ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 01/06/2020
AIA හි නව සමූහ ප්‍රධාන නිලධාරී මෙන්ම සභාපති ලෙස 2020 ජූනි මස 1 වනදා සිට ලී යුඅන් සියෝන්ග් මහතා AIA සමූහයේ අධ්යක්ෂ මණ්ඩලයේ වැඩ භාර ගන්නා ලදී. මීට පෙර එම තනතුර හොබවන ලද්දේ නංග් කෙන් හුයි මහතා විසින් වන අතර ඔහු සමාගමේ විධායක තනතුරෙන් විශ්‍රාම යන ලදී. AIA සමූහයට සම්බන්ධ වීමට පෙර ලී මහතා චීනයේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන පින්ග් ඇන් ඉන්ෂුවරන්ස් සමූහයෙහි (Ping An Insurance (Group) Company of China, Ltd.) විධායක අධ්‍යක්ෂක, සම-ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ප්‍රධාන රක්ෂණ ව්‍යාපාර නිලධාරී යන සියළු තනතුරු හොබවන ලදී. පින්ග් ඇන් සමාගමට සම්බන්ධ වීමට ප්‍රථම ඔහු එක්සත් රාජධානියේ පෘඩේන්ෂල් පී.එල්.සී. රක්ෂණ සමාගමේ ජේෂ්ඨ නායකත්ව තනතුරු දරා ඇත. ඔහු, ඔහුගේ වෘත්තීය දිවිය ආරම්භ කර ඇත්තේ සිංගප්පූරු මූල්‍ය අධිකාරියේය.
AIA සමූහයේ ස්වාධීන විධායක නොවන සභාපති එඩ්මන්ඩ් ට්සේ මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ “යුඅන් සියෝන්ග් මහතා, ආසියානු කලාපයේ රක්ෂණ වෙළඳපොල තුල ක්‍රියාත්මක වෙමින් ලබා ඇති අත්දැකීම් සහ නිපුණත්වය සමගින්, AIA හි මෙම ඓතිහාසික මොහොතේ කෙන් හුයි මහතාට පසු මෙම තනතුර හෙබවීම සඳහා වඩාත් සුදුසු පුද්ගලයා ඔහු බව මගේ අදහසයි. ආසියානු රක්ෂණ ක්ෂේත්රය පිලිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් සපිරි මෙම නායකත්වය ඔස්සේ AIA සමූහය, නුදුරු අනාගතයේ දී විශිෂ්ට ප්රතිලාභ අත්කරගනු ඇති බව මා කියන්නේ හදපිරි සතුටින්” ලී යුඅන් සියෝන්ග් මහතා කියා සිටියේ “ආසියානු පැසිෆික් කලාපයේ විශිෂ්ටතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වීම පිළිබඳව මට ඇත්තේ අභිමානවත් හැගීමක්. වසර 100ක සාඩම්බර ඉතිහාසය තුල මෙම සමාගම බොහෝ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. මම මගේ සමාගමේ සියළු දෙනා සමගින් දිගු කාලීන මෙන්ම තිරසාර වර්ධනයක් කරා AIA සමූහය තව දුරටත් රැගෙන යාමට නායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .