන් හැකියාව ලබා දී තිබෙනවා.”
AIA ඉන්ෂුවරන්ස් හි ඒජන්සි බෙදාහැරීම් අධ්යක්ෂ චානක ලියනගේ කියා සිටියේ “මෙමගින් අදහස් වන්නේ අප සමාගමට මෙම වීඩියෝ ජීව දත්ත භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් සහ කඩිනමින් එම රක්ෂණ නියෝජිතයින් බඳවා ගැනීමේ කටයුතු සිදු කිරීමට හැකියාව ඇති අතර මෙම අපේක්ෂකයින්ගේ තොරතුරු පිළිබඳව ඉතා පැහැදිළි අදහසක් ලබා ගැනීමටත් ඒවා උපකාරී වෙනවා. ඒ වගේම මුහුණට මුහුණ ලා එකින් එක සිදු කරන්නා වූ සම්මුක සාකච්ඡා වලට වඩා ඉතා සුළු කාලයක් ඇතුළත දී විශාල පිරිසකගේ ජීව දත්ත පිලිබඳ විස්තර සොයාබලා බඳවා ගැනීම් සිදුකිරීමටත් මෙමගින් අපට හැකිවී තිබෙනවා. අපගේ අලෙවි බලකාය, බලගැන්වීමට ඉතා උසස් තත්ත්වයේ වෘත්තිකයින් බඳවා ගැනීමට අප ගන්නා ප්රයත්නය මෙම ක්‍රමය ඔස්සේ වඩාත් කාර්යක්ෂම වී ඇති බව මගේ අදහසයි.”
ඔබත් සොයන්නේ සීමා රහිත ආදායමක් ඉපැයීමට හැකියාව ඇති වෘත්තීයක් නම්, එමෙන්ම ඔබට අවශ්‍ය ආකාරයට නම්‍යශීලී කාලවෙලාවන්ට අනුව සිදු කළහැකි රැකියාවක් නම්, ජාත්‍යන්තර තලයේ ඇගයීම් ලබා ගතහැකි, දෙස් විදෙස් සංචාර ලබා දෙන නවතම තාක්ෂණය භාවිතයෙන් කළ හැකි රැකියාවක් නම් ලොව විශාලතම ජීවිත රක්ෂකයා වන AIA ඉන්ෂුවරන්ස් ඔබට වඩාත් ගැලපෙන රැකියා ස්ථානයයි. ඔබත් අදම <https://web.sixervideo.com/record/candidate_details/aia-247> ඔස්සේ AIA ශ්‍රී ලංකා Sixer video රක්ෂණ නියෝජිතයින් බඳවා ගැනීමේ පිටුවට පිවිස වැඩි විස්තර සොයා බලන්න.