ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
අපි සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගම වෙමු. දශක 3 කට ආසන්න කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්හට අප සේවය සලසා ඇත.
සැබෑ ජීවිතය හඳුනන ඔබේ රක්ෂණ සමාගමඅපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA පාරිභෝගික පෝටලය
අපගේ පොර්ටල වෙත පිවිසෙන්න
AIA ඊඉන්ෂුරන්ස් පෝටලය
{{title}}
{{label}}Colombo, 18/06/2019
AIA හි සුවිශේෂී සේවාලාභීන් ඇගයීමේ වැඩසටහන වන AIA Real Rewards අඛණ්ඩව 5වන වරටත් පවත්වන ලදී. මෙසේ 2019 පළමු කාර්තුව තුළ පැවති, විශේෂ දිනුම් ඇදීමකින් වාසනාවන්ත ජයග්‍රාහීන් පහළොස් දෙනෙකු හට විදේශ සංචාර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙමගින් හිමිවිය. 2014 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන AIA විසින් තම සේවාලාභීන් හට සලසන අසමසම සේවාලාභී අත්දැකීම් සම්භාරයේ ඇතුලත් තවත් එක් ආකර්ෂණීය ප්‍රතිලාභයක් වේ.
මෙමගින් සෑම කාර්තුවකම වාසනාවන්ත ජයග්‍රාහකයන් පහළොස් දෙනෙකුහට, දෙදෙනෙකු සඳහා සහභාගී වීමේ අවස්ථාව සමාගම විසින් හිමි කර දෙන ලදී. රක්ෂණ ක්ෂේත්‍රය තුළ Real Rewards සුවිශේෂී වන්නේ ජයග්‍රාහකයන්හට සිංගප්පූරුව, මැලේසියාව හෝ බැංකොක් යන ගමනාන්ත අතරින් ඕනෑම රටක් වෙත සංචාරය කිරීමට අවස්ථාව සලසා දීමයි.
AIA හි මෙහෙයුම් අධ්‍යක්ෂ කැළුම් සේනානායක, සේවාලාභීන් පිළිබඳ AIA සමාගමට ඇති අඛණ්ඩ කැපවීම සම්බන්දයෙන් පැවසුවේ "සේවාලාභීන්හට අනර්ඝ සේවාවක් සැපයීම අප සමාගමේ ඉහළ ප්‍රමුඛතාවයක්. ඒ නිසාම අපගේ සේවාලාභින් හට AIA Real Rewards වැඩසටහන අප විසින් හඳුන්වා දෙනු ලබුවා. එපමණක් නොව ඉදිරියටත් අපගේ සේවාලාභීන් තෘප්තිමත් කිරීමටත්, අප සමග ඔවුන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමටත් නවතම සේවාවන් සහ පහසුකම් හඳුන්වා දීමට අප අඛණ්ඩව ඇප කැපවී සිටිනවා”.
Real Rewards වැඩසටහන පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් "මෙම වැඩසටහන තුළින් ජයග්‍රහණය කිරීම ඉතාමත් පහසුයි. ඔබ AIA හි සේවා ලාභියෙක් නම්, වාරික නියමිත වේලාවට ගෙවමින් ඔබට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවන් වැඩිකර ගත හැකි ක්‍රම කිහිපයක් ඇත. උපරිම අවස්ථාවන් සලසා ගැනීමට නම්, ඔබේ වාරික ස්ථාවර නියෝගයක් තුළින් හෝ වාර්ෂිකව ගෙවීමට තීරණය කළ හැක. එසේත් නැත්නම් වාරික අර්ධ වාර්ෂිකව හෝ ත්‍රෛමාසිකව ගෙවීම මගින්ද ඔබට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවන් උදා කරගත හැක.
එබැවින් ඔබත් AIA රක්ෂණ සමාගමේ සේවාලාභියකු නම් මෙම වසරේ වාසනාවන්ත ජයග්‍රාහකයෙකු වීමට ඔබට අවස්ථාව ඇත! මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට AIA සේවාලාභී සේවා මධ්‍යස්ථානය දුරකථන අංක 0112 310310 ඔස්සේ අමතන්න.
This website uses cookies for the purpose of enhancing your user experience. You can find more information on the types of cookies we collect, what we use these for, and how to manage your cookie settings in our Cookie Policy and Privacy Statement .