ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 29/04/2020
AIA ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් 2020 වසර සඳහා ද සිය සහයෝගීතාවය තවදුරටත් අළුත් කළ බව ප්‍රකාශ කර සිටියි. AIA ඉන්ෂුවරන්ස් විසින් 2020 වසර පුරාවට අලෙවි කරන සෑම රක්ෂණ වරයක් වෙනුවෙන් රු.100/- ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරනු ඇත. AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනිය වන ප්‍රෙමිලා පෙරේරා මහත්මිය විසින් මේ වසරේ මුල් භාගයේදී පැවති පිළිකා සංගමයේ වාර්ෂික මහා රැස්වීමේදී ඒ පිලිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
පසුගිය වසරේ දී AIA සමූහයේ සියවස් සැමරුම නිමිත්තෙන් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා පිළිකා සංගමයට අනුග්‍රහය දැක්වීමට කටයුතු කළේය. 2019 වසරේ සමාගම අලෙවි කරන සෑම රක්ෂණ වරයක් සඳහාම සමාගම ශ්‍රී ලංකා පිළිකා සංගමයට රු.100/-ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර එමගින් වසර අවසානය වන විට ශ්‍රී ලංකා පිලිකා සංගමය වෙත රු. මිලියන 5 කට ආසන්න පරිත්‍යාගයක් ලබා දීමට සමාගමට හැකිවිය. ශ්‍රී ලංකා පිළිකා සංගමය විසින් මෙම මූල්‍යාධාර මගින්, ආධාර උපකාර අවශ්‍ය අසරණ රෝගීන් වෙත ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට සහාය වීම මෙන්ම මෙරට ජන සමාජය තුළ විශාල සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙමින් තිබෙන මෙම පිළිකා උවදුර පිළිබඳවත්, පිළිකා හට ගැනීමට හේතු සහ පිළිකා වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සමාජය දැනුවත් කිරීම සිදුකරනු ලබනවා.
AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි අදහස් දක්වමින් “COVID-19 නව කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව සැමගේ අවධානය මේ අවස්ථාවේ යොමුව ඇතත්, ශ්‍රී ලංකාව තුළ පිළිකාව වැනි බෝ නොවන රෝග පිලිබඳ අර්බුදය ද එලෙසම පවතිනවා. මෙරට ඇතිවන මරණ වලින් 76% ක් වැනි විශාල ප්‍රතිශතයක් පිලිකා වැළඳීම නිසා සිදුවන අතර එම අගය ජාත්‍යන්තරයේ 63% වන ප්‍රතිශතයට වඩා ඉහළ අගයක් ගන්නවා. පිළිකා රෝගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය මුහුණ දෙන්නා වූ ප්‍රමුඛතම ගැටළුවක් වන අතර රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර, සාත්තු සේවා සහ උපකාර සේවා පද්ධතියක් තිබිය යුතු අතර මේ සියළු දේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමය කරන්නා වූ සේවය අප අවංකව අගය කරනවා.”
ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස අපගේ ප්රයත්නය වන්නේ මෙරට ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලබා ගැනීමට සහාය වීමයි. එබැවින් පිළිකාවෙන් කායිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්ව සිටින රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමය ගෙනයන මෙම ක්‍රියාන්විතයට යම් ලෙසකින් හෝ දායක වීමට ලැබීම ඉහත සඳහන් වන සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් යන අපගේ සන්නාම ප්‍රතිඥාවට වඩාත් හොඳ අරුතක් ගෙන එන බව මා සිතනවා.” යනුවෙනුයි.
ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනිය වන ප්‍රෙමිලා පෙරේරා මහත්මිය, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව ස්තුති කරමින් “ AIA ඉන්ෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් ඇති සහයෝගීතාවය තවදුරටත් ක්‍රියාත්මක කර ඇති අතර මෙමගින් ඔවුන් අපගේ සංගමයේ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා මූල්‍යමය වශයෙන් දායක වනවා. 2019 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් වෙතින් අපට ලැබුනා වූ මූල්‍යාධාර, අපගේ සංගමය යටතේ ක්‍රියාත්මක වන ඇදන් 32කින් සමන්විත සාත්තු සේවා ස්ථානයක් වන “ශාන්ත සෙවන” ගිලන් ශාලාව මෙන්ම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබන්නා වූ අසරණ රෝගීන් සඳහා සාත්තු සේවා මෙන්ම නවාතැන් පහසුකම් සපයන්නා වූ “බණ්ඩාරනායක අනුස්මරණ නිවාසයෙහි” මෙහෙයුම් කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා යොදවනු ලැබුවා. පිළිකාවෙන් පීඩාවට පත් මෙම අසරණ රෝගීන් සඳහා අවශ්‍ය සාත්තු සේවා මෙන්ම ඔවුනට අවශ්‍ය කායික මෙන්ම මානසික සහාය උපරීම අයුරින් සැපයීම සහතික කිරීමට අපට පිටස්තර ආධාර අවශ්‍ය වෙන අතර ඒ සඳහා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අපගේ සහයට මෙලෙස ඉදිරිපත් වීම අප සංගමයට ඉමහත් පිටුවහලක් වෙනවා.” යැයි පැවසුවාය.