ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 23/04/2019
AIA රක්ෂණ සමාගම, ශ්‍රී ලාංකීය සමාජය වෙත සිය කැපවීම විදහා දක්වමින් නොබෝදා උඩුවෙල, වතුලියද්ද ප්‍රාථමික පාසලට නවතම ගොඩනැගිල්ලක් ඉදිකර පරිත්‍යාග කරන ලදී. මෙය අඩු වරප්‍රසාද සහිත දරුවන්ගේ ජීවිත නගා සිටුවීමේ AIA හි අපගේ ප්රයත්නය වන ‘Lend a Hand’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද පස්වන පාසල් ව්‍යාපෘතියයි.
එක වසර සිට 5 වසර දක්වා පන්ති සහිත ගුරුවරුන් 15 කින් සහ සිසු සිසුවියන් 248 කින් සමන්විත මෙම පාසල, ඉඩ පහසුකම් මද, පැරණි ශාලාවක ඉතාමත් අපහසුවෙන් පවත්වාගෙන යන ලදී. වෙන වෙනම පන්ති කාමර නොමැති බැවින් සියලූම ශ්‍රේණි වල දරුවන් එම එකම ශාලාවේ අධ්‍යාපන කටයුතු කරගෙන යන ලදී. AIA ඉදිකර දෙන ලද නව ගොඩනැගිල්ල වෙනම පන්ති කාමර 4කින් සමන්විත වන අතර දරුවන්ට සිය පාසල් කටයුතු කරගෙන යාමට ඉතාමත් හොඳ පරිසරයක් මෙමගින් ලැබී ඇත. මෙම ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාවට AIA රක්ෂණ සමාගමේ සහකාර ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, මානව සම්පත් අධ්යක්ෂ තුෂාරි පෙරේරා සහ ජේෂ්ට සහකාර සාමාන්‍යාධිකාරී නුවර ශාඛාව, සේනක රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
“මෙම දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සතුටෙන් කරගෙන යාමට සුදුසු පරිසරයක් නිර්මාණය කරදීමට හැකිවීම අපට මහත් අභිමානයක්. අප විශ්වාස කරන්නේ හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපගේ අනාගත පරපුර බලාත්මක කිරීමට හොඳම ක්‍රියා මාර්ගය බවයි.” යැයි උපුල් විජේසිංහ ප්‍රකාශ කර සිටියේය.
තුෂාරි පෙරේරා අදහස් දක්වමින් කියා සිටියේ “AIA’s ‘lend a hand’ වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ සමාජය වෙත අපගෙන් වියයුතු යුතුකම් ඉටු කිරීමේ අදහසිනුයි. අපගේ සමාජ සත්කාරක වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කල 5ස් වන පාසල් ව්‍යාපෘතිය මෙය වන අතර මෙම කර්තව්‍ය ඉදිරි අනාගතයේදීත් නොකඩවා ක්‍රියාත්මක කිරීම අපගේ අපේක්ෂාවයි.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .